spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු සංචාරක කලාපයේත් ඩෙංගු පැතිර යාමේ අවධානමක් ?

Must read

hotel-4452-1මේ වන විට ඉතාමත් අවාසනාවන්ත ලෙසින් මීගමුවේ ප්‍රදේශ ගණනාවක්ම ඩෙංගු මාරයාට ගොදුරු වෙමින් තිබේ.මේ අතර සංචාරක කලාපය පැතිර ගිය ප්‍රදේශයේද මේ වන විට ඩෙංගු අවධානමට ලක්වමෙින් තිබේ.
වැල්ලවීදියේ පසුගිය සති දෙකක කාලය තුල ඩෙංගුමරණ 2 කක් සිදුව තිබිමෙන් පෙන්නුම් කරන්නේ වැල්ලවිදිය පුරා වේගයෙන් ඩෙංගු පැතිර යමින් ඇති බවය.
සංචාරක කලාපයට අයත් පොරුතොට ප්‍රදේශයේද ඊයේ  රාත්‍රියේ තවත් ඩෙංගු මරණයක් සිදුව තිබේ.
මේ තත්වය පාලනය කිරිමට අදාල බලධාරින් වහා මැදිහත් නොවන්නේ නම් ජනතාව අනතුරුට පත්වනවා මෙන්ම සංචාරක කර්මාන්තයටද එය අහිතිකර අන්දමින් බලපෑමට ඉඩ තිබේ.
වැල්ලවිදියේ පිහිටා ඇති සාගර විශ්ව විද්‍යාලයද පසු ගිය කාලය තුල සති කිපයකට වසා දමා තිබුණේ එහි සිසුන් අතර ඩෙංගු රෝගය සිඝ්‍රයෙන් පැතිර යාමේ හේතුවෙනි.මෙහි ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක්ද ඩෙංගු රෝගයට ගොදුරුවිමෙන් මිය ගොස් තිබුණි.
මේ සියළු තත්වයන් පාලනය කිරිමට හැකියාවක් ඇති බුද්ධිමත් පාලකයන් පිරිසක් හෝ උගත් බුද්ධිමත් විපක්ෂයක් නොමැතිකම හේතුවෙන් මිගමුවේ බදු ගෙවන ජනයාට දැන් සිය ජිවිත වලින්ම ඊට වන්දි ගෙවිමට සිදුව තිබේ.
ටයි කෝට් අදින පාලකයන් මිගමුවේදි සැබැවින්ම ලැජ්ජාවිය යුත්තේ ඇගපමණක් ඩිජිටල් විම ගැනය. ඒ අයගේ ඔලුව කචල් බව තේරුම් ගන්නට තවත් උදාහරණ අවැසිදැයි අප නම් නොදනිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article