spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”මිනිසුන් විප්ලවයට සූදානමින් සිටිනවා. එහෙත් ඒවාට ලෝකය පුරා නායකත්වය දිය යුතු නායකයින්ගේ අඩුවක් තිඛෙනවා.”

Must read

ඔක්තෝබර් විප්ලවයේ සියවස් සමරු ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

”ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සමරමින් අද දවසේ ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ සංවත්සර උළෙල සංවිධානය කිරීමේ කමිටුව මේ වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව එම කමිටුවටත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයටත්, මගේ ගෞරවණීය ස්තූතිය මා පුද කරනවා.
ඔබ අප කවුරුත් දන්නා පරිදි මානව සමාජයේ ගෙවී ගිය දශක කිහිපයේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල දේශපාලන වශයෙන්, ආර්ථීක වශයෙන්, සංස්කෘතික වශයෙන්, වෙනස්කම් රාශියකට භාජනය වුණා. එහි ප්‍රතිඵලයක් විදියට ලෝකය අලූත් ගමන්මගකට යාම ආරම්භ වුණා. විශේෂයෙන්ම සංවර්ධනය කරා පියනැගීමේදී සාමූහිකත්වය, පොදු බව, මානවවාදය, මනුෂ්‍යත්වය, ඔක්තෝබර් විප්ලවයත් සමග සමාජය තුළ ජයග්‍රහණය කළා. ඒවගේම අපි දන්නවා පළවන ලෝක යුද සමය අතරවාරයේ තමයි සෝවියට් දේශයේ රුසියාවේ මේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සිදු වුණේ. එදා මෙදා කාලය තුළ ලෝකයේ රටවල්වල මිනිසුන්ගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය ඒ සියල්ල සඳහා මිනිසුන්ට සටන් කරන්නට අවශ්‍ය ගමන්මග සකස් කරන්නට ඔක්තෝබර් විප්ලවය ශ්‍රේෂ්ඨ පාඩමක් කියා දුන්නා.
අපේ රටේ නිදහස පිළිබඳව යුගයත්, ඉන්දීය නිදහස් අරගලයත් හතළිහේ දශකයේ නිදහස ලැබූ රාජ්‍යයන්, යටත්විජිතවාදීන්ට විරුද්ධව සටන් කරන්නට සියලූ වාද භේද අමතක කරමින් සාමුහිකත්වය සටන්කාමිත්වය සඳහා ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය පාඩමක් කියා දුන්නා. පනහේ දශකය මේ රට වෙනස්කම් රාශියකට භාජනය වුණා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා 56 පිහිට වූ ආණ්ඩුවත් සමග ඇති වූ සමාජ, ආර්ථීක, සංස්කෘතික පෙරළිය සමග 50 දශකය මේ රටේ සාහිත්‍යධරයින්, ලේඛකයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයින් මානවවාදය තුළ ශක්තිමත් වුණේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ පාඩමත් සමගයි. මාටින් වික්‍රමසිංහයන් වැනි විශිෂ්ට මානව හිතවාදීන් සිය පෑන හැසිරුවේ, සිය බුද්ධිය, ප්‍රඥාව, බහුශ්‍රැතභාවය පෙන්නුම් කළේ ඒ ඇති වූ සමාජ පසුබිම තුළයි. සෝවියට් දේශය සහ ශ්‍රී ලංකාව අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගන්නට 56 දේශපාලන පෙරළිය විශාල ශක්තියක් වුණා. ඒ යුගයේ සිටි ඉතාමත් ශ්‍රේෂ්ඨ සැබෑ මිනිසෙක් වූ මහාචාර්ය ගුණපාල මළලසේකර මැතිතුමා සෝවියට්හි අපේ පළවෙනි තානාපතිවරයා වශයෙන් පත්වීමත් සමගම සෝවියට් දේශය අපේ සංවර්ධනයට ඉමහත් ශක්තියක් සහ අත්වැලක් බවට පත් වුණා.
