spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව තුල ශක්තිමත් පුරවැසි ක්‍රියාකාරිත්වයක් ගොඩනැගිමට පුළුල් වැඩපිළිවෙලක් !

Must read

මීගමුව කියල කියන්නේ රට තුල විවිධ අරගල වලට නායකත්වය දෙන සිවිල් ක්‍රියාකාරින් රැසක් ඉන්න තැනක් . ඒ අයගේ ජාතික මැදිහත්විම් හැම වෙලාවකම රට තුලත් ඉන් පිටතත් සලකුණු වෙනවා.

ඒ වගේම රටපුරා පැන නැගුන ජන අරගලය තුලත් මිගමුවට තිබුනේ සුවිශේෂි තත්වයක් . මොකද මිගමුවේ අරගලය එයටම සුවිශේෂි වුන පසුබිමක්, සහ ප්‍රවේශයක් සමගින් ඉදිරියට ගිය හින්ද . ඒක නම් කෙරුණෙම අඛණ්ඩ විරෝධතාවය කියල . වෙනත් තැන්වල ගෝඨා ගෝ ගම් හදද්දි මිගමුවේ ගොඩනැගුනේ අඛණ්ඩ විරෝධතා භුමියක්. ඒක සැබැවින්ම බහුපාක්ෂික එකක් වෙච්ච නිසාමත් ඒ්කට වෙනම හැඩයකුත් තිබුන.

මේ බහුපාක්ෂික ප්‍රවේශය තුලින්ම අරගලය ගමට ගෙනයාමේ කාලින වැදගත්කමට පසුබිම සැකසුන වැඩපිළිවෙලකට මුල් අඩිතාලම දැමිමත් ඊයේ සවස් වරුවේ මිගමුවේ ජනාවබෝධ කෙන්ද්‍රයේදි සිදුවුනා.
ඒ් අනුව මිගමුවේ ජනයා පෙළන විවිධකාර ප්‍රශ්ණවලට ප්‍රමුඛතාවයද සමගින් ජාතික වශයෙන් ප්‍රධාන අවධානයක් දිය යුතු කරුණුත් මුල්කරගෙන පුළුල් බහුජන වැඩපිළිවෙලකට යම් මුලපිරිමක් මේ අනුව සිද්ධ වුනා.

මේ පුළුල් බහුජන ක්‍රියාකාරිත්වය ඉදිරියේදි ගම්මට්ටමට ගෙන යමින් මිගමුවේ ජනයා මුහුණ දෙන ගැටළු ගැන සාකච්ජා කරන මැදිහත්වන වැඩසටහනක් සංවිධානය කර ගැනිමටද නියමිතියි.
මිගමුව තුල කාලයක් තිස්සේ බහුජන අරගලය වලට මුලිකත්වය ගත්තු අයගේ නායකත්වය තුල මෙම වැඩපිළිවෙල මිගමුවේ ජන අරගලයේ හෙට දවසට අලුත් මාවතක් නිර්මාණය කරනු ඇත.

මිගමුව තුල ඉහලම වානිජ වටිනාමක් ඇති ඉඩමක් කඩිමුඩියේ විකුණා දැම්මට මිගමුව මහනගර සභාවේ ලංසා පාලනය කටයුතු කරමින් තිබිමට එරෙහිව ලබන සෙනසුරාදා (10) සවස් වරුවේ මිගමුව නගර තුල ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මගින් මෙම පුරවැසි ක්‍රියාකාරිත්වය වැඩ ඇල්ලිමට සුදානමින් සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article