spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රී ලාංකීය වෛද්‍ය අධ්‍යාපනයේ පුරෝගාමියා: මාහාචාර්ය සේනක බිබිලේ

Must read

බිබිලේ 1

බිබිලේ 2

බිබිලේ 3

 

චාල්ස් විලියම් බිබිලේ මහතාට ( බිබිලේ වලව්වේ රටේ මහත්මයා) හා සිල්වියා ඔගොස්ටා ජයවර්ධන මහත්මියට දාව ඌව වෙල්ලස්ස වංශාධිපති පවුලක දරුවන් හය දෙනෙකුගෙන් වැඩිමහල් දරුවා ලෙස 1920 වසරේ පෙබරවාරි 13 වනදා මෙලොව එළිය දුටු සේනක විලයම් බිබිලේ මහතා සිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය හැදෑරනු ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි.

ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ සේනක බිබිලේ මහතා අධ්‍යාපනයට මෙන්ම විශයභාහිර ක්‍රියාකාරකම් වලටද එකසේ දක්ෂයෙකු වූ අතර රග්බි ක්‍රීඩාව සදහා වර්ණ ලාභියෙකුද විය. දක්ෂ කැඩටේ නිලධාරයෙකු වූ ඔහු විද්‍යාලයේ නාට්‍ය,ගායන,නර්තන හා සංගීත අංශයන්ටද සිය දායකත්වය ලබා දී ඇත. එමෙන්ම විද්‍යාව හා ජීව විද්‍යා විශයන් සදහාද ත්‍යාග රාශියක් ඔහු සතු කර ගැනීමට ඔහු සමත් විය.

පාසල් අවධියේ සිටම නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කල සේනක බිබිලේගේ අධ්‍යාපන කටයුතු සදහා බාධා වීම ආරම්භ වන්නේ ඔහුගේ පියාගේ හදිසි අභාවය හේතුවෙනි. ඉන්පසු ආර්ථික ප්‍රශ්ණ හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔහුට ගැටළු ඇති විය. සේනක මුහුණ දෙන ආර්ථික ප්‍රශ්ණ ගැන දැනගත් ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබාදීමට තීරණය කලේය.

514fdaa9_33521_P_5_mr

පසුව ඉතාමත් සාර්ථක ලෙස සිට පාසල් අධ්‍යාපනය අවසන් කල සේනක බිබිලේ වෛද්‍ය පීඨයට තේරී පත්විය.  විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ කාලයේදීත් විවිධාකාරයේ ප්‍රශ්ණ  වලට මුහුණදුන් සේනක බිබිලේ සිය අධ්‍යාපන කටයුතු සදහා එය බාධාවක් කර ගත්තේ නැත. පළමු දෙවන හා තෙවන MB විභාගයන් පළමුපෙල ගෞරව සම්මාන සහිත සමත් වූ සේනක බිබිලේ සිය වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේදී වෛද්‍යවිද්‍යාව සදහා පිරිනැමෙන Djunjishaw Dadabhoy රන් පදක්කමද , ශල්‍යවෛද්‍ය විද්‍යාව සදහා පිරිනැමෙන Rockwood රන් පදක්කමද දිනාගැනීමට සහත් විය. ඒ අනුව ඔහු වසර 2945දී කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධිය එසේ අවසන් කලේය.

කොළඹ ජාතික රෝහලෙන් සිය සීමාවාසික පුහුණුව අවසන් කල වෛද්‍ය සේනක බිබිලේ මහතා බිංගිරිය,කුරුණෑගල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා( Medical Officer of Health – MOH) වශයෙන් පත්වීම ලැබීය. පසුව ඖෂධවේදය සදහා කථිකාචාර්යවරයෙකු වශයෙන් ඔහු කොළඹ වෛද්‍ය පීඨයට එක්විය. ඉන්පසු සිය PhD උපාධිය සම්පූරණ කිරීම සදහා ලැබුණු ශිෂ්‍යත්වයත් සමග ඔහු ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවියට ඇතුලත් විය. ඖෂධවේදය විශයෙන් සිය PhD උපාධිය අවසන් කල වෛද්‍ය සේනක බිබිලේ මහතා නැවතත් 1952 වසරේ දිවයිනට පැමිණෙන අතර 1954දී ඖෂධවේදය සම්බන්දයෙන් ප්‍රථම මහාචාර්යවරයා හා කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධවේදී අංශයේ ප්‍රථම ප්‍රධානියා වශයෙන්ද පත්වීම් ලැබීය.  පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්තාපිත කිරීමෙන් පසු එහි ප්‍රථම පීඨාධිපතිවරයා වශයෙන් වෛද්‍ය සේනක බිබිලේ මහතා පත්කෙරිණි.

