spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගිනි නිවන භටයන් ලවා බැනර් ගලවන මිගමුවේ අමන නගර පාලනය ?

Must read

ගිනි නිවන රථගිනි නිවන 2දෙවියෝ නැති තැන මෝඩයෝ පිණුම් ගහනවා යැයි කථාවක් තිබේ. එමෙන්ම ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ කුමක්දැයි අපට අමුතුවෙන් කිව යුතු නොවේ .
සැබැවින් මිගමුව යනු ඉහත සියළු කියමන් හා අනගි සබැදියාවක් ඇතැයි සිතෙන නගරයක් බවට දැන් පත්ව ඇතිවා සේය.
දෙවියන් නැති විට සිදුවන්නේ මෝඩයෝ එක පෙළට එක රැළට සිට පිණුම් ගැසිමය..
දැන් මිගමුවේ ඇත්තේද එවැනි පිණුම්ය.
ගිනි නිවන 3ගිනි නිවන රථ 5ගිනි නිවන රථ 6ගිනි නිවන 8
ගිනි නිවන ඒකකයක් යම් නගරයක ස්ථාපනය කරන්නේ එම ප්‍රදේශයේ හා අවට ප්‍රදේශයන්ගේ ඇතිවන ගිනි ගැනීමේ සිදුවීම් වලට ක්ෂණික මැදිහත්වීමක් සිදුකර එම ගිනි පාලනය කර හානිය අවම කිරීමේ කටයුතු සදහාය. එම නිලධාරීන් පුහුණු කරන්නේද රජයෙන් ඔවුන්ට වැටුප් ගෙවන්නේද ඒ සදහාය.
සැබැවින්ම එය නිසි පුහුණුවක් සහිත වු වෘත්තියකි.
එහෙත් මිගමුවේදි සිදුවන්නේ ඒ වෘත්තිය ගිණි භටයන් ලවා නගරයේ බැනර් ගලවා නගර පිරිසිදු කිරිමේ කටයුතුය.තම් කරන්නේ පැහැදිලි වරදක් යැයි තේරුම් ගැනිමටවත් නිනව් නැති නගරාධිපතිවරයා කරන්නේ මහඋජාරුවට ඒවා මුහුණු පොතට ඔබා එක දවසට එක වැඩක් යැයි කියා සිය මුහුණු පොතේ මාධ්‍ය සංදර්ශණ පැවැත්විමය.සැබැවින්ම නගරාධිපතිවරයා සිතනවා ඇත්තේ ගිනි නිවන භටයන් යනු සිය දේශපාලන වැඩවලටත් යොදවා ගැනිමට සැලසුම් කරමින් බදවාගෙන සිටින ව්‍යාපෘති කම්කරුවන් කියාය.
.ගිනි නිවන 11ගිනි නිවන 12

මිගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානියාද තකට තකය.

මීගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානීයා මීගමුව ගිනි නිවන ඒකකයේ ගිනි නිවන භටයින් යොදා ගන්නේ ගිනි නිවන්නට පමණක් නොවන බව පසුගිය දිනකදි අප විස්තරාත්මක හෙළි කළේ  අපගේ මාධ්‍යවේදීයෙකුගේ කැමරා කාචයේ සටහන් ව තිබු දර්ශන පෙළක්ද සමගින්ය.

දැන් මරුය..
මේ වෘත්තියම නොවන ගොන් පාට් වැඩ ගැන මුහුණ පොතට පින්තුර ගසා ඔබන්නේද නගරධිපති විසින්මය.ඒ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ලවා මාර්ග දෙපස ඇති බැනර් ගලවන අවස්ථාවන්ය.එය සැබැවින්ම ගිනි නිවිම වැනි වෘත්තියමය කටයුත්තකට පැමිණ ඇති සේවකයන්ට කරන නිගරුවකි.දායන් ලංසා බැන

අද “ දවසකට එක වැඩක් “ වැඩසටහන යටතේ නගරාලංකරණයට බාධා වන අයුරින් විවිධ ස්ථානවල අනවසරයෙන් ප්‍රදර්ශණය කර තිබූ බැනර්,බෝඩ් සහ කටවුට් ඉවත්කරවීමට පියවර ගන්නා ලදී.
මා නගරාධිපතිධුරයට පත්වූ දිනයේ සිට මේ ආකාරයෙන් නගරාලංකරණයට බාධා වන බැනර්,බෝඩ් සහ කටවුට් ඉවත්කරවීමට පියවරගත්තද වසරකටත් වඩා වැඩි එම කාලය පුරාවටම මෙලෙස නැවත නැවතත් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකරමින් විශාල පරිසර හානියක් සිදුකරන නිසා මින් ඉදිරියට නීති විරෝධී ආකාරයෙන් බැනර්,බෝඩ් සහ කටවුට් ප්‍රදර්ශණය කරන පිරිස් වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇත.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2019.11.30

ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ එවන් දේවල්ය.
එය මෙම නිලධාරීන්ට අයිති කටයුත්තක් නොවන අතර එම කාර්යය නගරසභාව විසින් එහි කම්කරුවන් ලවා සිදුකර ගත යුත්තකි. නමුත් මීගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා මීගමුව නගර සභාවේ නගරාධිපතිගෙන් ලකුණු දමා ගැනීමට තමන් යටතේ සිටින නිලධාරීන් හිතුමතේ මෙවැනි ක්‍රියාවන් සදහා යොදවන්නේ  ගිනි නිවීමේ රථයක්ද සමගින්ය..
ගිනි නිවන ඒකකයේ ප්‍රධානිය තම වෘත්තියට නිගා දෙමින් අමන පාලනයක් වෙනුවෙන් රෙදි නැතුව කඩේ යෑමේ මිගමුවේ බදු ගෙවන ජනයාගේ විරෝධයට ලක්විය යුතුමය.
ඡායාරූප-නගරාධිපති මාධ්‍ය ඒකකයෙනි – මිගමුව මහනගර සභාව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article