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩව තිබූ කාලසීමාව ලෝකය තුළ දේශපාලන බල කඳවුරු වාදය බොහෝ වෙනස්කම්වලට මගපෑදූ බව අප සෑම කෙනෙක්ම දන්නවා. විශේෂයෙන්ම යම් මතයක් යම් ප්‍රශ්නයක් යම් ගැටුමක් ඇති වූ විට එහිදී විවිධ මත අදහස් ඇති වෙනවා. ඒ මත අදහස් ඉදිරිපත් කරන්නට විකල්ප මත ඉදිරිපත් කරන්නට සමාජය තුළ ඉඩකඩ තිබිය යුතු වෙනවා. එහෙත් එක් මතයක් පමණක් එක දිගට ගමන් කරන විට විකල්ප මත ඉදිරිපත් වීමට ඉඩ නොලැබීමත් විවිධ මත සඳහා වේදිකාවක් නොතිබීමත් නිසා මිනිසුන් තුළ තිඛෙන සාමූහිකත්වය විනාශයට පත් වෙනවා.
මගේ දේශපාලන ජීවිතයේ අත්දැකීම් සමග මම දැකපු දේ තමයි සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවත් එදා ධනවාදී කඳවුර සහ සමාජවාදී කඳවුර ජාත්‍යන්තරය තුළ කටයුතු කිරීමේදී අපි වැනි පුංචි රටවල්වල නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව අපට දැක්වූ සහයෝගය ඉතාමත් විශිෂ්ටයි.
90 දශකයේ මුල් භාගයේදී ගොර්බ චොප්ගේ ප්‍රතිව්‍යුහකරණ පෙරස්ත්‍රෝයිකාවත් සමග සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීම මා දකින්නේ අද පවතින ජාත්‍යන්තර ත්‍රස්තවාදය බිහිවෙන්න මුල් හේතුවක් වූ විදියටයි. එහිදී ලෝකය එක් දෙසකට ගමන් කිරීමත් ලෝකයේ මධ්‍යස්ථ මතවාදයට ඉඩකඩ නොලැබීමත් නිසා බොහෝවිට අද ලෝකය පුරා ඇති වී තිඛෙන විවිධ ගැටුම් සහ ප්‍රශ්නවලට මුල් වී තිඛෙනවා. ලෝකයේ බලකඳවුරුවාදය තුළ පුංචි රටවල් විදියට අත්විඳින්නට සිදුවූ බොහෝ දේවල් එදා කඳවුරු දෙකක් තිඛෙන අවස්ථාවේ ආශිර්වාදයක් ශක්තියක් විදියට අපට ලැබුණා. නමුත් අද නොබැඳි ජාතීන්ගේ සමුළුව බිඳවැටිලා තිඛෙනවා. අද ලෝකය එක් දෙසකට ගමන් කරමින් තිඛෙනවා. ඒ සියල්ල තුළ අපි අපේ ගමන්මග සකස් කර ගත යුතු වෙනවා.
පසුගිය වසරේදී ඉන්දියාවේ පැවැති බි්‍රක්ස් සමු`ථවේදී වර්තමාන රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මැතිතුමා මට හමු වුණා. එම සමු`ථවේ දෙවන දවසේදී එකම මේසයක රාත්‍රී භෝජන සංග්‍රහය භුක්තිවිඳින්නට එතුමාටත් මටත් පුළුවන්කම ලැබුණා. මගේ වම්පස සිටියේ බංග්ලාදේශයේ ෂෙයික් හෂීනා මැතිණිය. එතුමියට එහායින් සිටියේ මියන්මාරයේ අවුන්සාන් සුකී. මගේ දකුණු පැත්තේ සිටියේ ව්ලැඩ්මීර් පුටින් මැතිතුමා. ව්ලැඩ්මීර් පුටින් මැතිතුමාට එහායින් සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා. එතුමාගේ එහායින් සිටියේ දකුණු අප්‍රිකාවේ සූමා ජනාධිපතිතුමා. මටත් ව්ලැඩ්මීර් පුටින් මැතිතුමාටත් ඒ රාත්‍රී භෝජන සංග්‍රහය ඉතාමත් වැදගත් වුණා. පැය එකහමාරකට වැඩි කාලයක් එතුමාටත් මටත් සාකච්ඡා කරන්න එය වැදගත් අවස්ථාවක් වුණා. වම්පස සිටි කාන්තා නායිකාවන් දෙදෙනා ඔවුනොවුන්ට කතා කිරීමත් අප දෙදෙනාට එහා පැත්තේ සිටි රාජ්‍ය නායකයින් දෙදෙනා ඔවුනොවුන් සාකච්ඡා කිරීමත් නිසා මටත් ව්ලැඩ්මීර් පුටින් මැතිතුමාටත් නිදහසේ කතා කරන්න විශාල ශක්තියක් වුණා. එම සමුළුව පසුදා අවසන් වුණා.
