spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

” මම උදව් කරන සුරතලුන් හැමෝම එක්ක පොඩි අතීත කතාවක් තියෙනවා”

Must read

හිමාලි ගුණසේකර මට හමුවූයේ මීගමුවේ ⁣ජ්‍යෙෂ්ඨ පශුවෛද්‍යවරයෙකු වන වෛද්‍ය රොහාන් පෙරේරාගේ සායනයේදීයි. ඇය සුනඛයින්ට ආදරේ කරන , එමෙන්ම රැකවරණය අවශ්‍ය, ප්‍රතිකාර අවශ්‍ය වීදි සුනඛයින්ටත් සිය කරුණාව දක්වන්නියකි. හිමාලි මහත්මියගේ සත්ව කරුණාව මෙන්ම ඔවුන් ඇසුරේදී ඇය ලබා ඇති දැනුම, අත්දැකීම හරහා සමාජයට දෙන්නට පණිවඩයක් ද ඇය සතුවෙයි.DSCF3871new2

ඔබ සත්තුන්ට ආදරේ කළේ පුංචි කාලේ ඉදන්මද ?

අපි පොඩි කාලේ හිටියේ බා්ලවලානේ. ගෙවල් ලඟ තිබුණා ලොකු ගුණු ගොඩාක්. එතන ඉදලා බලු පැටියෙක් හම්භ වුණා.එයාව ගෙනල්ලා නාවලා , කන්ඩ දීලා බලාගත්තා. ඒක තමා මම ඉස්සෙල්ලාම කළේ. ඒ කාලේ අපේ දෙමව්පියෝ අපිට ඒවා කරන්ඩ දුන්නා. ලොකු වෙද්දිත් අපේ ගෙදර අපි එක්ක බල්ලෝ , පුසෝ එහෙම හිටියා. ඒගොල්ලන්ව අපි කුඩු කරලා තිබ්බෙත් නෑ. අපි හතර දෙනා එක්කම එයාලත් හිටියා. ඒගොල්ලොත්  අපේ පවුලේ අය වගේ තමා, විශේෂයක් තිබුනෙත් නෑ. නමුත් එයාලා නැතිව මට පාලුයි. ඒ නිසා සත්තු ගැන ආදරයක් ,කරුණාවක් පුංචි කාලේ ඉදලම තිබුණා.

දැන් ඔබගේ නිවසේ ජීවත්වෙන සුනඛයන් මිළදී ගත් විශේෂ වර්ගයේ අය ද ?

නැ. ඒ හැමෝම සමහරු දාලා ගිය ඒ වගේම අපේ උදව් අවශ්‍ය වුණ අය. ඒ නිසා මම ආසා වුණත් මට එහෙම ⁣තව සුරතලෙක් අරන් හදන්ඩ විදිහක් නෑ ඒ හතර දෙනාම අවට තැන් තැන් වල දාලා ගිය අය තමයි.
අසල්වාසියෙක් ඉන්නවා එයා කොහෙන් හරි බලු පැටියෙක් ගෙනත්ලා එයාට හිංසා වෙන විදහට සලකනවා. ඒ කියන්නේ බඩගින්නේ තියෙනවා,තෙමෙන්ඩ හරිනවා අව්වේ තියෙනවා. ඒ  බලු පැටියා දුක්විඳිද්දි එයා ආසයි. ඉතින් මම අවස්ථා දෙකකදීම එහෙම කරපු පැටව් දෙන්නෙක්ව ගත්තා.
අරන් එක්කෙනෙන්ව හදාගත්තා.එක්කෙනෙක්ව Embark එකට දුන්නා. ආයෙත් ඒ මනුස්යම තව පැටියෙක් ගෙනල්ලා හය්යෙන් වහින වෙලාවක ⁣එලියෙන් මේසයක් තියලා තෙමෙන්ඩ ඇරලා තිබුනා. පැටියා කෑ ගහනවා. ඉතින් එයාවත් ගෙනාවේ දෙන්ඩ කියලා නමුත් එයාවත් මම හදාගත්තා. මමත් හරි ආසයි කලු සුදු පාට දෙකම කලවම් වුන බලු පැටියෙක් හදන්ඩ,නමුත් මට ඒකට ගෙදර වෙන ඉඩක් නෑ.  ඒ නිසා උදව් අවශ්‍ය බල්ලන්ට අවශ්‍ය උදව් කරනවා.

