spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘හියෝ සුන්ග්’ ආයතනයට එන සත්ව පොහොර කන්ටේනර් ප්‍රෙද්ශවාසීන් හරවා යවයි

Must read



දළුවකොටුවේ පිහිටා ඇති ‘හියෝ සුන්ග්’ පොහොර නිපදවන ආයතනය ප්‍රෙද්ශයේ ජනතාවගේ විරෝධය නොතකා පොහොර නිපදවීමේ කාර්්‍යය දිගටම සිදුකරගෙන යන අතර  මෙම ආයතනයට එරෙහිව 2021 වසරේදී මීගමුව අධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ. පසුගිය 18 වනදා ප්‍රෙද්ශයේ ජනතාව’ හියෝ සුන්ග්’ ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුයේ පවතින දුර්ඝන්ධය ඉවසිය නොහැකි බව පවසමිනි. එම අවස්ථාවේදී කොච්චිකඩේ පොලීසිය  එම ස්ථානයට පැමිණි අතර ආයතනය පරීක්ෂා කිරීම සදහා ආයතනයට ඇතුල් වන ලදී. මෙම අවස්ථාවට උද්ඝෝණයේ යෙදී සිටි පිරිසෙන් දෙදෙනෛකුද කැදවා ගත් අතර පරීක්ෂාවෙන් පසු පොලිස් නිලධාරීන් පැවසූවේ අද සිට පොහොර නිෂ්පාදනය කරන කොටසේ වැඩ නැවැත්වු බවයි. පසුව ඔවුන් පැවසුවේ 20 වනදා (ඊයේ ) අධිකරණයට මෙම තත්ත්වය වාර්තා කර මෝසමක් මගින් නඩුව කැදවා යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. ප්‍රෙද්ශවාසීන් 18 වනදා සිට මෙම ආයතනයට රැගෙන එන සත්ව කොටස් අපද්‍රව්‍ය රැගත් කන්ටේනර් හ ලොරි රථ වලට ඇතුල් වීමට නොදී ආයතනය ඉදිරිපිට වාඩිලා සිටියි. ඊයේ හවස කොච්චිකඩේ පොලීසිය පැමිණ මෙම ස්ථානයේ විරෝධතා පවත්වන පිරිස් අත්අඩංගුවට ගැනිමට පැමිණ ඇති අතර එය සාර්ථක වී නොමැත. ජනතාව පවසන්නේ ආයතනයේ පාලනාධීකාරිය ආයතනයෙන් එළියට පැමිණෙන විට ඇයට ආරක්ෂාව සැපයීමට පොලීසිය පැමිණෙන බවයි. විරෝධතා මධ්‍යෙය් ආයතනයට ඇතුළුවීමට නොහැකි නිසා මෙම ආයතනයේ ප්‍රධාන නිලධාරිණිය නිතරම පොලීසියේ ආරක්ෂාව ඇතුව ආයතනයට ඇතුලු වන බවයි.
ඊයේ (21) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැදවු අතර ජනතාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය  විසින්  හියෝ සුන්ග් ආයතනයෙන් පිටවන මෙම දුර්ගන්ධය නිසා ප්‍රෙද්ශවාසීන්ට අත්විදින්නට සිදුවි ඇති හිරිහැරය සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කළාය.   පරිසර වාරතාවක් ලබාදෙන  ලෙස අධිකරණය විසින් මීට  පෙර නඩු වාර වලදී  නියෝග කර ඇතත් මේ වනතෙක් පරිසර වාර්තාවක් හියෝ සුන්ග් පාලනාදිකාරිය විසින් ඉදිරිපත් කර නොමැත. ඉයේ අධිකරණය ඉදිරියේ දී කොච්චිකඩේ  පොලිසිය විසින් ජනතාවට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් කිසිදු වචනයක් ඉදිරිපත් නොකළ අතර , නැවතත් නඩුව දෙසැම්බර් මාසයට කල් තබා ඇත. ඊයේ අධිකරණ්‍ය වෙත ගිය ප්‍රෙද්ශවාසීන් පනස් දෙනෙකු පමණ බලාපොරොත්තු සුන්ව සිය නිවෙස් වලට ගිය අතර , නැවතත් ආයතනය ඉදිරිපිටට ගොස් විරෝධතා පවත්වන බව ඔවුන් පවසන ලදි. ප්‍රෙද්ශවාසීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් නඩුවක් පවතින බැවින්  තීරණයක් ලබාදෙන තෙක් මෙම පොහොර නිශ්පාදනය නවත්වන ලෙසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article