මහාචාර්ය සේනක බිබිල් කැපවූ සහ අව්‍යාජ සමාජවාදියෙකි. ජනතාවට ප්‍රතිලාභ ලැබිය හැක්කේ පද්ධති ප්‍රතිසංස්කරණ හා දේශපාලන කැපවීම තුළින් පමණක් බව ඔහු තරයේ විශ්වාස කළේය.1970 දී බලයට පත් වූ එක්සත් වාමාංශික පෙරමුණ රජය විසින් රාජ්‍ය ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යය ආචාර්ය එස්. ඒ. වික්‍රමසිංහ සහ මහාචාර්ය සේනාකා බිබිල් වෙත භාර දෙන ලදී.1971 මාර්තු 23 වන දින බිබිල්-වික්‍රමසිංහ වාර්තාව අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය  වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 1971 වසරේ සැප්තැම්බර් 22 දින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) පිහිටුවීම සිදුවිය. 

ඖධෂ භාවිතය සම්බන්දයෙන් සේනක බිබිලේ මහතා තුල වූ දැක්ම ක්‍රියාත්මක කිරීමට මෙය ඔහුට ස්වර්ණමය අවස්ථාවක් විය. SPC හි සභාපති වශයෙන් බිබිලේ මහතා කටයුතු කරන කාලයේදී ඔහුගේ ක්‍රියාත්මක වීම තුල රුපියල් මිලියන 60ක් ඉතිරි කර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකිවිය. එමෙන්ම විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධ ප්‍රමාණය 4000 සිට 171 දක්වා අඩු කර ගැනීමටත් බිබිලේ මහතා සමත් විය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල බිබිලේ මහතා ඒ සමගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වශයෙන්ද සිය සේවය සැපයීය. ඒ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සිය සේවය ලබාදුන්නේ කිසිදු ප්‍රතිලාභයකින් තොරවය. දීමනා හා නිල රථයක් පවා ඔහු ප්‍රතික්ෂේප කලේය.  බිබිලේ 4

ඖෂධ ක්ෂේත්‍රයේ ඒකාධිපත්වයක් හිමි බහුජාතික සමාගම් වල ශක්තියට එරෙහිව නැගී සිටිමින් රෝගීන්ට ප්‍රතිලාභ සැපයීම සිය ගමන්මාවත ලෙස තොරාගත් සේනක බිබිලේ මහතාට එම සමාගම් වලින් හිමිවූයේ දැඩි විරෝධයකි. ඔහුගේ මෙම කාර්යය ආරම්භයේදී දේශපාලන ක්ෂේත්‍රයේ සහය ඔහුට හිමි වුවද ඖෂධ සමාගම් වල පීඩනය ක්‍රමයෙන් වැඩිවත්ම දේශපාලන සහය ඔහුගෙන් ගිලිහී යාම ආරම්භ විය. ඔහු විසින් සිදුකල ප්‍රතිසංස්කරණයන් ආපසු හැරෙන දෙස බලා සිටීම සේනක බිබිලේ මහතා දැඩි කනස්සල්ලට පත් කිරීමට හේතු වූ අතර ඒහේතුවෙන් 1976දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිධූරයෙන් ඒ මහතා ඉල්ලා අස්විය. 1977 දී එක්සත් ජාතීන්ගේ වෙළද හා සංවර්ධන සමුළුව සදහා ජේ්‍යෂ්ඨ උපදේශකයෙකු හා ප්‍රතිපත්ති සම්බන්දයෙන් උපදේශකයෙකු වශයෙන් ඔහුට ආරාධනා කෙරණි. ඉන්පසු දියුණු රටවල් 13ක ඖෂධ ප්‍රතිපත්ති නිර්මාණය කිරීම ඔහුට පැවරිණි.1977 අප්‍රේල් 24 වනදා මාස 8ක කාලයක් සදහා ඔහු එහි ජේ්‍යෂ්ඨ උපදේශකයෙකු වශයෙන් සිය කටයුතු ආරම්භ කල අතර ජීනීවා නුවර සිට සිය සේවය සපයන කාල සීමාව තුල මැලේසියාව,නේපාලය හා ඇෆ්ගනිස්ථානය සදහා වන ඖෂධ ප්‍රතිපත්ති වල කෙටුම්පත් ඔහු විසින් සකස් කලේය.

