spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුල්ලේලාට බය රාජපක්ෂලා ?

Must read

sudarshaniජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පරපුර ජාතික දේශපාලනයේ හිණිපෙත්තටම නගමින් සිටින මොහොතක ඒ ගමන නවතා ලිමට කිසියම් බලවේගයක්  විසින් දේශපාලනික තින්දුවක් ගෙන තිබුණි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රනාන්දුපුලේලේ යන දේශපාලන චරිතය ස්ථාවර විම ඇතමෙකුගේ දේශපාලන සැලැස්මට බාධාවක්ව පැවැති මොහොතක ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ලක්වේ.
සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඒ හිඩැස පුරවන්නට එන්නේ ඉන්පසුවය.
එහෙත් ඇයටද මුහුණ දිමට සිදුවන්නේ සිය සැමියා මුහුණ දුන් දේශපාලන යථාර්ථයටමය.
2015 පාර්ලිෙම්න්තු මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කය තුල සුදර්ශණිට එරෙහිව ක්‍රියාත්මක වු බලවේගය ඇය පරාජය කිරිම සදහා සැලැසුම් රාශියක් ක්‍රියාත්මක කරමින් සිටියේය.
රාජපක්ෂ පරපුර වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුල මේ වගකිම භාරගෙන කටයුතු කළ කිපදෙනෙකුම විය.
නිමල් ලංසා සහ ප්‍රසන්න රණතුංග යනු මේ අය අතර වු ප්‍රධාන චරිතය.
පසුගිය කාලයේදි  නියෝජ්‍ය කථානායකධුරය සදහා සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරිපත්විම තිරාණාත්මක ලෙසින් පරාජය කරනු ලබන්නේ ලබන්නේද ගම්පහ දිස්ත්‍රික්ක දේශපාලන බලවේගයන්ගේ සැලැස්මකට අනුවමය.
මේය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරිය විසින්ද වරක් සදහන් කර තිබුණද මේ දේශපාලන පාඩම ඇය තවමත් ඉගෙන ඇතිදැයි යන්න සැක සහිතය.
යහපාලනයට සිග්නල් දමා දැන් යමපාලනයට හැරවු සුදර්ශණිට දැන් ගැලවිමක් නැත.
දේශපාලනයේදි ජාතික වශයෙන්ම මෙන්ම දිස්ත්‍රික්කය තුලද දැන් ඇයට එරෙහිව බලවේග පෙළගැස්වි හමාරය.
එහෙත් පෙරළුන පිට හොදයි කිම ඇරෙන්නට ඇයට දැන් විකල්පයක්ද නැත.
මෙවර කැබිනට් මණ්ඩලයේ සිටින්නේ එකම එක කාන්තාවකි.බුද්ධිමතුන්ගෙන් කැබිනට්ටුව පුරවන්නට සිතා සිටින රාජපක්ෂලාගේ ප්‍රතිපත්තිවලට අනුව සුදර්ශණිට ඇමතිධුරයක් හිමිවන්නට තරම් වන නුසුදුසු කම කුමක්දැයි කටානේ ජනයා පවා දැන් ප්‍රශ්ණ කරන්නට පටන් ගෙනය.
සුදර්ශණි ගැන සැලකිය යුත්තේ ඇය දේශපාලනය අවතිර්ණවු වසර ගණන අනුව නොවේ . පුල්ලේ පරම්පාරාව දේශපාලනය තුල නියැලි සිටි කාලයද සලකාගෙනය.
කෙසේ වෙතත් දැන් එකක් පැහැදිලිය. එනම් එදත් අදත් හෙටත් රාජපක්ෂලා පුල්ලේලාට ගම්පහදි බියක් දක්වන බවය.
සුදර්ශණිට ඇමතිකමක් නොලැබෙන්නේද ඒහෙයිනි.
ඇය එදිරියේ සදාතනික් බාධාවක් ලෙස  දැන් රාජපක්ෂලා පමණක් නොව  රණතුංගලාද සිට ගනිමින් මගඅහුරා ඇත..
දැන් ඇයට ගැලවිමක් ඇත්තේම නැත.
කීර්ති බියන්විල
ගම්පහ

\
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article