spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් එල්ලකිරිම සැලසුම් කළ දායන් ලංසා පවුල් පිටින් පාප්තුමා බලන්න යයි ?

Must read

dayan and jayaFG attack 1ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි තමන්ගේ හිසට එල්ල කරන ලද ප්‍රහාරය ඝාතන තැතක් ලෙසින් තමන් හදුන්වන බව සිය පොලිස් පැමිණිල්ලේද සටහන් තබා ඇති මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ කියා සිටියේ මැරයන් ගැන තමන් කල් ඇතිව දැන නොගත්තේ නම් ඔවුන් අනිවාර්යෙන්ම පහර දෙනු ඇත්තේ තමන්ගෙ හිසේ පිටුපස පැත්තට බවත් එය මරාන්තික විය හැකියැයි වෛද්‍යවරුන් පවා ප්‍රකාශ කර තිබුණ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටි.
මේ කොන්ත්‍රාත්තුව පිටුපස සිටින මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා කලකට ඉහතදි තමන්ගේ අතිජාත වෛරක්කාරාව සිටි නගරාධිපති ඇන්ටනි ජයවීර හා එක්ව පවුල් පිටින් වතිකානුවට යෑමට විසා සදහා ඉල්ලුම් කර ඇතැයි වාර්ථා වේ.
මේ වතිකානු ගමන ජුනි මස 25 වනදා ට යෙදි ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වා සිටි.
එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කරගනිමින් සිටි නියෝජ්‍ය නගරාධිපති හා නගරාධිපති අතර හාද කම ඇති කරන ලද්දේ මීගමුව නගර සභා භුමියේදි ඉදිකරන්නට නියමිතව ඇති ලක්ෂ 1600 ක් වැය වන පුස්තකාලයක් විසිනි.
පුස්තකාලයක් මේ දෙදෙනාව මිතුරන් කළේ කෙසේ දැයි හොදින්ම දන්නේ ඔවුන් දෙදෙනාමය.

කෙසේ වෙතත් මෙවන් ගමන් සංවිධානය කිරිමය උදව්කරන  කතෝලික පල්ලියේ සියළු ප්‍රධානින් වෙතද කොන්දේසි විරහිතව විරෝධයන් එල්ල කළ යුතුව අැතැයි නම සදහන් කිරිමට අකමැති වු පියතුමෙක් මිපුර වෙබ් අඩවියට කියා සිටියේය.
කෙසේ වෙතත් මාධ්‍යවේදියෙකු ඝාතනය කිරිමට තැත්කිරිමේ බරපතල චෝදනාවක් ලැබ සිටින දයාන් ලංසාට ඉතාලි විසා ලබාදෙන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කරමින් ජාතික හා අන්තර් ජාතික සංවිධාන ගණනාවක් මේ වන විටත්  අදාල බලධාරින් වෙත සිය විරෝධය සටහන් කර ඇති අතර ඒ සියලු විරෝධයන් වතිකානුව වෙතද ඉදිරිපත් කිරිමට කටයුතු කිරිමට බලාපොරොත්තුව වන කියා සිටි.

Save

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article