spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට රු 5000 ත් තාම නෑ ! ධිවරයන්ට සහනාධාරත් නෑ ! ඡන්ද කාලේ තෝප්පි බෙදපු අයත් නෑ. ?

Must read

පොඩි බෝට්ටු ධිවරයාකුට්ටුදුව කරවලමීගමුවේ ධිවරයන්ගේ අසරණකම් ගැන අදෝනා දිනෙන් දින ඉහල යමින් තිබේ. ධිවරයන් යනු රජයටවත් කිසිවෙකුටත් කිසිදු කරදයක් නැතිව මාරියාවත් සමගින් පොරබදමින් ජිවන සටන ගෙන ගිය ස්වාධින ප්‍රජාවකි.
එහෙත් කොරෝනා හමුවේ ඔවුන් අද පත්ව ඇත්තේ ඉතා දරණු අසරණභාවයකටය.
අවසනාවක මහත නම් ධිවර බලධාරින් පවා මේ අසරණව සිටින ධිවරයන් ගැන නිහඩම සිටිමයදැල් බේරන අයපොඩි ඔරුපොඩි බෝට්ටු 10
මිගමුවේ පල්ලි හදා විස්කම් කරන්නට තමන්ගේ අදායමෙන් පංගුවක් දුන් මේ ධිවර ප්‍රජාව ගැන කතෝලික පල්ලියද නෑසු කන්ව සිටින සෙයකි.
රු 5000 අද ලැබෙයි හෙට ලැබෙයි කියා බලා සිටියද මිගමුවට තවමත් එයද නැත.
පසුගිය මැතිවරණ කාලය තුල ධිවරයන් වෙනුවෙන් කිතුණුවන් වෙනුවෙන් පණ දෙන්නට වේදිකා ගානේ මොර දුන් මීගමුවේ ප්‍රකෝටිපති දේශපාලකයන්ද නිහඩය.
ඔවුන් දැන් යාචකයන්ට කන්නට බත් පාර්සලයක් දිමට වැල්ලවිදියේ කුප්‍රකට නීති විරෝධි මත්පැන් හල් හිමියන්ගෙන් පවා අධාරලබා ගනිමින් සිටිති.එවන් නිති විරෝධි වැඩවලට අතදිගහැර උදව් කළ දේශපාලකයන් කව්ද යන්න කතෝලික පල්ලියත් මිගමුවේ ජනතතාවත් ඉතාමත් හොදින් දනි.ලංසාගේ තොප්පිය .png2
අසරණ ධිවරයාපසුගිය දිනක බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයට සිය මත්‍යස්‍ය සම්පත ප්‍රවාහනයට තිබුන බාධාවන් නිසා අසරණ වු අවස්ථාවේ ඔවුන්ගේ පිහිටට සිටියේ හිටපු  ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න පමණකැයි කියා ඇත.
දේශපාලකයන්ට දැන් ඡන්දදායකයා වැදගත් නැති බව දිනෙන් දිනම  ඔප්පු වෙමින් තිබේ.
සැබැවින්ම දැන් මිගමුවේ ධිවර ප්‍රජාවට ඇත්තේ මේ දේශපාලකයන් විසින් ඡන්දෙට බෙදා දුන් පාට ගිය මනාප තෝප්පියම  පමණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article