spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාස 10 කට පසු සංචාරකයන් සඳහා ගුවන්තොට විවෘත කෙරේ.

Must read

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාස 10 ක් වසා තැබුණු කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි.සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරකයින්ට දිවයිනට පැමිණිමට අද සිට අවස්ථාව හිමිවන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කර ඇත

කොවිඩ් පළමු රැල්ලේ ව්‍යාප්තියත් සමග ඉකුත් වසරේ මාර්තු 17වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමුණි.

ඒ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වූ අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වි තිබුනේ නැත

එහෙත් මාස 10කට පසු සංචාරකයින් සඳහා අද මෙරට ගුවන් තොටුපොළ යළි විවෘත කෙරුණේ පනස්පන්දහසක් පමණ ආසාදිතයින් සහ 274 ක් වූ මරණ වාර්තා වන අභියෝගාත්මක පසුබිමක බව දෙරණ වෙබ් අඩවිය සටහන් කර තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article