spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1700කට කෝවිඩ් …

Must read

Coronavirus-outbreak-1
මැදපෙරදිග කලාපයේ රටවල් 17ක වෙසෙන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් 1,700කට වැඩි පිරිසකට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන් ‘අද’ පුවත්පතට පවසා ඇති බැව් එහි වෙබ් අඩවියේ සදහන්ය.
කෝවිඩ්-19 ආසාදිත මැදපෙරදිග විදෙස් ශ්‍රමිකයන් අතරින් 23 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වන බවත්, ඒ පිළිබද ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පවසා සිටි ඒ මහතා, එම රටවල පවතින නිරෝධායන නීතීන්ට අනුකූලව එම දේහයන්ගේ අවසන් කටයුතු සිදුකර ඇති බවද ප්‍රකාශ කර ඇත.
ආසාදිත පිරිස අතරින් 200කට වැඩි පිරිසක් මේ වනවිටත් සුවය ලබා ඇති බවත්, අනෙක් පිරිස රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් රන්දෙණිය මහතා පවසා සිටී.
මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් හිමිවන රක්ෂණ වන්දි මුදල් ඔවුන්ගේ යැපෙන්නන්ට ලබාදීමටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් සුබ සාධන සැලසීමටත් කාර්යාංශය කටයුතු කරන බව ද මේ වනවිටත් අදාළ තොරතුරු කාර්යාංශය විසින් රැස්කරමින් පවතින බවත්ී. තවදුරටත්  ඒ මහතා ප්‍රකාශ කර ඇතැයි එම පුවතේ සඳහන්ය.
මුලාශය – අද
.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article