spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිලානෝ කොන්සියුලර් කාර්යාලයට ඉතාලියේ විශ්‍රාමික පොලිස් කොමසාරිස්වරයෙකුගේ සම්බන්ධිකරණ සහය !

Must read

89608527_231142481374937_7426999044725014528_nඉතාලිය තුල වර්ධනය වෙමින් එන වසංගත තත්වය හමුවේ මිලානෝ නුවර ශ්‍රි ලංකා කොන්සියුලර් කාර්යාලයට ඇවසි සම්බන්ධිකරණ කටයුුතු  වෙනුවෙන් ඉතාලියේ විශ්‍රාමික පොලිස් කොමසාරිස්වරයෙකුගේ  සිය කැමැත්තෙන්ම සිය සේවාව ලබාදිමට කටයුතු කර ඇති අතර රජය මේ වන විට එයට නිල වශයෙන් අනුමැතිය දි ඇත.
විශේෂයෙන්ම මිලානෝ කොන්සියුලර් කාර්යාලය ලොම්බාර්ඩි කලාපය තුල පිහිටා තිබිමද හේතු කොට ගෙන දැනට ඉතාලියේ බහුතර ශ්‍රිලාංකිකයන්ද ඒ කලාපය තුලම ජිවත්වන පසුබිමක ඉතාලියේ පොලිස් සේවයේ විශ්‍රාමික කොමසාරිස්වරයෙකුගේ ස්වේච්ජා මැදිහත්විම සැබැවින්ම කිසියම් අස්වැසිල්ලක් වනවා නොඅනුමානය.
Ruggiero Eugenio නම් වු මෙම උසස් විශ්‍රාමික නිළධාරියාට අදාල කලාපය හා ඇති මනා සබදතාවයන් මේ අත්‍යවශ්‍ය මොහොතේ ශ්‍රිලාංකිකයන් හට අවැසි නිසි සම්බන්ධිකරණයන් වෙනුවෙන් සෑබෑම සහයක් වනු ඇත.
විශේෂයෙන්ම ඉතාලි රජය විසින් දැඩි ආරක්ෂිත කලාපයක් නම් කිරිමත් සමගින් ඇතැම් ශ්‍රිලාංකිකයන් හට ඇවැසි අත්‍යවශ්‍යම කාරණා වෙනුවෙන් මෙම උසස් නිළධාරියාගේ සමබන්ධතා හා සම්බන්ධිකරණ වෘත්තියභාවය සැබැවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article