spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ තවත් ඩෙංගු මරණයක් !

Must read

Dengue_5.gifපාලකයෝ සැප සවාරි යද්දි මිගමුව ඩෙංගු භිතියෙන් ඇලලි යයි . තම දරුපවුලේ ආරක්ෂාව පමණක් සිතා සතියකට කිප සැරයක් ධුමායනය කරන නගරාධිපති කෙනෙකු සිටින නගරයක බදු ගෙවන ජනයාට ඉතිරිව ඇත්තේ මරණයම පමණි.
මිගමුවේ දැන් තවත් ඩෙංගු මරණයකි.
ඊයේ රාත්‍රියේ මිගමුව රෝහලේදි ඒ මිය ගියේ 14 වෙනි ඩෙංගු රෝගියායි.පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මුස්ලම් කතක් ඩෙංගු උත්සන්න විම නිසා මෙසේ ජිවිතයෙන් සමුගෙන තිබේ.
මීගමුව දැන් ගමන් කරමින් සිටින්නේ දරුණු ඛේදවාචක තත්වයක් කරාය. පසුගිය ජුලි මාසයේ සිට මේ දක්වා මාස 5 ක කාලයක් තුල මිගමුව රෝහලේදි ඩෙංගු රෝගින් 14 දෙනෙකු මිය ගොස් තිබේ.
මේ සා විශාල මරණ ගණනක් සිදුවෙමින් ඇත්තේ ඩෙංගු වෙනුවෙන්ම තැනු විශේෂ ඩෙංගු ප්‍රතිකාර ඒකකයක්ද තිබියදිය.
මිට වසර කිපයකට ඉහතදි  බහුරයක්  වෛද්‍යවරුන්ගේ ද කැපකිරිම් තුලින් එකදු ඩෙංගු රෝගියෙකු හෝ මිය යාමට නොදි බේරාගෙන තිබුණද දැන් තත්වය වෙනස්ය.
ඇතැම් වෛද්‍යවරුන්ට ඩෙංගුද දැන් තවත් සුපිරිම අදායම් මාර්ගයක්ම පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article