ඔඛේ දෛනික රාජකාරි සිදුවෙන්නේ කොහොමද ?

මම ගෙදර පන්ති කරනවා.ඉංග්‍රිසි උගන්වනවා. සවස 2 ඉදලා 6 වෙනකම්.
තව අවට ඉන්න බල්ලෝ කිහිපදෙනෙක්ට  කන්ඩත් දෙනවා. එක පටන් ගත්⁣තේ අපේ පාරේ හිටියා එක්කෙනෙක්. එයා කන්ඩ නැතිව කෙට්ටු වෙලා හිටියේ. එයාට කන්ඩ දුන්නා.එයාලව ආශ්‍රය කරද්දි හිතුණා කොච්චර පක්ෂපාතී ද කියලා. කෑම ටිකක් දුන්නාම හරි.  එයාලා හරියට ඒකට කළ ගුණ සලකනවා.එයා මැරුණා දැන් අවුරුදු 3ක⁣ට ඉස්සර වෙලා.
දැන් ඒ වගේ මම උදව්කරන සුරතලුන් කීප දෙනෙක් ඉන්නවා තැන් තැන් වල. ඒ හැමෝම එක්ක පොඩි අතිත කතාවක් තියෙනවා.

' සැලී'
‘ සැලී’

‘ සැලී’  දැන් එයාව මම දැනගෙන සැප්තැම්බර් වලට අවුරුදු දෙකයි. ඉස්සරවෙලා ම පටන් ගත්තේ මෙයාගෙන්. මෙයා ඉන්නේ මේ පාරේ කෙලවරේ. මෙයාගේ අයිතිකාරයෝ ගේ මාරුකරද්දි එයාව දාලා ගිහින්. ඉතින් මට ‘සැලී ‘ හම්භ වෙද්දි  පැටව් පස් හයපාරක් දාලා. අන්තිම පාර පැටව් 06 දෙනෙක් ලැබුණා.
මම ඒ හයදෙනාටම ගෙවල් හොයලා  දුන්නා.අන්තිම පැටියා අමිමා එක්කම හිටියා. දවසක් එයාව වාහනයක හැප්පිලා මැරුණා.IMG-20190913-WA0008
මෙයාව මට හම්භ වෙද්දි මෙයාට  සමාජ රෝගයක් ලෙස පැතිරෙන පිලිකාවක් (TVT) හැදිලා තිබුණා. ඒක පශ්චාත් භාගයේ ලේ යන පිලිකාවක්.⁣(Trans venereal tumors)
ඒ එක්කම බරවාත් තිබුනා. ඒ ලෙඩ දෙකම සනීප කරලා තමයි ඔපරේෂන් කළේ.
ඉට පස්සේ එයාට මේ හරියෙම ගෙයක් ලැබුණා. දැන් ඒ ගෙදර ඉන්නවා. මම දවසට තුන් පාරක් යනවා එයාව බලන්ඩ. එයාටත් මාව බලන්ඩ ඕනා. ඒ නිසා බලාගෙන ඉන්නවා එනකම්.

රණතුංග මෝටර්ස් එක ඉස්රහා ඉන්නවා දෙන්නෙක්. එතන ඉන්න එක්කෙනෙක් දැන් අවු⁣රුදු  4කට ඉස්සර වෙලා ඇක්සිඩනට් වෙලා. දැන් එයා පැන පැන යන්නේ.
මම එයාව දකිද්දී එයාට කටුවා කන රෝගය හැදිලා. කෙට්ටු වෙලා දුර්වල වෙලා හිටියේ.දෙන්නම ගෑණු සත්තු දෙන්නෙක් මට හම්භ වෙද්දිම එයාලට වඳ සැත්කම් කරලා. Dogs Star එකෙන් තමා ඔපරේෂන් කරලා තියෙන්නේ.