ඔහුට පැවරුන අවසන් පැවරුම වූයේ කැරීබියානු දූපත් වල ඖෂධ වල තත්වය සම්බන්දයෙන් සොයාබලා වාර්තාවක් සකස්කිරීමයි. ඒ සදහා ඔහු ගයානාවේ ජෝර්ජ්ටවුන් නගරයේ සිටියදී හදිසියේ රෝගාතුර වී මිය ගියේය. ඒ 1977 සැප්තැම්බර් 29 වනදාය. ඔහුගේ දේහය ගයානා හි ආදාහනය කරන ලද අතර ඔහුගේ අළු ශ්‍රී ලංකාවට ගෙනැවිත් 1977 ඔක්තෝබර් 8 වන දින ජාවත්ත සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

වසර 1933දී ඔස්ට්‍රේලියානු ඖෂධ ප්‍රතිපත්තීයේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන ආචාර්ය හාර්ට් ප්‍රකාශ කර සිටියේ “ශ්‍රී ලංකාව යනු කන්දක මුදුනකි; සේනක බිබිල් යනු එම මුදුනේ දිදුලන පහනකි. එම ආලෝකයේ දීප්තියෙන් අපි අනෙක් රටවල් drugs ෂධ ප්‍රතිපත්ති සකස් කළෙමු. ” ලෙසටය. 

ඖෂධ ප්‍රතිපත්ති සකස් කිරීම සදහා සේනක බිබිලේ මහතාගේ දායකත්නය ජාත්‍යන්තර වශයෙන් නොමද ඇගයීට ලක්වූවද ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය තුල ඖෂධ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වශයෙන් ඔහු හදුන්ගන්නේ ඉතාමත් සුළු පිරිසකි.

මෙරට වෛද්‍ය අධ්‍යාපනයට සේනක බිබිලේ මහතාගේ  දායකත්වය

ආසියානු කලාපය තුල වෛද්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙකු වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කලේය. නමුත් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සදහා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම , ක්‍රියාත්මක කිරීම හා වෛද්‍ය අධ්‍යාපනය සදහා විනයක් ඇතිකිරීම සදහා විවිධාකාරයේ බාධාවන් ක්‍රියාත්මක විය. ජේ්‍යෂ්ඨ අධ්‍යපඥයින් මෙන්ම වෛද්‍යවරුන්ද වෛද්‍ය අධ්‍යාපනය විද්‍යාවක් ලෙස හා විනයක් පැවතිය යුතු බවට කිසිදු සැලකීමක් සිදුනොකරන පිරිසක් බවට පත්විය.වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රායෝගික වටිනාකමක් නොමැති බව බොහෝ දෙනාගේ මතය විය. වෛද්‍ය අධ්‍යාපනයේ පර්යේෂණ සායනික හෝ රසායනාගාර පර්යේෂණවලට වඩා  පහත් ලෙස සලකනු ලැබීය. වෛද්‍ය අධ්‍යාපනය වෘත්තියක් ලෙස  පිලිගැනීමද ආකර්ශනීය විකල්පයක් නොසැලකිණි.

මෙම වකවානුව තුල සේනක බිබිලේ  විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විද්‍යාත්මක චින්තනය මත පදනම්වූ වෛද්‍ය පීඨයක් බවට පත්කිරීම සදහා කටයුතු කරමින් සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ වෛද්‍ය පුහුණුව සම්බන්දයෙන් ඔහු ඇතුළු අධ්‍යයන කාර්යය මණ්ඩලයට පුහුණුවක් ලබාදීමටය.සෑම අගහරුවාදා දිනකම සවස තමන්ගේ නිවසට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය දියුණු විය යුතු ආකාරය සම්න්දයෙන් සාකච්ඡා කිරීමට සේනක බිබිලේ මහතා විසින් සිය කාර්යය මණ්ඩලයට ආරාධනා කල අතර සියළු දෙනාම පාහේ ඔහුගේ ආරාධනය පිලිගත්තෝය.කලක් ගතවන විට මෙම සාකච්ඡාවන් කා අතරත් ජනප්‍රිය වීම ආරම්භ වූ අතර එම සාකච්ඡා මාලාව හදුන්වනු ලැබුවේ “Tuesday Talks” ලෙසය. එමෙන්ම එම සාකච්ඡාවන් සදහා කැපවීමෙන් කටයුතු කල පිරිස “වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම (Working Group on Medical Education – WGME)  ” ලෙස හැදින්විණි. එම කණ්ඩායමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යයවරුන් හා මහනුවර මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යකණ්ඩායමක්ද එක්ව සිටියහ.

