spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේදි ගැබිණි මවකගේ දරුවා මිය යාම ගැන වගකිවයුත්තේ කව්ද ????

Must read

NGB hospitalමීගමුව රෝහලට ඇතුලත් කොට තිබු ගැබිණි මවක සිය දරුවා බිහිකිරිමට නියමිත බවට දි තිබුනද දිනයද පසුව සතියකටත් වැඩි කාලයක් පසුව තිබියදි ඇගේ කුස තුල දරුවා මිය ගිය ගොස් තිබුණ ශෝචනීය පුවතක් මිගමුව රෝහලෙන් වාර්ථා විය.
මෙසේ කුස තුල මිය ගොස් තිබුනේ ඇගේ කුළුදුල් දරුවාය.
මෙම අවාසනාවන්ත සිදුවිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවි ඇත්තේ මිගමුව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා හටය.
මෙවන් යුගයක දරුඋපතක් මරණයකින් කෙළවර විම යනු සැබැවින්ම ගැඹුරින් විමර්ශණය කළ යුත්තකි.මන්ද එසේ වි ඇත්තේ ඇයිද යන්න ගැන වඩාත් නිවරදිව දැනගැනිම සදහාය.ය
මිගමුව රෝහල් ඉතිහාසය පුරාවට අවස්ථා ගණනාවකදි සිදුව තිබුන වෛද්‍යමය නොසැලකිල්ල හා බැදුන අවාසනාවන්ත සිදුවිම් ගැන ගැඹුරින් විමර්ශණය කොට ඒවා යළිත් සිදුනොවිමට අදාල පියවරන් ගැනිම සම්බන්ධයෙන් එතරම් ධනාත්මක අත්දැකිම් සහිත රෝහලක්ව තිබුනේ නැත.
එම නිසාම අපෝ මිගමුව රෝහලට නම් යන්න එපා යැයි කියන අන්දමේ නරක නාමයක්ද පටබැදි තිබුණි.
මේ සියල්ලට ප්‍රධානතම හේතුව වන්නේ මීගමුව රෝහලට ස්ථිර රෝහල් අධ්‍යක්ෂකවරයෙකුගේ සේවාවක් මෑත ඉතිහාසය තුල කිසි කලක නොතිබිම නිසාය.
ආසන්තම සිදුවිම ගත්තද හිටපු අධ්‍යක්ෂකවරිය ඉතා හොදින් වැඩකටයුතු කරගෙන යමින් සිටියදි පුද්ගලික න්‍යාය පත්‍රයන් ඉස්සරහට දා ගෙන හැමවිටම කටයුතු කරගෙන යමින් සිටින ඒක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකු සිය දේශපාලන හයිරන්කාරකම් පෙන්වා මේ වන විට තවත් අලුත් අධ්‍යක්ෂකවරයෙකු මිගමුව රෝහලට පසුගිය කාලයේදි රැගෙන ආවේය.
මේ අතැම් විශේෂ – අඥයන් නිසා දැන් මිගමුව රෝහල පොරකුකුළන් කොටවන තැනක් බවට පත්වෙමින් තිබේ.
අරුමය වන්නේ මේ වන්මැන් ෂෝ වලට එරෙහිව සංවිධිත විරෝධයක් පළකිරිමට රෝහල කමිටුව හෝ රෝහල් සංවර්ධන පදනම් අසමත්ව තිබිමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article