ටාරා
එයා හමුවෙලා අවුරුද්දක්.එයා හිටියේ ගල්කන්ද හන්දියේ අවට. එයාට පැටව් ඉදලා ත් තියෙනවා නමුත් පැටවුන්⁣ට මොනාහරි වෙලා. කවුIMG-20190913-WA0005රුත් බලලා නෑ.එයාටත් මම කන්ඩ දෙනවා. දැන් එයා ඉන්නේ දිසානායක රෝහලේ. ⁣ඩොක්ටර් සුරේෂ් දිසානායකත් එයාට ආදරෙයි. ඉන්ඩත් අවසර දීලා තියන්නේ. දැන් එයා ලස්සනට ඉන්නවා.IMG-20190913-WA0006

මෙයා වත් රේල් ගේට්ටුව පැත්තේ ඉදලා හම්භ වුනා. මට මෙයාව  හම්බවෙද්දි නැට්ටේ එක මයිලක්වත් තිබුනේ නැ.
එයාවටත් කටුවෝ කන ලෙඩේ හැදිලා හිටියේ හොඳටම.පස්සේ එම්බාර්ක් එකට සම්බන්ධ වෙලා වැඩකරන කාන්තාවක් ඉන්නවා ජොසලින් කියලා. එයාට කතාකළාම එයා ඇවිත් මෙයාව අල්ලගන්ඩ උදව් කළා.මොකද අපි අල්ලන විදිහට වඩා ඉක්මනට ජොසලින්ට බල්ලන්ව අල්ලන්ඩ IMG-20190913-WA0011පුලුවන්. මෙයාටත් මිනිස්සු ගහලා කරදර කරලා අපි ලඟට යද්දි දුවනවා. එයාලා කන්ඩ දීපු ගමන්ම ලනුව දාලා ඔලුවට අල්ල ගන්නවා.
අපි නම් කනකම් ඉන්නවනේ. පව් කියලා. එතකොට අල්ලන්ඩ අමාරුයි. එතකොට කාලා ඉවර වෙලා එයා යනවා. කන්ඩ ඔලුව නමද්දිම තමයි ජොසලින් බෙල්ලෙන් අල්ලලා කූඩුවට දාන්නේ. එයාගෙන් තමා මම ඒක ඉගෙන ගත්තේ. මෙයාව අරන් ගියා , ගම්පහ තියෙනවා පූසෝ බල්ලෝ බලාගන්න තැනක්.බෝඩිමක්. දැන් එයාට ලෙඩේ හොඳයි ⁣එයාලා එයාව බලාගන්නවා.

මීගමුවේ පාරේ ඉන්න බල්ලෝ ගැන වැඩ කිරීමෙන් ලබන අත්දැකීම්  මොනවද ?

එළියේ ඉන්න අයව වන්ධ්‍යානය කළා නම් ගොඩාක් ප්‍රශ්න විසදෙනවා. එතකොට  පැටව් බෝ වෙන්නෙත් නෑ. ගොඩාක් රෝග හැදෙන්නෙත් නැ.
වස නොවී ටිකක් තැන්පත් වෙනවා. පාරේ ඉන්න බල්ලන්ව වන්ධ්‍යානය කරන එක අපේ රජයෙන් කරන්නේ නැති නිසා තමයි විදේශ සංවිධාන වලින් ඇවිත් කරන්නේ.
මම වගේ කිසිම සංවිධාන පදනමකින් තොරව අතින් වියදම් කරගෙන උදව් කරන අය මීගමුවේ ගොඩාක් ඉන්නවා. ඒ වගේම මම උදව්කරන්ඩ තෝරගන්නේ විශේෂ  රෝග හැදිච්ච අනිත් අය කිට්ටු වෙන්ඩ බය සත්තුන්වයි. මොකද පාරේ ඉන්න බල්ලන්ට  කෑම දෙන්ඩ අය දැන් ගොඩාක් ඉන්නවා. නමුත් සමහරු එයාලට ලෙඩ තිබුනොත් ඒවට ප්‍රතිකාර කරන්නේ නැ. සමහර අයට සල්ලිත් නැනේ වියදම් කරන්ඩ.  අනික් කාරණය තමයි සමහර අය බයයි කිට්ටුවෙන්ඩ.
Dogs Star ඒක ආරම්භ කළේ බ්‍රිතාන්‍ය ජාතික යුවලක්.  එයාලා ලඟ 20ක විතර  ස්ටාෆ් එකක් ඉන්නවා.  ලොකු බස් එකක තමා ඔපරේෂන් කරන්නේ. වන්ධ්‍යානය (Sterilization)  කරන කෑම්ප් තියෙනවා. මීගමුවේ ඉන්න සුනඛයින් 75ක් විතර Dogs Star එකෙන්  වඳ සැත්කම් කරලා ඉන්නේ. ඒත්තුකාලේ එයාලගේ කාර්යාලයේ තියෙනවා එයාලා කරන වැඩ වල තොරතුරු. ඒ අය එක ප්‍රදේශයක  සියයට සීයක් වද  කරන්නේනැ. 85% කට ආවහම නවත්වනවා. නැත්නම් ලංකාවේ බල්ලෝ වඳවෙනවානේ. මේ දවස් වල Dogs Star එක වැඩ කරන්නේ ජා ඇල සහ කදාන ප්‍රදේශ වල. අපිත් සිංහ සමාජය හැටියට අවු⁣රුද්දකට සැරයක් සුනඛයින්  වන්ධ්‍යානය කරන වැඩසටහනක් Dogs Star එක්ක එකතු වෙලා  කරනවා.අපි මේ අවුරුද්දේ කලා කටානේ පැත්තේ.DSCF3861

