spot_img
spot_img
Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Articles මාධ්‍යවේදියාගේ ඝාතකයන් තවම සොයාගෙන නෑ : අනුස්මරණයට බුද්ධි නිලධාරීන් රැසක් ඇවිත් !

මාධ්‍යවේදියාගේ ඝාතකයන් තවම සොයාගෙන නෑ : අනුස්මරණයට බුද්ධි නිලධාරීන් රැසක් ඇවිත් !

0
46
වෙඩිතබා ඝාතනය කරන ලද අයියතුරෛ නඩේසන් මාධ්‍යවේදියාගේ මිනීමරුවන් තවමත් සොයාගෙන නැති ශ්‍රී ලංකාවේ පොලිසිය ඔහුගේ සොළොස්වන  ගුණානුස්මරණය සදහා බුද්ධි අංශයේ නිලධාරීන් යවා ඇති බව අනාවරණය වී තිබේ.දමිල මාධ්‍ය සංසදයේ උප සභාපතිවරයකුද වු අයි. නඩේසන් මාධ්‍යවේදියා ඝාතනය කර මැයි 31 වන දිනට 16 වසරක් සපිරීම නිමිති කරගෙන යාපනය මාධ්‍ය සමාජයේ පැවැති  අනුස්මරණය සදහා මාධ්‍යවේදීන් හත් දෙනකු පමණක් සහභාගී වුවත් ආරක්ෂක  අංශ සාමාජිකයන් 14 දෙනකු පැමිණ සිටි බව මාධ්‍යවේදීහු පවසති.ඒ අතර නිල ඇදුම් ඇදි පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටි අතර සෙස්සන්  බුද්ධි අංශ නිලධාරීන් බවට මාධ්‍යවේදීන් සැක කෙරේ.කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබු දිනක පැවැත්වු සැමරුම සදහා සහභාගී වු  මාධ්‍යවේදීන් මුඛ ආවරණ පැලද සිටියත් ආරක්ෂක අංශ නිලධාරීන් කිසිවකු මුඛ ආවරණ පැළද නොසිටිය බව මාධ්‍ය වෙත නිකුත් වී  තිබෙන ඡායාරූප වලින් සනාථ වේ.ඝාතනයට ලක් වු තම සහෝදර මාධ්‍යවේදියා වෙනුවෙන් ඉටිපහන් දල්වා පුෂ්පෝපහාර දැක්වීමට යාපනය මාධ්‍ය සමාජය කටයුතු කර තිබෙන අතර එහිදී අවධාරණය වී ඇත්තේ නිදහසේ ගුණ අනුස්මරණයක් පැවැත්වීමේ අවකාශයත් අහිමිව ඇති බවයි.

JPC 2JPC 4JPC 5

JPC 1යාපනය මාධ්‍ය සමාජයේ සම්බන්ධිකාරක  රත්නමි දයාබරන්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම පවත්වා තිබේ.

නැගෙනහිර පළාත්  මාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් ද තම ප්‍රදේශයෙන් බිහිවු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා සිහිකරමින් මැයි 31 වන දිනම සැමරුමක් පවත්වා ඇත්තේ මඩකලපුව, කල්ලඩියේ  පිහිටි වොයිස් ඔෆ් මීඩියා ආයතන පරිශ්‍රයේදීය.

අයියතුරෛ නඩේසන් වෙනුවෙන් විනාඩි කිහිපයක් නිහඬව හිඳිමින්  ගෞරව දැක්වු නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන් පහන්  දල්වා පුෂ්පෝපහාර දක්වා තිබේ.

සංගමයේ සභාපති දේව අධිරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ගුණ අනුස්මරණ උත්සවයේ දේශනය සිදු කර ඇත්තේ මාධ්‍යවේදී හා මහනගර සභා සාමාජික ශිවම්පාක්‍යනාදන් විසිනි.

Batti 4BAtti 1Batti 2වවිනියාව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ද ජුනි පළමු වනදා සිය කාර්යාලයේදී අයියතුරෛ නඩේසන් ගේ ඡායාරූපයකට ගෞරව දක්වා තිබුනේ ඉටිපන්දම් දල්වා පුෂ්පෝපහාර පිරිනමමිනි.

2004 මැයි 31 : ඝාතනය ගැන චෝදනාව කරුණා පාර්ශවයට !

2004 මැයි 31 වනදා උදෑසන මඩකලපු)වේ පිහිටි සිය කාර්යාලය වෙත යමින් සිටියදී අයියතුරෛ නඩේසන් මාධ්‍යවේදියා වෙඩිතබා ඝාතනය කර තිබුනි.

දමිල මාධ්‍ය සංසදයේ උප සභාපති නඩේසන් ගේ ඝාතනයෙන් පසු නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදීන් ගණනාවකටම ජීවිතාරක්ෂාව පතා ප්‍රදේශය හැර යාමට හෝ විදේශ ගතවීමට බල කෙරිනි.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් (HRW) ඒ සම්බන්ධයෙන් චෝදනා කර තිබුනේ කරුණා පාර්ශවයටයි.

ඝාතනයට ලක්වන විට පනස් වියේ පසුවු දෙදරු පියෙක් වු අයියතුරෛ නඩේෂන් වීරකේසරි පුවත් පත,  IBC තමිල්  ඇතුළු කැනඩාවේ  මාධ්‍ය ආයතන කිහිපයක් සඳහාද වාර්තා සැපයු අයෙකි.
newstube.lk
ඡායා-කම්සන් – යාපනය