spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

භුමිතෙල් මිළට සහනයක් නෑ ! බෙදාහැරිම විධිමත් කිරිමට පමණක් වැඩපිළිවෙලක් !

Must read

භුමිතෙල් මිළ ඉහල යාම හේතුකොට ගෙන දැවැන්ත අර්බුදයක් ධිවර කර්මාන්තය තුල මතුව තිබේ.ඉහල දැමු මිළට යම් සහනයක් ඉල්ලා ධිවරයන් දිගින් දිගටම විරෝධතා දැක්වුවද සිදුව තිබුනේ  ප්‍රෙට්ට්‍රල් සහ ඩිසල් මිළ පහල ගියද භුමිතෙල් මිළ කිසිදු අවස්ථාවක පහල නොයාමය.

තතු මෙසේව තිබියදි ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන ඇති බව රජය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙන බවය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබාදී තිබූ බවත් නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණක් බවත් ය.

මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ ඇති නමුත්, ධීවර ප්‍රඡාවට භුමිතෙල් සැපයීම නිසි ලෙස සිදු කර නැති අතර එමගින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකිවී ඇති බවද පෙන්වා දෙයි.

එබැවින් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබිය යුතු ප්‍රදේශ තීරණය කිරීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබාදී තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පළාත් ධීවර අමාත්‍යාංශ සහ පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන්, ධීවර දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව හා එක්ව ධීවරයින්ට අවශ්‍ය භුමිතෙල් අනුමත සීමාවන් තුළ සැපයීම සඳහා වන වගකීම ලබාදී තිබෙන බවත්, ඒ සඳහා පෞද්ගලික, සමූපකාර හෝ වෙනත් බලයලත් ඉන්ධන පිරවුම්හල් මගින් හෝ නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් වෙත අඛණ්ඩව භුමිතෙල් සැපයීම සිදු කරන ලෙසත් එම ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් ධිවර සංවිධාන මෙන්ම ධිවර ප්‍රජාවද කියා සිටින්නේ ඉන්ධන සදහා ධිවර ක්ෂේත්‍රයට සහනයක් නොදෙන්නේ කර්මාන්තය බිද වැටිම අනිවාර්යය බවය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article