spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව රෝහලට එන මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම ආරක්ෂක අංශයට ගැටළුවක්ලු !

Must read

NGB hospitalමුහුණු අාවරණ පිළිබදව රජය විසින් දැනටමත් සිය අදහස ප්‍රකාශයට පත්කර තිබේ. ඒ පැහැදිලි කිරිම් වලට අනුව හිජාබය මේ තහනම් ලයිස්තුවට අදාල නොවේ.
එය ස්කාෆ් එකක් වැනිය.
මේ ගැන සිය පැහැදිලි කිරිම ඇමති හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමේද  ලියා තිබුණි.
කෙසේ වෙතත් මේ ගැන නිසි පැහැදිලි කිරිමක් සමාජයට කෙසේ වෙතත් ආයතනය වල ආරක්ෂක අංශ වෙත නොමැත.
පසුගිය දිනක මිගමුව රෝහලට හිජාබයක් සහ අබායක් ( කිමෝනාවක් වැනි ) පැළද බෙහෙත් ගැනිමට පැමිණ තිබුණ කාන්තාවක් මිගමු රෝහලේ ආරක්ෂක අංශය විසින් නියෝග දි තිබුනේ එය ගලවා ඇතුළු වන ලෙසය.
මේ හේතුවෙන් අපහසුතාවයට පත්වු කාන්තාව පසුව බෙහෙත් ගැනිම පවා පසෙක තබා යළිත් වරක් සිය නිවසට පැමිණ ඇතැයි මිගමුව ප්‍රධාන මුස්ලිම් පල්ලියේ කමිටු සමාජික මහතෙකු මිපුර වෙබ් අඩවියට පවසා සිටියේය.
කෙසේ වෙතත් මේ වන විට මේ මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ සහ ඇදුම් පිළිබදව නිළ නොවන කථාබවක්   මිගමුව රෝහල තුල පවත්වා ඇතැයිද සැලය.මේ සදහා මිගමුව පොලිසියේ නිළධාරින්ද එක්ව ඇති බය සැලය.
රජය විසින් මේ සියළූ  ආයතනය වෙත සිය ස්ථාවරය ඉතා පැහැදිලි ලෙසින් චක්‍රලේඛයක් ලෙසින් එවිය යුතුව තිබේ.
එසේ නොවන්නේ නම් නිතිය තමන්ගේ දැනුමේ ප්‍රමාණයට විග්‍රහ කරගන්නා විවිධ ආරක්ෂක නිලධාරින් තත්වය තවත් අවුල් කරුණු ඇත.
මේ සම්බන්ධයෙන් මිගමුව රෝහලේ ආරක්ෂක අංශ ප්‍රධානියාගෙන අප කළ විමසුමකදි කියා සිටියේ මුස්ලිම් කාන්තාවන්ට  අපහසුවක් ඇතිනොවන ලෙසින් අදාල පරික්ෂා කිරිමක් පමණක් සිදුකරන බවය.
කෙසේ වෙතත් අපට අදහස් දක්වා සිටි සමාජය ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ මිගමුව රෝහලේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා උග්‍ර ජාතිවාදියෙකු ලෙස පෙනෙන බවත් එ ගැන තමන් ප්‍රසිද්ධියේ මිගමුව පොලිසියේ නිළධාරියෙකුටද රෝහල තුලදිම පවසා සිටි බවත්ය.
රටේ නීතිය යනු  ආරක්ෂක අංශ ප්‍රධානියාගේ කැමැත්ත හෝ අකමැත්ත නොවන බව කව්රුත් තේරුම් ගත යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article