අපි එදා රාත්‍රී භෝජන සංග්‍රහය ගත්තේ ඉරිදා දවසක රාත්‍රියේ. සඳුදා උදේ සමුළුව අවසන් වෙලා මම මගේ රටට පැමිණියා. අගරුවාදා උදේ තිබුණු කැබිනට් රැස්වීමට යන්න කලින් ව්ලැඩ්මීර් පුටින් මැතිතුමා හමුවී පැය 48 ක් යාමටත් පෙර මෙහි සිටි රුසියානු තානාපතිතුමා මගේ කාර්යාලයට බොහෝම වේගයෙන් ඇවිල්ලා කිව්වා ව්ලැඩ්මීර් පුටින් මැතිතුමාගෙන් රාජ්‍ය සංචාරයක් සඳහා රුසියාවට ආරාධනයක් තිඛෙනවා කියලා. වසර 44 කට පසුව ඒ රාජ්‍ය සංචාරය ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා විදියට මට ලැබීම මේ රටේ මුළුමහත් ජනතාවට රුසියානු ජනතාව සහ රුසියානු ආණ්ඩුව කරන ලද විශිෂ්ට ගෞරවයක් ලෙසයි මම සලකන්නේ. මම රුසියාවට ගිය අවස්ථාවේ වැලැඩ්මීර් පුටින් මැතිතුමා සමග පැය හතහමාරක් කතා කරන්න, සාකච්ඡා කරන්න, දහවල් භෝජන සංග්‍රහයේදි පවා මෙරටට වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන්න අප දෙදෙනාට අවස්ථාව ලැබුණා. මීට පෙර මගේ මතකයේ හැටියට ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් සමග මට එතරම් වේලාවක් කතා කරන්න ඉඩකඩ ලැබිලා තිබුණේ නැහැ.
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තිබුණු කාලයත් අද රුසියාවේ ජාත්‍යන්තර දේශපාලන ප්‍රතිපත්තිය තුළත් මම දකින දේ තමයි ශ්‍රී ලංකාව සහ රුසියාව අතරේ පවත්නා සම්බන්ධතාවන්වලදි අද රුසියාව අපට අවංකවම උදව් කරන මිත්‍රයෙක් බව මම ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්නට ඕනෑ. පසුගිය දශක කිහිපය තුළ ආර්ථීක ආධාර, විවිධ අංශවලින් ලබාදීම සඳහා සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවත් ඒවගේම වර්තමාන රුසියාවත් කටයුතු කළ ආකාරය ඉතාමත් අගය කළ යුතු වෙනවා.
මගේ රුසියානු නිල සංචාරයෙන් පසුව ඇතිවුණු සබඳතා ශක්තිමත් කිරීම, සබඳතා වර්ධනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ තුළ රුසියානු රජයෙන් අපිට ලැඛෙන ආධාර උපකාර මේ වසරේ සිට වැඩි වෙලා තිඛෙනවා. අපි එය අගය කළ යුතු වෙනවා. රුසියාව සහ ශ්‍රී ලංකාව අතරේ වර්තමානයේ පවතින ද්විපාර්ශ්වික සබඳතා ආර්ථීක වෙළෙඳ සබඳතා නිසා දෙරට අතර ඉතාමත් ශක්තිමත් පදනමක් ඇති වී තිඛෙනවා වගේම වර්තමානයේදී අපේ රට දියුණු කරන්න රුසියන් රජය, ජනතාව, ව්ලැඩ්මීර් පුටින් මැතිතුමා දෙන සහයෝගය අපි ඉතාමත් අගය කළ යුතුයි.
අද අවසාන වශයෙන් මා සඳහන් කරන්නට ඕනෑ ලෝකය පුරා තිඛෙන විවිධ ආර්ථීක, දේශපාලන තත්ත්වයන් ගත් විට විප්ලවය පිළිබඳව එදා කතා කළා වගේම, ඒ පිළිබඳ අද අඩුවෙන් කතා කළත් ලෝකයේ මානව සමාජය තුළ විප්ලව සිදුවෙමින් පවතිනවා. මිනිසුන් විප්ලවයට සූදානමින් සිටිනවා. එහෙත් ඒවාට ලෝකය පුරා නායකත්වය දිය යුතු නායකයින්ගේ අඩුවක් තිඛෙනවා.
අදත් ලෝකයේ තාක්ෂණික සාර්ලා බිහිවී තිඛෙනවා. අද සිටින සාර්ලා ලෝකයට මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පාඩම් කියා දෙමින් සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article