spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුර ඉඩමේත් අනවසර ඉදිකිරිමක් ?

Must read

මීපුර හෝල් එක යනු මීගමුවේ පිහිටා තිබුණු  ජනප්‍රිය සිනමා ශාලාවකි.ඊටත් කලින් එය මීගමුව මහනගර ශාලව විය.
මේ ඉඩම අයත් වන්නේ මහනගර සභාවටය.
ඉපැරණි දේවල් වල වටිනාකම දැනෙන්නේ සංස්කෘතික ජිවිතයක් ඇති උන්ට පමණි.
එවන් පරිචයක් නැති පාලකයන්ගේ දැතට නගරයක පාලනය පත්වු විට සිදුවන්නේ කුමක්දැයි අපට හොදින් පෙනෙන්නේ මීගමුවේ ථෙතිහාසික වටිනාකමකින් යුතු ඉපැරණි නගර ශාලාව අබිලි ද්‍රව්‍යවලට කැඩිමේ කොන්ත්‍රාත්තුව බාරගනු ලබන්නේ බස්නාහිර පළාත් සභාවේ සංවාරක කර්මාන්තය ඇතුළු තවත් අමාත්‍යංශ 10 කට හිමිකම් කියන ඇමති නිමල් ලංසාය.
මීගමුවේ සංචාරකයන්ට පෙන්වන්නට තිබු අගනා තැනක් අබිලි ද්‍රව්‍ය වලට කඩාදැමිම අපරාධයකැයි බස්නාහිර පළාත් සභාවේ සංචාරක ඇමැතිවරයාට කිසිදිනක නොසිතෙනු ඇත.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ කුමක්ද ??
කෙසේ හෝ දැන් අපි ප්‍රස්තුත කාරණයට පැමිණෙමු.
නගර සභාවට අයත් මිපුර ඉඩමේත් දැන් අනවසර ඉදිකිරිමක් සිදුව ඇත.
ඒ ත්‍රිරෝද රථ සංගමය විසින් සිමෙන්තිවලින් ස්ථිර කාමරයක් වැනි යමක් ඉදිකර තිබිමයි.
මේ ගැන කණ වැකුණ පසු මීගමුව  මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක්ද මේ අනවසර ඉදිකිරිම බැලිම සදහා ඒ ස්ථානයට ගොස් තිබුණි.ආදාලඉදිකිරිම සිදුකර ඇති ත්‍රිරෝද රථ රියදුන්ගෙන් ඒ ගැන විමසා සිටි අවස්ථාවේ අපට හදාගන්න කිව්වේ ඇමති තුමා යැයි සදහන් කරන්නයි.
ඇමති තුමාට එසේ කිමට ඇති අයිතිය කුමක්දැයි පෙරළා ප්‍රශ්ණ කිරිමට කිසිවෙකුත් ඉදිරිපත් වුයේ නැත.meepura land

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article