spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට STF ආරක්ෂාව …?

Must read

ssssssssssssssssssssssපොලිස් විශේෂ කාර්ය බලකායේ ඇතැම් නිලධාරීන්, ජාවාරම්කරුවන්ට මුදලට ආරක්ෂාව ලබාදී ඇති බවට අනාවරණ වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද (21) අධිකරණයට දැනුම් දි ඇති බව නිව්ස් වයර් වෙබ් අඩවිය සදහන් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා ඉදිරියේදී  අධිකරණයට ඉදිරිපත් කරන බවද එහි සඳහන්ය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා පිළිබඳ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් ඊයේ දිනයේ  අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාවිත කර ඇති සැටලයිට් දුරකථන 3 ක් සඳහා ඩුබායි සහ සිංගප්පුරුවෙන් බිල්පත් ගෙවා ඇති බවය.

එම දුරකථන සඳහා බිල් ගෙවිම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇති අතර ආසන්න වශයෙන් විනාඩියකට රුපියල් 600 ක මුදලක් දුරකථන ඇමතුම් සඳහා වැයවන බව සඳහන් වේ.

එමෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත බෝට්ටුකරුවන් යොදාගනිමින් සිදුකළ මෙම ජාවාරම 2013 වසරේ සිට සිදුකරගෙන ගියත් 2017 සිට එය සක්‍රීයව සිදුව තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට පැවසුවේ, නාවික හමුදාව විසින් කිලෝ ග්‍රෑම් 279 ක් සමග ඉරාන ජාතිකයින් පිරිසක් සමග ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය සමග පොලිස් නාශක කාර්යාංශයේදී මිශ්‍රකර ඇති බවයි.

එහිදි ඇතැම් මත්ද්‍රව්‍ය පොලිස් නාශක කාර්යාංශය තුළදී පැකට් කර නැවත ජාවාරම්කරුවන්ට අළෙවි කර මුදල් උපයා ඇති බව සඳහන් කළේ.

මේ ජාවාරමේ මූල්‍ය කටයුතු සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා සතුව තිබි ලක්ෂ 320 කට ආසන්න මුදලක් සොයාගෙන ඇති බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, මෙම නඩුවට මාධ්‍ය සක්‍රීය දායකත්වය ලබා නොදුන්නේ නම් මේ වන විටත් විමර්ශන ඇල්මැරුණු ස්වභාවයකින් පවතින බවයි.

අදාළ සැකකාර නිලධාරීන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළත් පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය පරීක්ෂණ සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවේ, දැනට සිදුකර ඇති පරීක්ෂණ වලදී එම නිලධාරීන් සතුව තිබි රුපියල් මිලියන 105 ක් වාහන 14 ක් සහ රන් කිලෝග්‍රෑම් 20ක් සොයාගත් බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දහතුන් දෙනා තවදුරටත් අගෝස්තු මස 4 වනද දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියම කරනු ලැබ තිබේ.
මුලාශ්‍රය – newswire.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article