spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේදි පොහොට්ටුව රකින එජාප නායකයන් ගෝඨාට එරෙහිව ඡන්ද කරන්නේ කොහොමද ?

Must read

kavindaමීගමුවේ එජාප නාගරික මන්ත්‍රි කොළ ඇදුම් ඇදගෙන අද පැවැති එජාප ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල රැලියට ගාලුමුව දොරට ගොස් සිටි අයුරු මුහුණු පොතේ පළව ඇති ඡායාරුප මගින් පෙනේ.
දස දෙසින් පැමිණ ලක්ෂ ගණනක ජනයාගෙන් පිරිගොස් තිබුණ මේ රැළිය ගෝඨාභයටත් පොහොට්ටුවටත් එරෙහිව දැවැන්ත රැල්ලක් රටපුරා දියත් කරනු ලබන බව නියතය.
එහෙත් අවසනාවකට මෙන් මිගමුවේදි නම් එය එසේ නොවිමට ඉඩ ඇත්තේ මිගමුවේ පෙහොට්ටු පාලනය නැලවිමට සහ රැකගැනිමට කොන්දේසි විරහිතව මේ වන විට කාවින්ද ජයවර්ධන ඇතුළු නාගරික බහුතරයක් නාගරික මන්ත්‍රිවරුන් කටයුතු කරමින් තිබිමය.
පළාත් පාලන නීතියට පටහැනිව සිදුකරගෙන යමින් දැවැන්ත ගසා කෑම් නවතා ලිමට කිසිදු මැදිහත්විමක් මේ නාගරික මන්ත්‍රිරුන් විසින් සිදුකරන බවක් නොපෙනේ .
ලංසා පවුලේ ඕනෑඑපාකම් පිරිමැසිම සදහාම පවත්වනු ලබන මුදල් කාරක සභාවේදි එය නියෝජනය කරනු ලබන එජාප නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනා හැසිරෙන්නේ හරියට පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකු ලෙසය.
මෙවන් පසුබිමක පොහොට්ටුවට එරෙහිව  මීගමුවේදි මේ නාගරික මන්ත්‍රිවරුන්ට ඇත්තේ කුමක්ද ?
2015 දි ජනාධිපතිවරණයේදි ඉතා පැහැදිලි දේශපාලන නායකයත්වය තුල රාජපක්ෂලා පරාජය කරමින් ලබාගත් වැඩි ඡන්ද 30000 ඉතා පැහැදිලිව ගම්පහ දිස්ත්‍රික්කයම දිනවිමට තල්ලුවක් දි තිබුණි.
එහෙත් ඒ ගැම්ම මෙවර ගැනිමට කිසිසේත්ම නොහැකි වනු ඇත.ට
ඒ ලංසා පවුලට වසග වි සිටින කාවින්ද ජයවර්ධන ඇතුලු බහුතරයක් නාගරික මන්ත්‍රි නඩය නිසාය.
එබැවින් ගෝඨාභය පරාජය කිරිම සදහා පෙළගැසෙන ප්‍රගතිශිලි ජනයාට දැන් සිදුව ඇත්තේ තමන්ගේම නායකත්වය යටතේ පෙරමුණ ගෙන වැඩකිරිමටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article