spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ආර්පිකෝ කළමණාකරු මාධ්‍යවේදියෙකුට චණ්ඩිපාට් දාලා.

Must read

දෙවන සංස්කරණය -12.05.04.2014-අද( 11.04.2014) සවස 4.30 ට පමණ මීගමුවේ ශා.ජෝශප් විදියේ පිහිටි ආර්පිකෝ සුපර් සෙන්ටර්  වෙත ගොස් තිබුණ මාධ්‍යවේදියෙකු වෙත කඩාපැන්න එහි කළමණාකරුවෙකු කුණුහරුපයෙන් බැන් වැදි ඇත්තේ එහි සිටි සිය ගණනක් වු පාරිහෝගිකයන්ද ඉදිරිපිටදිය.
හිරු නාලිකාවේ ප්‍රසාද් මුතුකුඩ මහතා අප වෙත මිට සුළු මොහොතකට පෙර පවසා සිටියේ සිය මෝටර් රථයේ තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩින් කඩ ක්‍රියාවිරහිත වන බැවින් බැටරිය පණගැන්විම සදහා අවශ්‍ය වයර් එකක් ගැනිම සදහා ආර්පිකෝ වෙත ගිය බවත් එහි රථ ගාලේ ප්‍රමාණවත් ඉඩක් නොතිබුන බවත් තම වාහනය පාක් කරගතැ හැක විකල්ප තැනක් ගැන කිමට හෝ විමසිමට කිසිවෙකුත් එහි සිට නැති බවත් අවසනායේ තම වාහනය නතරවිම නිසා එහි ඇතුළුවිමේ ස්ථානයට යාබද තැනක තවත් රථයක් මාරුවිය හැකි අයුරින් අසිරුවෙන් එය නවතා දාම කඩිනමින් ආර්පිකෝ වෙත ගියේ අදාල වයර් එක මිලට ගැනිමට බවය.
ඉන් සුලු වේලාවකට පසු එහි පැමිණි ආරක්ෂක නිළධාරියෙකු තම රථය ඉක්මනින් ඉවත් කරගත යුතු බව දැන්වු බවත් පසුව එහි පැමිණි කළමණාකරු ”තමුසේ බුරුවෙක්ද ඕයි පකේ මාධ්‍යකාරයෝ ”යැයි කියමින් සිය ගණනක් වු පාරිහෝගිකයන් අතරේ තමන්ට බැනවැදුන බවය.
මේ සම්බන්ධයෙන් අප ආර්පිකෝ ආයතනයෙන් විමසා සිටි අවස්ථාවේ අදාල සිදුවිම ගැන කිසිවක් නොකි එහි සිටි තවත් කළමණාකරුවෙකු පවසා සිටියේ අප මේසේ විමසිමනේ ඔවුන්ගේ වෙළදාමට බාධා කරන බවය.
මීගමුවේ කිසිදු සුපිරි වෙළද සැලක සිය පාරිහෝගිකයන් හට කුණුහරුපයෙන් කථා කරන කළමණාකරුවන් සිටි යැයි අප නම් අසා නැත.
මේ නිසාම ඔහු ගැන වැඩිවිස්තර අප ඉක්මනින්ම මීගමුවේ පාරිහෝගිකයන් වෙත ලබාදිමට උපරිම උත්සාහ ගනිමු.arpico 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article