spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රොයිස්ට විරුද්ධව සාක්කි කියන්න පොලිස් අධිකාරි උසාවි නොගියේ ඇයි?

Must read

මීගමුව පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා පසුගිය අප්‍රේල් 19 වනදා මීගමුව පොලිසියේ රැස්විම් ශාලවේදි පවසා සිටියේ ජුවෙල් ලංකා කොල්ලයේ මහමොළකරු විසින් මීගමුව වැල්ලට ගොස් ෂොපින් බෑග් වලට වේගයෙන් වැලි පුරවමින් කොපමණ මුදල් ප්‍රමාණක් කෙටි වේලාවක් තුලදි මළුවලට දාමාගත හැකිදැයි අභ්‍යාස කළ බවය.
ඒ සියල්ලේ විඩියෝ ඇති බවද අවැසි නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන්නට තමන් සුදානම් යැයි පවසා සිටිවේ 100 ක් පමණ මීගමුවේ ව්‍යාපාරිකයන් මෙන්ම මැති ඇමැත්තන් රැස්ව සිටි මොහොතකදිය.
එහෙත් රොයිස් විජිත පිළිබදව නඩුව විභාගයට ගැණනි දිනයේ කිසිදු අළුත් තොරතුරක් ඉදිරිපත් කරන්නට පොලිසිය අපොහොසත්ව තිබුණි.
එපමණක් නොව මීගමුව පොලිස් අධිකාරිවරයා පවා එහි ගොස් සිටියේ නැත.
මේ නිසාම එහි ගොස් සිටි පොලිස් කොස්තාපල්වරයා විනිසුරුවරයාගේ දෝෂාරෝපණයටද ලක්විය.පොලිසියේ ඉහල නිළධාරින් කැදවාගෙන ආ යුතු යැයි කියන්නටද විනිසුරුට සිදුවිය.
කෙසේ වෙතත් මීගමුව පොලිස් අධිකාරිවරයා ප්‍රසිද්ධියේ කළ මේ ප්‍රකාශයට අදාල සාක්ෂි අධිකරණයට කියන්නේ කවදාද????
එපමණක් නොව පුෂ්පා රන් ආභරණ සැලේ කොල්ලය සති දෙකක් ඇතුලත අල්ලන්ට හැකි බවටද ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුණි.එහෙත් ඒ ප්‍රකාශයට දැන් මසක්ද ඉක්ම ගොසින්ය.
මීගමුවට ඇත්තටම ආරක්ෂක සැලැස්මක් ඇතිදැයි සැක මතුවෙමින් ඇත්තේ මේ පසුබිම තුලය.
මේ සියළු ප්‍රකාශයන්ගෙන් පසුවත් උකුස්සාට පවා බිය නොවි හොරකම් සිදුවෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article