spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇඳිරි නීතිය කාලයේ අඩුවුන මාර්ග අනතුරු ගණන දැන් ඉහල යයි ?

Must read

weel accident2මාර්ග අනතුරු යළි ඉහළ යමින් පවතින බැවින් ඒවා වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවට උපදෙස් ලබා දී ඇත.
කොරෝනා වසංගත තත්ත්වයත් සමග රටේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය හේතුවෙන් මාර්ග අනතුරුවල අඩුවීමක් පෙන්නුම් කෙරේ.
මෙම වසරේ ජනවාරි 01 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 736 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළදී මාර්ග අනතුරුවලින් පුද්ගල මරණ එක්දහස් හයක් සිදුව තිබේ. ඒ අනුව මෙම වසරේදී මරණ 270 ක අඩුවක් පෙන්නුම් කෙරේ.

කෙසේ වුව ද ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග මාර්ග අනතුරු ඉහළ යන තත්ත්වයක් පවති. ඒ අනුව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් යළි ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු මස සිට මැයි මස දක්වා කාලය තුළ දිවයිනේ මාර්ග අනතුරු වල අවමවීමක් පෙන්නුම් කළේය.
2020.01.01 සිට 2020.04 30 දක්වා කාලය තුළ සිදුවු මාර්ග අනතුරු පිළිබඳ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව එකී කාලය තුළ මාර්ග අනතුරු නිසා මියගිය සංඛ්‍යාව 736කි. ඒ අතරින් පදිකයින් 223, යතුරුපැදිකරුවන් 255, පසුපැදිකරුවන් 39ක්, රියදුරන් 58ක්, මගින් 104ක්, පාපැදිකරුවන් 56ක් හා වෙනත් 01 ද වශයෙන් මරණ 736ක් වාර්තා වී තිබේ.

2019 එකී කාල සීමාවට සාපේක්ෂව ගත් කළ මාර්ග අනතුරු නිසා මරණ 1006ක් වාර්තා වී තිබේ. කෙසේ වුවද වසර දෙකේ දත්ත සංසන්දනය කරන විට කොරෝනා ඇඳිරි නීතිය පැවැති කාලය තුළ මරන  270ක අවමවීමක් පෙන්නුම් කළේය.
නමුත් ඇඳිරි නීතිය ඉවත් විමත් සමග වර්තමානය වනවිට නැවතත් මාර්ග අනතුරු මෙන්ම ඒ  නිසා සිදුවන මරණ හා බරපතල තුවාල සිදුවීම් ඉහළ යමින් පවතී.

අප රටේ මේ වනවිට භාවිතා කරන වාහන සංඛයාව 80, 95.224ක් වේ. ඉන් සියයට 70ක්ම යතුරු පැදි හා ත්‍රිරෝද රථ වීම හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාමට හේතුවි ඇති බව එම සභාව සඳහන් කරයි.RAJADAHANA ACCIDENET (8)

කෙසේ වුවද යළිත් මාර්ග අනතුරු දිනපතා වැඩිපුර වාර්තා වෙමින් තිබෙන නිසා මාර්ග අනතුරු වළක්වා ගැනීමේ වැඩ සටහන් හා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් වහාම අරඹන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා    මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික සභාවට උපදෙස් දෙනු ලැබීය.

මේ අතර ඊයේ දිනයේද දක්ෂිණ අධිවේගී මාර්ගයේ හිමදූව – පින්නදුව අතර ප්‍රදේශයේදී රථ වාහන 3ක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මොටර් රථ දෙකක් සහ කැබ් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි.

මාතර සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක පිටුපස ගැටී එම මෝටර් රථය ඉදිරියෙන් ගමන් කළ තවත් කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියෙන් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට ද හානි සිදුවී ඇති අතර අක්මීමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article