spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාළු හිඟයි!මිළ ඉහලයි!හේතුව ඇයි ?

Must read

IMG-20191210-WA0014IMG-20191210-WA0009මේ දිනවල මාළු ගිණි ගණන්ය.හේතුව ලැබෙන මාළු තොග හිඟවිමය.අද හුරුල්ලෝ කිලෝවක් රු 600කි.කුම්ඹලා රු 500කි.බලයා රු450කි.ඉස්සන් මිළද රු 1000 ඉක්මවා ඇත.මේ තත්වය පිලිබදව මාළු අනුභව කරන පාරිභෝගිකයාට ඇති අපැහැදිලි චිත්‍රයකි.

IMG-20191210-WA0010මෙසේ මිළඉහලලයාම මාළු හිඟවිම ගැන ධිවරයන් පවසා සිටින්නේ මෙවන් අදහසකි.

⁣මේ අඩුවීමට හේතුව දැන ගැනීමට අප කුඩා බෝට්ටු හිමියන් කිහිප දෙනෙකු හමුවිය. වැල්ලවීදිය ප්‍රදෙශවාසීන් වන මෙම ධීවර මහත්වරු ප්‍රකාශ කරන්නේ නොවැම්බර් සිට සීත සුළං නිසා මාළු රස්නය සොයා මුහුදේ පතුලට යන බවයි .පසුව මේ ශිත සුළං තත්වය පහව ගිය පසු යළිත්.වරක් මසුන් උඩට පැමිණෙන්නේ මාර්තු මාසය පමණ විට බවය. මේ සුළං තත්වය ධීවරයන් විසින් හදුන්වන්නේ උතුරු හුළං යනුවෙනි.මේ අනුව සමහරු මේ ප්‍රදේශ වල මාළු නැති නිසා පිට පලාත් වලට යන බවත්, නැවත මාර්තු වනවිට ආපසු එන බවත් ඔවුන් පවසති .ඒ අනුව පැහැදිලි වන්නේ මාළු හිඟයක් නැතුව අඩු මිළට මාළු මිළදි ගතහැකි වනු ඇත්තේ මාර්තු වලදි පමණය.

මේ අතර ධීවර රස්සාව කිරීමට අපහසු වන ගැටළු කිහිපයක්ද මතුකරයි.
මේ දිනවල ධීවර ජනතාව පමණක් නොව ඊට සම්බන්ධව කටයුතු කරන කඩ හිමියන් සහ විවිධ සේවා සපයන අයද අපහසුතාවට පත්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article