spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව මහනගර සභාවේ වතුර ටැංකිවලින් ඡන්දේ හින්ද කටානට වතුර බෙදන ලංසා ?

Must read

කටානට වතුරමැතිවරණ කොමිසමේ සභාපතිවරයා කොයිතරම් නියෝග දුන්නද ඒවා මිගමුවට ආදල නැත. මිගමුවේ පවතින්නේ ලංකාවේ වෙනත් නගර වල මෙන් නිතියේ පාලනයක් නොවේ.
එහි රජකරන්නේ කළු සල්ලි පාලනයයි.
බොහොමයක් රාජ්‍ය ආයතන මෙන්ම ඒවායේ ලොක්කන් මෙන්ම ලොක්කියන්ද මේ කළු සල්ලි පාලනයට යටය.
කටානේ ජනතාව කලක සිට දැඩි පානීය ජල හිඟයකට මුහුණ දි සිටිති.
ඒ අයගේ අති මානුෂිය ප්‍රශ්ණයට පැහැදිලිවම විසදුම් සපයා දිමට පළමුව මුලිකත්වය ගත යුත්තේ කටානේ බදුගෙවන ජනයා විසින් නඩත්තු කරනු නරනු ලබන කටාන ප්‍රාදේශිය සභාවයි.කටානට වතුර 3
එහෙත් දැන් සිදුවන්නේ මිගමුවේ බදු ගෙවන ජනයාගේ මුදලින් නඩත්තු වන  මිගමුව මහනගර සභාවේ සම්පත් මල්ලි නගරාධිපති නිසා අයියා විසින් සිය දේශපාලන වැඩවලට කිසිදු හිරිකිතයකින් තොරව දිගින් දිගටම යොදාගනිමින් තිබිමයි.
ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂකයෙකු වන නිමල් ලංසා මෙහිදි පැහැදිලි වැරදි 2 කක් සිදුකරයි.පළමු වැන්න මිගමුවේ මහජන බදු මුදල් සිය මැතිවරණ වැඩවලට යොදාගැනිමය.
අනික් වරද නම් සිය මනාපය ප්‍රවර්ධනය කිරිම සදහා මේ වතුර බෙදිල්ල හරහා සිදුකරගෙන යන වැඩපිළිවෙලයි.එවැනි ප්‍රවර්ධනයන් යනු මැතිවරණ නීතිය පැහැදිලි ලෙසින් උල්ලංඝනය කිරිමකි.
මංජු
මංජු නම් කටාන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු විසින් සිය මුහුණ පොතේ තබා ඇති සටහනකින් කියැවෙන්නේ ජුනි 04 වෙනිදා සිට නිමල් ලංසා විසින් යළිත් වතුර බෙදන බවය. ඒකි සටහනේ ඇතුලත් ඡායාරුප වල තිබෙන්නේ මිගමුව මහනග සභාවේ නම සහිත වතුර ටැංකිය.මෙය දැන් පැහැදිලි සාක්ෂියකි. ඉන් කියැවෙන්නේ නිමල් ලංසා මනාපය වෙනුවෙන් වතුර බෙදන බවය.
මේ බදු මුදල් හොරකම දැන් ඉතා පැහැදිලිය. අරුමය වන්නේ මේවා ගැන කථා කරන්නට මිගමුව මහනගර සභාව තුල කොන්ද පණ ඇති විපක්ෂයක් නැතිවිමය. ඒ හේතුව නිසා ලංසාලා වැනි දේශපාලකයන්ට මිගමුවේ ජනයාගේ බදු මුදල් නිදහසේ මංකොල්ල කන්නට ඉඩ සැලසි ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article