spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මම ඇයි ගොළු හදවතට කැමති …..

Must read

ගොළු හදවත 1“ගොලු හදවත” මගේ ප්‍රියතම නවකතාවයි.
කරුණාසේන ජයලත් මම වැඩියෙන්ම කැමති නවකතා කරුවාය.
මම ඔහු ලියූ සියලුම නවකතා කියවා ඇති අතර ඔහුගේ “ලස්සන ඇස්” කතාවටද බෙහෙවින්ම ඇලුම් කරමි.
ඔහුගේ ;”එක් මානවිකාවක්” කතාව කාන්තාවන් දෙස වෙනත් ආකාරයකින් බලන්නට දැරූ උත්සාහයක් ලෙස මම දකිමි.
කරුණාසේන ජයලත් තරම් අපූරුවට තමාගේ කතාවට ලඝු කර ගන්නා චරිතවල අභ්‍යන්තරය සහ අධ්‍යාත්මය වචනවලින් කියවන්නාට වටහා ගතහැක ලෙස විස්තර කලහැකි වෙනත් නවකතා කරුවෙක් නැති බව මම කියමි. තමා විස්වාස කල වාමාංශික දේශපාලනය තම නවකතා තුලින් කතා කරන්නට ඔහු උත්සාහ නොකලත් ඒ දේශපාලනය ඔහුගේ නවකතාවල අතරීන් පතරින් සියුම්ව මතුවූ බව නම් කිව යුතුය.
අරුණ ශාන්ත නෝනිස්
24.02.2018
හග්ගල මල්වත්තේදී නුවරඑළිය

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article