spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මයිකල් රුද්‍රිගු පියතුමාගේ ඝාතනය පිළිබදව අදටත් නිල කතෝලික සභාව නිරුත්තර ය…….

Must read

FB_IMG_1510304495526FB_IMG_1510304503562අන් දිනවල සවස 7 ට සිදු කරනු ලබන දිව්‍ය පූජාව එදින, එනම් 1987, නොවැම්බර් 10 වන දින සවස 5 ට ආරම්භ කළේය. පියතුමා කියා සිටියේ “අද අපිට දෙවියන් වහන්සේ සමග ගත කිරීමට බොහෝ වේලාවක් උදාවෙයි. මෙය ජීවිත තීරණයක් ගැනීමේ මොහොතකි.”FB_IMG_1510304509385
බුත්තල, අළුකලවිට ගමේ ‘සුභ සෙත්’ නම් වූ කටු මැටි නිවසේ තිදෙනෙක් සමග පියතුමා බිම වාඩි වුනේ ප්‍රචණ්ඩත්වයේ බියකරු මොහොතේ තම සංඝය මෙම අසරණ බොදුනු ගම් වාසීන් අත හැර යනවාද නැද්ද යන්න තීරණය කිරීමටය.
වෙනදා මෙන්ම සරම සහ කමිසය හැඳ සිටි පියතුමා, දිව්‍ය පූජාවේ දී එතුමා භාවිතා කරන රෙදි කඩ දෙවුරේ ඔතාගෙන අඟල් 6 ක් පමණ උසැති ලී පූජාසනය පසුපස බිම වාඩිවී සිටියේය.
ආරම්භක ගීතිකාවෙන් පසු භාග්‍යවන්ත ඔස්කා රොමේරෝ අගරදගුරු තුමාගේ ප්‍රකාශනයක් ශබ්ද නගා කියවූයේ ඒ වචන එතුමාගේම යැදුමක් කරගනිමිනි.
“මම බොහෝ අවස්ථාවල මරණ තර්ජනයට ලක් වුණෙමි. කිතුණු වෙක් ලෙස උත්ථානයක් නොමැති මරණයක් ගැන මගේ කිසිදු විස්වාසයක් නොමැති බව මම ඔබට කිව යුතුය. ඔවුන් මා ඝාතනය කළහොත් මම එල්සැල්වදෝරයේ ජනතාව තුළ නැවත නැගිටින්නෙමි. මෙය ආත්ම වර්ණනාවක් නොවේ. මා මෙය පවසන්නේ මහත් වූ බැහැපත් කමකිණි. එඩේරෙකු ලෙස, සැල්වදෝරියානු ජනතාවට, එනම් මා ප්‍රේම කරන අය උදෙසා ජීවිතය පූජා කිරීමට මට දිව්‍යමය පණතට අනුව නියමයක් ඇත. එනම් මාව ඝාතනය කරන අය උදෙසා ද මම ජීවිතය පූජා කරමී. ඔවුන්ගේ තර්ජනය මා වෙනුවෙන් ක්‍රියාත්මක කලහොත් මම එල්සැල්වදෝරයේ ගැලවීම සහ උත්ථානය උදෙසා මාගේ රුධිරය දෙවියන් වහන්සේ ට පූජා කරමි. ප්‍රාණ පරිත්‍යාගීවරය දෙවියන් ගේ වරප්‍රසාදයකි. එය ලබන්නට තරම් මම නොවටිමි. එනමුත් දෙවියන් වහන්සේ මාගේ ජීවිත පරිත්‍යාගය භාරගත හොත් මාගේ රුධීරය නිදහසේ බීජයක්ම වේවා. එය ඉක්මනින්ම යථාර්තක් වන අපේක්ෂවේ සලකුණක්ම වේවා. මාගේ මරණය, දෙවියන් වහන්සේ භාර ගන්නේ නම්, එය මගේ ජනතාවගේ විමුක්තිය උදෙසාම වේවා!
එය අනාගත බලාපොරොත්තුවේ සාක්ෂියක්ම වේවා!
ඔවුන් මා ඝාතනය කළහොත්, එම ඝාතකයන්ට මම සමාව දෙන බවද, ඔවුන් ආශිර්වාද කරන බවද ඔවුනට පවසන්න.
මම මරණයට පත් වනු ඇත. එනමුත්, මගේ ජනතාව කිසි දිනක විනාශ නොවනු ඇත.”
කෙටි නිහැඬියාවකට පසු පියතුමා එහි සිටි තම සංඝයේ විමසීමෙන් පසු තව දුරටත් බුත්තල ගැමි පීඩිත ජනතාව සමගම රැඳී සිටින්නට පොදු තීරණයකට එළඹෙමින් ගීතාවලියේ 130 වැනි ගීතිකාව තම කුඩා සංඝය සමග යැදුමක් ලෙස පිදීය. ඉන්පසුව දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත නිමා කරමින් මෙසේ පැවසීය…
“අවසානයේ, ජීවිතයේ සදාකාලිකව පවතින්නේ අප ජනතාව සමග බෙදා ගත් ආදරයත්, සබැඳීයාවත් පමණි. සදාතනික ජීවිතය දක්වාම එය එලෙසින්ම පවතී. එබැවින් බිය නොවන්න… අපි දෙවියන් වහන්සේට අපේ ජීවිත කැප කරමු. ‘සමිදුනී, ඔබේ හස්තයට මාගේ ප්‍රාණය භාර කරමී’…”
ඒ සැණින්ම, කුරිරු රාජ්‍ය ත්‍රස්තවාදයේ සහ මිලිටරීකරණයේ හින්සක වෙඩි උන්ඩය එතුමන් ඝාතනය කළේය. ඒ සවස 7.30 ට පමණය.
එතුමන් ගේ පසාරුවූ හිස් කබල බිදී ලේ මස් කටු මැටි බිත්ති පුරා විසිරුවා හරිමින් පූජාසනයේ කුසලානයද රුධිරයෙන් තෙත් කරමින් එම උත්තරීතර ප්‍රාණය සදාකාලිකව අප සමග වාසය කරන්නට ආරම්භ වී දැන් 30 වසක් ගතවී ඇත.
එදා ජේසුව ඝාතනය කළ රෝම අධිරාජ්‍යයේ අයුක්ති සහගත මරණ දණ්ඩනය ඉදිරීයේ සිටි කුමන්ත්‍රණකාරී නායක පූජකයන් සේ
අදටත් සංස්ථාගත නිල කතෝලික සභාව නිරුත්තර ය…
එනමුත්, කුරුසියේ විමුක්ති අරගලය උදෙසා පීඩිත ජනතාව ගේ නිදහස පතා කැපවූවන් ගරු මයිකල් රොද්‍රීගූ ප්‍රාණ පරිත්‍යාගීවරයාණන් ගේ මග සලකුණු ඔස්සේ අදත් ජීවමාන ගමනක යෙදී සිටින්නේ ජේසුගේ සිහිනය වන දේව රාජ්‍යය මේ මිහිතලයේ යථාර්තක් කරමිනි.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article