spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය ලොක්කෙක් ව්‍යාපෘති කම්කරුවන්ව මැතිවරණ වැඩවලට යොදවන බවට චෝදනා ?

Must read

currution-newමීගමුව මහනගර සභාව මේ දිනවල ක්‍රියාත්මක වන්නේ එහි බදු ගෙවන ජනයාගේ උවමනා එපාකම් සපුරාලනවාට වඩා නගරාධිපති වරයාගේ සහෝදරයාගේ මැතිවරණ මනාප තරගය වෙනුවෙනි.

මේ වෙනුවෙන් පසුගිය කාලය තුල මිගමුව මහනගර සභාවේ ව්‍යාපෘතිකම්රුවන් යැයි කියා බඳවා ගෙන තිබුණ තරුණියන් 10 දෙනෙකු පමණ දිනපතාම මිගමු මහනගර සභාවට පැමිණ එහිදි සේවා වාර්ථා කිරිමේ සටහන තබා පසුව මිගමුව වැල්ලවිදියේ පිහිටි නිමල් ලංසාගේ මැතිවරණ කාර්යාලය  යාම සමාන්‍ය දෙයක් වි තිබේ.එදින සවස මේ අය යළිත් මහනගර සභාවට පැමිණ සේවය නිමකිරිමේ සටහන් තබා නිවෙස් වලට යති.,
මේ වෙනුවෙන් දිනපතා වාහනයක්ද යොදවා ඇතැයි සැලය.

මේයට අමතර පසුගිය කාලය තුල බදවා ගෙන තිබුන ව්‍යාපෘති කම්කරුවන් 100 ගණනින් මේ දිනවල මැතිවරණ වැඩවලට යොදවා ඇති බවත් එය සෞඛ්‍ය අංශයේ ලොක්කෙකුගේ මෙහෙයවිමෙන් සිදුකරගෙන යන බවටත් බරපතල චෝදනාවක් එල්ලවි තිබේ.
ගිය සෙනසුරාදා දිනයේද මෙසේ කම්කරුවන් සිය ගණනක් පඩි සහිතව නිමල් ලංසාගේ මැතිවරණ වැඩවලට යොදවා ගෙන ඇතැයි මිපුර අමතා කථා කළ විපක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.

මෙසේ පඩි සහිතව කමකරුවන් මැතිවරණ ප්‍රචාරක වැඩවලට යෙදවිම සම්බන්ධිකරණය කරනු ලබන්නේ මිගමුව මහනගර සභාව තුල වසර ගණනාවක් තිස්සේ මහජන සෞඛ්‍ය පරික්ෂකයෙකු ලෙසින් කටයුතු කරගෙන යන ලොක්කෙකු බවද වැඩිදුරටත් ඒ මන්ත්‍රිවරයා සදහන් කර සිටියේය.
මේ අතර ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ මැතිවරණ නිරික්ෂකයන් පවා මේ තත්වයන් එරෙහිව සිය වගකිම් නිසි ලෙසින් ඉටුනොකරන බවටද චෝදනා කළ යුතුබවය.
මේ දක්වා සිදුකරගෙන යමින් සිටින මැතිවරණ දුෂණ වලක්වාගැනිමට මේ අයට නිසි අයුරින් මැදිහත්විම් සිදුකර නැති බවද කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article