වෛද්‍ය අධ්‍යාපන ඒකකය පිහිටුවීම

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පිහිටවූ වෛද්‍ය අධ්‍යාපන ඒකකයේ පුරෝගාමියා වශයෙන් කටයුතු කරනු ලැබුවේද සේනක බිබිලේ මහතා විසින්ය. ශ්‍රී ලංකාය තුල ක්‍රියාත්මක වූ ප්‍රථම වෛද්‍ය අධ්‍යාපන ඒකක එය වීමද විශේෂත්වයකි. එම ඒකකය සිය අධ්‍යන කටයුතු 1973 වසරේදී ආරම්භ කල අතර ඒ සදහා ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ඉහළ දැමීම සදහා ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල දෙකක කටයුතු කල ජේ්‍යෂ්ඨ ගුරුවරුන් දෙදෙනෙකු සහභාගී කරගත්තේය.පසුව වෛද්‍ය අධ්‍යාපන ආයතන තුල මෙන්ම හෙද හා සමසෞඛ්‍ය අධ්‍යන අංශ වලද මෙම අධ්‍යාපන ක්‍රමයන් ක්‍රියාත්මක වූ අතර ඒ සදහා වන කාර්යය මණ්ඩලය පුහුණු කිරීමද සිදුවිය. මෙම ක්‍රියාවලිය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය සහයෝගය පල කල අතර කාර්යය මණ්ඩාලයට අවශ්‍ය පුහුණුව ලොව ප්‍රධාන පෙලේ ආයතන මගින් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛද්‍ය අධ්‍යාපන  සම්බන්ද ඒකකය අග්නිදිග ආසියානු කලාපයේ සෞඛ්‍ය අධ්‍යාපනය සදහා ප්‍රාදේශීය ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පිළිගත් අතර විවිධ රටවල විශය නිර්දේශය,ඉගැන්වීම හා ඇගයීම් වල ප්‍රතිසංස්කරණ සිදුකිරීම සදහා මෙම ඒකකය සතු සම්පත් ප්‍රයෝජනවත් විය. එමෙන්ම ඉන්දියාව,පාකිස්ථානය,බංගලාදේශය,නේපාලය හා මියන්මාරට වැනි රටවල සෞඛ්‍ය වෘත්තිකයන් මෙම ඒකකය යටතේ පුහුණුවීම සදහා පැමිණීමද සිදුවිය. එසේ පුහුණුව ලැබූවන් 1970 පමණ වන විට සිය රටවල් වල මෙවැනි වෛද්‍ය අධ්‍යාපන ඒකක පිහිටුවීමද සිදුවිය.

අවසානය

සේනක බිබිලේ මහතා වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් ආරම්භයත් සමග වර්ථමානය වන විට මෙරට තුල සියළුම වෛද්‍ය පීඨයන් හා පශ්චාත් උපාධිපීඨයන්ගේ  වෛද්‍ය අධ්‍යාපන ඒකක ක්‍රියාත්මක වීම සිදුවේ. මේ වන විට විශාල වශයෙන් අධ්‍යාපනවේදීන් වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා පූර්ණ කාලීනව කටයුතු කිරීම අරඹා ඇති අතර සියළුම වෛද්‍ය පීඨන් තුල විශය මාලා ප්‍රතිසංස්කරණයන් සිදුවෙමින් පවතී.

වැඩි වැඩියෙන් විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් සහ රෝහල් පදනම් කරගත් සායනික ගුරුවරුන් වෛද්‍ය අධ්‍යාපනයේ පශ්චාත් උපාධි පාඨමාලාවන් හදාරති.එමෙන්ම බොහෝ විද්වතුන් වෛද්‍ය අධ්‍යාපන පර්යේෂණ සඳහා ක්‍රියාකාරී උනන්දුවක් දැක්වීම කැපීපෙනේ. SLMA හි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ දී වෛද්‍ය අධ්‍යාපනයේ සම්මන්ත්‍රණය සාමාන්‍ය අංගයක් වී තිබේ.

 

 

(මහාචාර්ය ඉන්දික කරුණාතිලක – කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපන මහාචාර්ය)

සැප්තැම්බර් 29 වනදාට යෙදුණ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 2වන ගුණානුස්මරණය වෙනුවෙන් මෙම ලිපිය රචනා කර ඇත.

epaper.themorning.lk හි පලවූ ලිපියකි සිංහල පරිවර්තනයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article