spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදින් 44 ක් ඝාතනය කළ රාජපක්ෂ රෙජීමයේ කටාන නියෝජිතයා සහ මාධ්‍යවේදින් ?

Must read

rajitha Hමාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 ක් ඝාතනය කළ රාජපක්ෂ රෙජිමයේ කටාන නියෝජිතයෙකු වන රජිත හපුආරච්චි සිය මුහුණු පොතේ අපුරු සටහන් තබා තිබුණි.
එනම් මීගමුවේ සහ කටානේ මාධ්‍යවේදින්ගේ සංවිධානයක් හැදිමට ඇරයුම් කර තිබිමයි.අපට රජිත ගෙන් අසන්නට ඇත්තේ සරල ප්‍රශ්ණයකි.
පසුගිය රාජපක්ෂ සමයේ ඝාතනය කළ මාධ්‍යවේදින් ගැන ඔබ දන්නේ මොනවාද?
ඒකි  ඝාතකයන්  නීතිය හමුවට ගෙනඒම සදහා ඔබ කර ඇත්තේ මොනවාද ?
මීගමුවේ සහ කටානේ මාධ්‍යවේදින් පසුගිය කාලය තුල රාජපක්ෂ රෙජිමයේ  මීගමුව නියෝජිතයන් වු ලංසා පවුලේ දැඩි මර්ධනයට ලක්ව සිටි සමයේ ඔබ සිටියේ කොහේද?
රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ සිටින කිසිවෙකුගෙන් වත් උදව් අරන් මාධ්‍ය සංවිධාන හදන්නට තරම් මීගමුවේ හෝ කටානේ ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදින් බංකොලොත් නැති බවත් ප්‍රතිපත්තිගරුක නොවන තමන්ගේ  බිස්නස් ඇතුළු තවත් දේ වෙනුවෙන් මාධ්‍යවේදින්  යැයි කියාගන්නට උත්සාහ කරන අයට නම් රජිත හපුආරච්චිලා ගැලවුම්කරුවන් සේ පෙනෙනු ඇති බවද මෙහිලා සටහන් කිරිමට කැමැත්තෙමු.

රජිත මාධ්‍ය ගැන කථාව

 

මාධ්‍ය එකමුතුව – කටාන

පහත සදහන් පරමාර්ථ මුල්කරගනිමින් මිගමුව සහ කටාන මැතිවරණ බල ප්‍රදේශ වල මධ්‍ය කේෂ්ත්‍රයේ නියුතු අයගේ එකතුවක් ගොඩනැගීමට අදහස් කර ඇත.
මේ සදහා මුද්‍රිත විද්යුත් යන කේෂ්ත්‍ර වල සිටින (පුවතත් රුපවාහිනී වෙබ් බ්ලොග් ) ආදී ප්‍රවීන ආධුනික සැමට ආරාධනා කරන අතර ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් විද්යුත් තැපැල් ලිපිනයක් INBOX කරන්න හෝ 0777364659 දුරකථන අංකයට SMS කරන්න.

1 එකිනෙකා අතර සුහද සම්බන්ධයක් ගොඩනගා ගැනීම
2 නව තාක්ෂණික දැනුම බෙදාදීම
3 අත්දැකීම හුවමාරුකරගැනීම
4 සහෝදර මාධ්‍යවේදීන්ට යම් උපකාරයක් අවශ්‍ය අවස්ථා වලදී ඒ සදහා
මුදලින් හෝ ශ්‍රමයෙන් සහයෝගය දැක්වීම
5 පුහුණු වැඩමුළු පැවත්වීම
6 සාමාජිකයන් යෝජනා කරන වෙනත් යෝජනා

 

 

Save

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article