spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුංචි රෝමයේ ජනමතය ජාවාරම්කාර කළු සල්ලිවලින් මංකොල්ල කන්න ලංසාලා සැරසෙයි !

Must read

Niaml BR and dayannewමීගමු මහනගර සභාවේ බලය පිහිටුවිම සදහා මන්ත්‍රිධුර 7 ක් අඩුවෙන් සිටින නිමල් ලංසා පිළ කෙසේ හෝ සිය සහෝදරයාව නගරාධිපති කරවිම සදහා රු කෝටියක් වුව වැය කර මන්ත්‍රිවරුන් මිළට ගැනිම සදහා මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්ථාවේ.
මීගමුව කොට්ටාශ වලින් පැහැදිලිව 3/2 බලයක් හිමිකරගනිමින් පැහැදිලි ජනමතයක් හිමිකරගෙන ඇති එජාපය පවතින මැතිවරණ ක්‍රමය නිසා අතිරේක ලයිස්තුවෙන් සිදුවු අවාසිය නිසා තනිව බලය පිහිටුවිමේ අර්බුදයකට මුහුණ දි සිටි.
ශ්‍රිලනිපය සමසංවිධායකවරුන් මේ සදහා සහය දැක්විමට සුදානමින් සිටින අතර දැනට ශ්‍රිලනිප ඉහල බලධාරින්ගේ අනුමතිය ලැබෙන තුරු බලා සිටින බවද වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත කියා සිටියේ පවුලේ කළු ජවාරම් අහිමිව යාමේ භිතිය නිසා පුංචි රෝමයේ ජනමතය කුඩු සල්ලිවලින් කොල්ලකැමට දැන් ලංසා පවුල සැරසෙන බවත් ඒ සදහා මීගමුවේදි වඩාත් බලවත් කඩු සල්ලිද ,කළු සල්ලිද නැතිනම් ඇත්ත ජනතා බලවේගයද යන්න පෙන්විමට තමන් ඇතුළු සමස්ථ එජාප ක්‍රියාකාරින් සුදානමින් සිටින බවත්ය.
තතු එසේව තිබියදි එක් මන්ත්‍රිවරයෙකු වෙනුවෙන් රු කෝටි 2කක් හෝ වැයකිරිමට ලංසා පිළ සුදානමින් සිටින බවත් දැනටමත් ඇතැම් මන්ත්‍රිවරුන්ට මෙසේ යෝජනා කර ඇති බවත් දැනගන්නට ඇත.
මෙය ඇත්තටම බරපතල තත්වයකි.මේ මෙහෙයුම සදහා බැසිල් රාජපක්ෂ පවා හවුල් බවද දැනගන්නට තිබේ.
මින් කියැවෙන්නේ මීගමුවේ පැහැදිලි ජනමතය ජාවාරම්කාර කුඩු සල්ලිවලින් මංකොල්ල කන්නට යන බව නොවේද ?.මේ සම්බන්ධයෙන් බරපතල සමාජ විරෝධයක් මතු කළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article