spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බේකරි නිෂ්පාදන වල මිළ තීරණය කිරිමේ අයිතිය මුදලාලිට !

Must read

ඉන්ධන මිල ගෑස්මිල ඉහළයාම හා ආර්ථික ගැටලු මත පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පාලන මිලක් යටතේ තවදුරටත් පවත්වා යාමට නොහැකි බව බේකරි හිමියන්ගේ සංගමය අද (21)දන්වා ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
ඒ අනුව පාලන මිල අතහැර දැමීමට අද (21) මධ්‍යම රාත්‍රියේ සිට  තීරණය කර තිබේ.
බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ නව තීරණය අනුව තම තමන්ගේ ව්‍යාපාරික හැකියාව මත බේකරි හිමියන් අදාළ නිෂ්පාදන වල මිල ගණන් නියම කරනු ඇති බවත් ඇතැම් තැනක අඩුවටත් තවත් තැනක වැඩියටත් එකම නිෂ්පාදනය මින් ඉදිරියට අලෙවි කරනු ඇති බවත්ය.
මේ අනුව පාරිභෝගික රුචිය හා මිලට ගැනීමේ හැකියාව අනුව ඉදිරියට බේකරි නිෂ්පාදන අලෙවි වනු ඇත.

බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ඉහළ යාම මත මෙම තීරණය ගත් බව සංගමය  දන්වා ඇත.
කෙසේ වෙතත් ‘පාන් ‘ වැනි පොදුවේ ජනජීවිතය පවත්වා යාමට බලපාන ආහාර නිෂ්පාදනයක් රජයේ අනුදැනුම නැතිව විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීම නීතියට අනුකූලදැයි ගැටලු මතුවේ.
මේ සම්බන්ධයෙන් තවම වෙළෙඳ ඇමති බන්දුල කිසිවක් පවසා නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article