spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මඩු පල්ලි ගිහින් එන ගමන් බල්ලෙකුවත් හොරාගෙන ගෙදර ඇවිත්

Must read

බලු සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු  වරද පිලිගත් අඹු සැමි යුවලකට රුපියල් දස දහසක් බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ඉකුත් 18 වන දින මිගමුව අතිරේක මහෙස්ත්‍රාත් ආර්. ජි. එන්. කේ. රන්කෝත්ගේ මහත්මිය නියෝග කලේය.
මෙලෙස ඇප මත මුදා හැරුනේ නො 86/ඒ-1 කිරිපටිටිය පාර, ඉහල බෝමිරිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලකටය
රුපියල් හතලිස් පන්දහසක් වටිනා ටෙරිය වර්ගයට අයත් සුනඛයෙකු පසු ගිය 13 දින මිගමුව කොචිචකෙඩි ප්‍රදේශයේ හලාවත කොළඔ ප්‍රධාන මාර්ගයයේ සිටියදී මඩු පල්ලි ගොස් ති්‍රරෝද රථයකින් එමින් සිටි අඹු සැමි යුවලක් විසින් එම ත්‍රීරෝද රථයේ දමාගෙන යනු දූටු අසල් වැසි පුද්ගලයෙකු ඔය බල්ලා අපි දන්න හදූනන පුද්ගලයෙකුට අයත් බවත් බල්ලාව රැගෙන නොයන ලෙස එම යුවලට දැනුම් දී ඇතත් එය පිලිනොගෙන සුනඛයා බලෙන් ති්‍රරෝද රථයේ දමාගෙන පලා ගිය බවටත් සුනඛයාගේ අයිති කරුවන් කොචිචකෙඩි පොලිසියට පැමිණිළි කිරිමෙන් පසු සුනකයා දමාගෙන ගිය ති්‍රරෝද රථයේ අංකය ඹස්සේ පරික්ෂණ මෙහෙයවා රැගෙන ගිය අඹු සැමි යුවල හා ති්‍රරෝද රථය කොචිචකෙඩි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන 18 දින මිගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු විමර්ශණ කටයුතු අවසන්වන තෙක් ති්‍රරෝද රථය අධිකරණ භාරයේ තබාගෙන අඹ සැමි යුවල ඇප මත මුදාරින ලෙස මිගමුව අතිරේක මහෙස්ත්‍රාත් වරිය නියෝග කලේය.3b9a1b20-f576-4358-9282-016e69d66469_image
කොචිචකෙඩි පොලිසියේ පොලිස් සැරයන් 45557 ජයන්ත විරසිංහ නිළධාරිවරයා සැක කරුවන් අත් අඩංගුවට ගෙන පරික්ෂණ කටයුතු මෙහෙයවා සැකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.


ප්‍රියප්‍රේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article