spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කඩොලාන විනාශ කළ ඇමති නිමල් ලංසා මුතුරාජවෙල රක්ෂිතය රැකගන්නවාලු ?

Must read

ලංසා පාලනය විසින් කඩොලාන අක්කර 8ක් කපා විනාශ කළ අයුරු .
ලංසා පාලනය විසින් කඩොලාන අක්කර 8ක් කපා විනාශ කළ අයුරු
.

ඇමති නිමල් ලංසා වත්තල පැවැති  ජනහමුවකදි තමා පරිසරවේදියෙකු යැයි කියාගන්නට ගත් උත්සාහයක් ගැන වාර්තා වි තිබේ.එහිදි ඔහු කියා ඇත්තේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසරය ආරක්ෂා කරමින් පරිසර හිතකාමී ලෙස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු වඩා ක්‍රමවත් හා පරිසර හිතකාමී ලෙස ක්‍රියාවට නංවන බවය.
එමෙන්ම වත්තල ප්‍රදේශයේ වගුරු බිම් සහ කුඹුරු ඉඩම් ගොඩකිරීම නතර කිරීමට කටයුතු යොදා ඇති අතර වත්තල ප්‍රදේශයටද මායිම් වන මුතුරාජවෙල රක්ෂිතය ජෛව විවිධත්වය අතින් ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරන අතර මෙම රක්ෂිතයට කැලි කසළ බැහැර කිරීම නතර කිරීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසා තිබේ.
මැතිවරණයක් අභියස පරිසරය ගැන වැනුම එසේ වෙද්දි ඔහුගේ දේශපාලන ඉතිහාස පැටිකිරිය කියා සිටින්නේ මිගමුවේ කඩෝලාන අක්කර 8 ක් කපා ගිනි තැබු අයෙකු ලෙසය.
එබැවින් එවැනි පරිසර විරෝධියෙකු කිසිදිනකවත් පරිසරය රක්ෂණය කිරිමට පියවරගන්නේ නැති ඉරහද මෙන්ම විශ්වාස යැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් වත්තල ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙකු අවධාරණය කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article