ලංකාව සත්ව හිංසනය වැඩිපුර  සිදුවෙන රටක් නේද ?

ලංකාවේ වැඩියෙන්ම දුක්විඳින්නේ පාරේ ඉන්න බල්ලෝ නෙමෙයි. ගෙවල් වල ඉන්න අය. එයාලව හිර කරගෙන ඉන්නේ, චේන් දාලා, කූඩු වල දාලා නේ.
දැන් ලංකාවේ බල්ලෝ ඇති කරන්නේ වැඩි දෙනෙක් ආරක්ෂාවට. සුරතලුන් හැටියට නෙමේ. කුඩුවල දාලා වස කරගෙන හදද්දී මිනිස්සුත් නිකම්ම බල්ලන්ට බය වෙනවා. ඒ නිසා දිගටම හිර කරගෙන ඉන්ඩ බලනවා. ගෙදර ඇතිකරන සුනඛයෝ සම්බන්ධයෙන් වෙනස් වෙන්ඩ ඕන  දේ තමයි එහෙම හිරකරන් හදන එක. කොහොමත් සුනඛයා අපට ආරක්ෂාව දෙන එක දෙනවා. බැන්දත් නැතත්. ඒක මිනිස්සු තේරුම් ගන්නේ නෑ. ටික දෙනයි නිදහසේ ඉන්නේ.
ලංකාවේ  ගොඩාක් සුරතලුන්ගේ අයිතිකාරයෝ ඛෙහෙත් විදින්නේ ජලභීතිකාවට විතරයි. මොකද ඒක එයාලටත් බෝ වෙන්ඩ පුලුවන් නිසා.  දන්නවා ඩිස්ටෙම්පර්, පාවෝ වගේ රෝග වලට ඛෙහෙත් විදින්ඩ  ඕනා කියලා ,නමුත් වියදම් කරන්ඩ කැමති නෑ. ⁣සතාට හොඳටම ආදරේ අය තමා ඩිස්ටෙම්පර් ,වලටයි පාවෝ වලටයි බෙහෙත් විඳින්නේ.
ලංකාවේ පොදුවේ දකින්ඩ තියෙන දෙයක් තමයි ගොඩාක් අය බල්ලෙක්ව ගන්නේ ආරක්ෂාවට සහ පොඩි අයව සතුටු කරන්ඩ. ඊට පස්සේ ළමයි පොඩිකාලේ එයාලා එක්ක සෙල්ලම් කරලා ළමයි ලොකු වුණාට පස්සේ අරයව පැත්තකට දානවා.
කූඩුවක් ගෙනත් දානවා කූඩුවට. පවුලේ එක්කෙනෙක් හරි ඉන්ඩ ඕනා බල්ලන්ට ආදරේ කරන. ගොඩාක් අය විනෝදෙට ගන්නවා පෙඩිග්රි ( උසස් පෙළපතක් සහිත සුනඛයින් )  අයව නැත්නම් ළමයි සතුටු කරන්ඩ ගන්නවා. අරන් මාස 3ක් 4ක් යද්දි පැටව් ලොකුවෙනවා ඊට පස්සේ Guard Dogs  ලා වෙනවා. දවල්ට මුලු දවසෙම කුඩුවේ පොඩ්ඩක් අරිනවා,  වැසිකිලි යන්ඩවත් නිදහසක් නැ.

