spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ රාජපක්ෂ උද්‍යානය යළිත් කොම්පැණියකට දීමේ සැලැස්මක්..?

Must read

මුඳළිදු රාජපක්ෂ මහතා විසින් මීගමුවේ ජනයා හට සිය විවේවකය ගතකිරිම සදහා මීගමුව නගර මධ්‍යයේ ලබාදුන් අක්කර 7 කට ආසන්න රාජපක්ෂ උද්‍යානය ඇමති නිමල් ලංසාගේ අසාර්ථක සැලසුම් නිසා ජනතාවට අහිමිව වසර 4 ක් ද ඉක්මවා තිබේ.
මේ හේතුව නිසාවෙන් ජනයාට විවේකය ගතකරන්න තැනැක් අහිමි වුවා පමණක් නොව මීගමුව මහනගර සභාවට රුපියල් කෝටි ගණනක මුල්‍ය අලාභයක්ද විඳින්නට සිදුවිය.
ඒ කිසිදු සැලැස්මකින් තොරව  නිවරදි ලිපිනයක් පවා නොමැති ආයතනයක් වෙත එය බදු දුන් නිසාවෙනි.
මීගමුව සංවර්ධනය අරභයා ඇමති ලංසා විසින් කරන්නට  යෙදුන අසාර්ථකම ව්‍යාපෘතිය මෙය විය.
දැන් යළිත් නගර සභාවෙන්ද දෙන්නම් කාසි වලට මුදල් ලබාගෙන යළිත් පිළිසකර කිරිම් සිදුවෙමින් තිබේ.
කෙසේ වෙතත් රාජපක්ෂ උද්‍යානය යළිත් කොම්පැණියක් වෙත බදු දිමේ සැලැස්මක් වෙනුවෙන් මේ දිනවල කිසියම් කථාබහක් සිදුවෙමින් ඇති බවට රාවයක් පැතිර යමින් තිබේ.
එකක් නම් පැහැදිලිය .
එනම් මීගමුවට ඇත්තේ  පාක් එකකවත් හරි හැටි පාලනය කරගැනිමට නොහැකි නගර සභාවක් බවය.

නිමල් ලංසා යනු මීගමුවට බිහිවන දක්ෂ තරුණ දේශපාලකයෙකි.අප දන්නා තරමින් ඔහු මෙරට බිහිවු ලාබලතම  මහනගර සභා නගරාධිපතිවරයාද විය හැක.බැලු බැල්මට ඔහු ට ඇත්තේ මහත්මා පෙනුමකි. ඇදුම පැලදුම් ඉතා පිළිවෙලය.ටයි එකක් නිතරම පළදි.කෑම බිමේදි ද ඔහු මානා විනයකින් කටයුතු කරන්නෙක් බව පැවසේ.
එහෙත් මීගමුවේ ජනතාවගේ සංස්කෘතික ජිවිතයේ වටිනාකම තේරුම් ගන්නට ඔහු සතු ඉහත සදහන් ගුණාංග  ප්‍රමාණවත්  නොවුණි.
මේ නිසාම මීගමුවේ රාජපක්ෂ උද්‍යානය ඔහුට පෙනුනේම එය බදු දි මුදල් හම්බකරගත හැකි භූමි ප්‍රමාණයක් ලෙසය.
මේ නිසා ඔහුගේ පාලන සමයේදි මුදලිදු රාජපක්ෂ තුමන්ගේ ප්‍රධානතම ඉල්ලිම සදහන්ව පැවැති ඔප්පු කොපි  වෙනස් කර හෝ මෙය බදු දෙන්නට කටයුතු කළේය.
දැන් ඔහු යළිත් මේ සැරසෙන්නේ මුදලිදු රාජපක්ෂ මැතිදුන් විසින් කිසිසෙත්ම මෙම උද්‍යානය පරිහරණය කරන ජනයාගෙන් මුදල් අයනොකළ යුතුය යන උතුම්ම වු ප්‍රතිපත්තියට පයින් ගසන්නටය.rajapaksha park 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article