spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මගේ නායකත්වය තුල කාන්තාවට දිය යුතු තැන දෙනවා- කාන්තා දිනයේදි රොයිස් විජිත කියයි

Must read

එකසත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ කාන්තා සමිති පිහිටුවීමේ රැස්වීමක් ඊයේ දින මිගමු ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතාගේ ප්‍රධානත්වයෙන් කඩොල්කැලේ ප්‍රදේශයේ පැවැත්විණි.මේ සඳහා එම ප්‍රදේශයේ කාන්තාවන් 200ක පමණ ප්‍රමානයක් සහාභාගි වී සිටිහ.පළාත් සභ මන්ත්‍රීතුමා විසින් කියා සිටියේ ඉදිරියේදි කිසිම දිනකදි කාන්තාවන් දේශපාලඥයින්ගේ පස්සේන් එන සංස්කෘතිය නවත්වන බවයි.
“පසුගිය කාලයේ නිමල් ලාන්සාලා පිලෙන්ද්‍රන් ලන්සාලා දයාන් ලන්සාලා කාන්තා සමිති හදලා ඒ සමිති හරහා ගව පට්ටියක් පාලනය කරගන්නවා වගේ මේ කාන්තා සංවිධාන තරකරගත්තා.අහිංසක කම නැති බැරි කම මේ දේශපාලඥයෝ පාලනය කලා මෙ අයගේ ගමන් මග කපට් කරගන්න.මේ නායක්ත්වය තුල කාන්තාවට දිය යුතු තැන දීලා ඒ මාතෘත්වය මම රැකගන්නවා..” රොයිස් විජිත මන්ත්‍රීවරයා විසින් පවසන ලදි.
IMG_9067-1

IMG_9076-3IMG_9081-4(1)


ඡායාරෑප – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article