දවසක් හරිම දුක හිතෙන සිදුවීමක් වුණා. මීගමුව වෙරළට පවුලක් ඇවිත් හිටියා. එයාගේ පුතත් එක්ක,  එයාලා එක්ක බල්ලෙක් හිටියා,  ඒ දරුවා ඒ බල්ලව උස්සලා මුහුදට දැම්මා කීපසැරයක්ම.
අපි බලාගෙන හිටියා. අම්මයි තාතත්යි ත් දැක්කා ,   ඒත් නොදැක්වා වගේ ඉන්නවා.  අර දරුවට ඒක කරන්ඩ එපා කියලා කියන්නේ නෑ. පස්සේ ඊළග සැරේ දාන්ඩ යද්දී මගේ මහත්තයා  කිව්වා පුතා ඕක කරන්ඩ එපා කියලා පස්සේ ඒ දරුවා ඒක නැවැත්තුවා.

තමන්⁣ට ගෙදර ඇතිකරන්ඩ බල්ලෙක් ගන්ඩ ඕනා නම් ටිකක් හිතන්ඩ කියලා මම යෝජනා කරනවා. එකපාරටම ගන්නේ නැතිව. ගෙදර එක්කෙනෙක් හරි එයාට ආදරේ තියෙන්ඩ ඕනා. බල්ලෙක් ගන්නවා කියලා තීරණය කරලා තියෙනවා නම් තමන්ගේ ගෙදර තියෙන ඉඩ බලලා සුදුසු වර්ගයේ බල්ලෙක් ගන්ඩ ඕනා. අපිට වඩාත් සුදුසු ශ්‍රී ලාංකික බල්ලන්. අපි ඒ ගොල්ලන්ට ‘ වල් බල්ලෝ ‘ කියන එක වැරදියි. ඒ අය අපේ රටේ ශ්‍රී ලාංකික බල්ලෝ.  එයාලට අයිති ගෞරවය අපි දෙන්ඩ ඕනා. අර වගේ ගැලපෙන්නේ නැති නම් පටබදින්නේ නැතිව.

සත්ව වද හිංසාව වැලැක්වීමේ පනත අපේ පාර්ලිමේන්තුවේ තාම සම්මත කරගන්ඩ බැරි වෙලා තියෙනවා.
මේ පනත කලින් හිටිය රජය යටතේ තමයි යෝජනා කළේ.  ඒ පනත ක්‍රියාත්මක වුණොත් ඔය විදිහට ගෙවල් වල සත්තුන්ව හිරකරගෙන ඉන්ඩ බෑ, තහනම්.
ඒ වගේම සත්තුන්ව විකුණන තැන්වල කූඩු වල දාගෙන හිරකරන් තියාගන්ඩ බෑ.
ඒ පනත  තාමත් අපේ පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ගැන කැමැත්තක් නෑ. ඒකට විවිධ හේතු තියෙන්ඩත් පුලුවන්. දැනට ලංකාවේ වැඩකරන සුනඛයන් වෙනුවෙන් වැඩකරන ගොඩාක් සංවිධාන ඒක සම්මත කරගන්ඩ උත්සාහා  කරනවා.
මේ රජය එද්දිත් දුන්න පොරොන්දුවක් තමයි ඒ සත්ව හිංසාව වැලැක්වීම් පනත ගේන එක.
තව පණිවිඩයක් තමයි ළමයින්ට සෙල්ලමට සත්තු ගන්ඩ එපා කියන එක.එහෙම ගන්නවා නම් දෙමව්පියෝ දරුවන්ට ඉඩ දෙන්ඩ ඕනා බල්ලන්ගේ වැඩ කරන්ඩ.දෙමව්පියෝ ළමයින්ය බල්ලන්ව අල්ලන්ඩ දෙන්නෙත් නෑ,කන්ඩ දෙන්නෙත් නෑ නාවන්ඩ දෙන්නෙත් නෑ. ඒ නිසා අර බල්ලා එක්ක කිසිම බැඳීමක් ඇති වෙන්නෙත් නෑ. නමුත් බල්ලන්ව අතපත ගාලා හදන්න දෙනවා නම් සතා ගැන ආදරයක් ඇති වෙනවා.
අනිත් එක තමා සුරතලුන්ගෙන් ළමුන්⁣ට ලොකු ආදර්ශයක් දෙන්ඩ පුලුවන්.
සත්තුන්ව අරගෙන දුන්නට ළමයින්ට ඒගොල්ලෝ එක්ක ඉන්ඩ දෙන්නේ නෑ.ගොඩාක් වෙලාවට ඒ සුරතලාට වද හිංසා දෙමින් ගෙදර තියාගන්නවා. ඒක වැරදියි. ඒ නිසා සතෙක්ව සුරතලයට හදනවා නම් ඒ සතාව හරියට හදන්ඩ දරුවන්ට දෙමව්පියන් ඉඩ දෙන්ඩ ඕනා.ඒ වගේම නිවාඩුවකට ගෙදර අය කොහේ හරි යනවා නම් බල්ලන්ව ගෙදර දාලා වහලා යන්ඩ බෑ,එයාලව බලාගන්ඩ කවුරු හරි ඕනා. ඒ වගේ දේවල් ගැන හිතන්ඩ ඕනා බල්ලෙක් හදාගනඩ ඉස්සර වෙලා

