spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව සිට මිරිස්ස දක්වා වෙරළ කලාප සංරක්ෂණය සහ සංචාරක සංවර්ධනය සඳහා වූ සැළැස්ම එළිදැක්වේ

Must read

Pasikudah-beach-Pasikuda--1443456141විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යට‍තේ ක්‍රියාත්මක වන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මිගමුව සිට මිරිස්ස දක්වා වූ වෙරළ තීරයේ සංරක්ෂණය සහ එම වෙරළ තීරයේ තිරසාර සංචාරක සංවර්ධනය සඳහා වූ සැළැස්ම එළි දැක්වීම  (23) BMICH හි දී සිදු වීය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය  සිව් වන වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා නෙක්ස්ට් – නීල හරිත යුගයක්  ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයට සමගාමිව විශේෂිත වැඩසටහන් රාශියක් කොළඹ බණ්ඩාරනායක අණුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

“මිගමුව සිට මිරිස්ස දක්වා වෙරළ කලාප සංරක්ෂණය සහ සංචාරක සංවර්ධනය සඳහා වූ සැළැස්ම” සඳහා මූලිකවම උපදේශකත්වය ලබා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ ගිණුම් කාරකසභාව මඟින් පත් කරන ලද පාර්ලිමේන්තු අනු කමිටුව මඟිනි. එම පාර්ලිමේන්තු අනු කමිටුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එකී සැළැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සැළසුම් සකස් කර ඇත.

සංචාරක ආකර්ශනයක් ඇති මිගමුව සිට මිරිස්ස දක්වා වූ 182 Km වන ශ්‍රී ලංකා වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමටත්, ධීවර කටයුතු සඳහාත් වඩාත් යෝග්‍ය වෙරළ තීරයක් වනබවත්, මෙම සැළැස්ම ක්‍රියාවට නැංවීම මඟින් එකී අංශ දියුණු කිරීම අපේක්‍ෂා කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, කෘෂිකර්ම හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්. රුවන්චන්ද්‍ර, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගෙඩිගේ, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයිය උපකුලපති මහාචාර්ය ආර්.එම්.කේ.රත්නායක, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සොමරත්න විදානපතිරණ ආදී වූ ආරාධිත අමුත්තන් රැසක් මෙම විද්වත් කථිකාව සඳහා සහභාගී වීය.

 news.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article