spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිලිටරි ජුන්ටාවට ඔත්තුවක් !

Must read

FB_IMG_1575176838724එක්ස්ත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අත්හදා බැලීමේ ආණ්ඩුව පරාජය වී තිබේ .ඒ සදහා රට තුල විවර වූ නව ප්‍රජාත්‍රවාදී වටපිටාව වැරදියට තේරුම් ගැනීම .තවත් දහසකුත් තාක්ෂණික කරනා මෙන්ම සීලාචාර මිනිසුන්ගේ සීලාචාර බල ව්‍යාපෘතිය අසීලාචාර මිනිසුන්ගේ අසීලාචාර බල ව්‍යාපෘතියක් විසින් පරාජය කිරීමක් ලෙසද දැක්විය හැකිය .
ඒ කෙසේ වෙතත් පසුගිය සතිය තුල කිහිප විටක්ම මා සොයා මාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ තිබේ .ඔහුන් මාගේ අසල් වැසියන්ගෙන් මා ගැන ප්‍රශ්ණ කරමින් මාගේ දේශපාලන ක්‍රියාකාරකම් විමසා තිබේ .එසේම මා හමු වන්න එන අයගේන් හා මාගේ හිතවතුන්ගේ මෙන්ම නෑදෑයන්ගේ තොරතුරු විමසා තිබේ .මා දන්නා කියන මා සම්බන්දතා පවත්වනු ලබන ඩිජිටල් මාධ්‍ය කටයුතු සිදු කරන ආයතන වලටද දුරකථන ඇමතුම් දෙමින් මර්දනයක් ක්‍රියාත්මක කොට ඇත .
මා මාධ්‍යවේදියෙකු නොවන අතර එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණයේම කොටසකි .පසුගිය වසර පහ තුල පුර්ණ කාලීනව දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදුන අතර නොවැම්බර් 16 වැනිදාට පෙර තිබු නිදහස සාමකාමී මිනිසුන් බියෙන් සැකෙන් තොර අයිතිවාසිකම් විදිමින් ගෙවූ රට හා සමාජය ගොඩ නැගීමට ඒ වෙනුවෙන් මා මාගේ කාර්ය කොටස ඉටු කලෙමි .
එසේම පසුගිය මැතිවරණයේදී අපේ කදවුරේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ කටයුතු වලට සක්‍රියව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ අතර එය එක්සත්  ජාතික පක්ෂයේ නායක රනිල්වික්‍රමසිංහ මැතිතුමාගේ හා පක්ෂයේ මහා ලේකම් අකිල කාරියවසම් මැතිතුමන්ගේ මෙන්ම නියෝජ්‍ය නායක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලාගේ පැවරුමක් වේ .ඒ වෙනුවෙන් මාගේ හැකියාවන් දැනුම හා සම්පත් යෙදවීම අපරාදමය වරදක් නොවන අතර මෙවැනි මර්දනයන්ට මා හෝ මාගේ කණ්ඩායම බිය වැද්දවීමට හෝ යටත් කර ගැනීමට සිතන්නේනම් එය මිරිගුවක් වේ .අවසාන වශයෙන් කිවයුත්තේ මැතිවරණයට පෙර මා කියූ සියල්ල සත්‍ය වන අතර පසුගිය දින 14 කට අඩු කාලයකදී ඔහුන්ගේ පාලනයේ එකදිපති පැසිස්ට් ස්වරුපය රටටම හෙළි කොට දී තිබේ .
මිල්ටරි ජුන්ටාවට මා කියනුයේ මා දඩයම් කිරීමට ඔබ බොහෝ ඉහලට පැමිණිය යුතුය මන්ද මා සිතින් ගතින් අහසේ සැරිසරන නිදහස් කුරුල්ලෙකි.

තුෂාර ඩි වන්නිආරච්චි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article