කොච්චිකඩේ පැත්තෙනුත් අපිට සත්ව හිංසනය සම්බන්ධ සිදුවීම් ටිකක් දැනගන්ඩ ලැබුණා. බල්ලෙක්ව මන්නෙන් කපලා තිබුණා. ඒ වගේම පෙඩිග්රි⁣  වලිගය දැන් පශු වෛද්‍යවරුන් කපන්නේ නෑනේ. ඒ නිසා කට්ටියක් බල්ල්ලාගේ වලිගය ගෙදර කපලා, ඉට පස්සේ මිරිස් දාලා. ඒ වගේ ගොඩාක් සිද්ධි මම දකිනව⁣ කොච්චිකඩේ පැත්තේ.

සුනඛයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මීගමුවට කරන්ඩ තිඛෙන යෝජනා මොනවද ?
Pet පාර්ක් එකක්.
මීගමුව වගේ නාගරික ප්‍රදේශයක ගෙදර ඇති කරන බල්ලන්ව ඇවිදවන්ඩ තැනක් අවශ්‍යයි.
ඒක කවුරු හරි ඉඩමක් අරන් පිළිවෙලට කරනවා නම් ආදායමක් උපදවන්ඩත් පුලුවන් දෙයක්. මිනිස්සුත් එයි බල්ලන්ව අරන්. ලංකාවේ ගොඩාක්  පාර්ක් වල සුරතලුන්ව එක්කන් යන්ඩ අවසර නෑ.

Pet Caffe කැෆේ එකක්.
මට අත්දැකීමක් තියෙනවා දකුණු කොරියාවේ එහෙම Cat Cafe  එකක් ගැන. එතන අපිට ගිහින් ඉන්ඩ පුලුවන්. ඒකේ පූසෝ 15 විතර ඇති කරනවා. හීලා වෙච්ච පූසෝ ඇවිත් අපිත් එක්ක ඉන්නවා. ඒක විශේෂ අත්දැකීමක්. හැබැයි නීති රීති තියෙනවා.  අපිට එයාලව බලෙන් ලඟට ගන්ඩත් බෑ, එයාලම ලඟට ඇවිත් ඉන්නවා.
ඒ වගේ දේවල් වලින්  මුදල් උපයන්ඩත් පුලුවන්.
තව කාරණයක් තමයි මම බ⁣ලාපොරොත්තුවෙන් ඉන්නවා. වයසට ගිය,අන්ධ වෙච්ච,අනතුරු වෙච්ච බල්ලන්ට ඉන්ඩ තැනක් හදන එක. වයසට ගිය බල්ලන්ට අවසාන කාලේ  සැනසීමෙන් ඉන්න තැනක්. කොටුකරලා නෙමෙි නිදහසේ ඉන්න තැනක්. ඒක එයාලට ඉන්න නිවහනක් වගේ. එතන එයාලව රැකබලාගන්ඩ කෙනෙක්ව යොදවන්ඩ පුලුවන්.

හිමාලිගේ නිවසේ ඇතිකරන සුරතලුන්
හිමාලිගේ නිවසේ ඇතිකරන සුරතලුන්

IMG-20190913-WA0015

 

කුණු ගොඩක සිටියදී සොයාගත් පුංචි බලුපැටවෙක්. දැන් ඔහුට නිවසක් සොයා දී තිඛේ.
කුණු ගොඩක සිටියදී සොයාගත් පුංචි බලුපැටවෙක්. දැන් ඔහුට නිවසක් සොයා දී තිඛේ.

සටහන – කුමාරි ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article