spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ වැඩියෙන්ම ජනප්‍රිය ලංසාද? රොයිස්ද?

Must read

lansa 6roies with galanමීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා සිය දේශපාලන ජිවිතයේ තවත් පියවරකට අවතිර්ණ විම 2014 අප්‍රේල් මාසයේ සිදුවිය.
මීගමුව තුල තමන් පැමිණි පළමු පළාත් පලාණ මැතිවරණයෙන්ම විපක්ෂයේ වැඩිම මනාප දිනු පුද්ගලයා බවට ඔහු පත්විය.
ඉන් අනතුරුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මීගමුව පළාත් පාලන මැතිවරණ ඉතිහාසය තුල මැඩිම මනාප ප්‍රමාණයකට හිමිකම් කියන්නට රොයිස් විජිත මහතාට හැකි වන්නේ මනාප 25000 කටත් වඩා ලබාගැනිම තුලය.
මේ අතර මීගමුවේ ආණඩු පක්ෂ දේශපාලනය තුල වේගයෙන්ම ඉදිරියට පැමිණි නිමල් ලංසා එදා  ජාතික දේශපාලනයේ චරිතයක් බවට පත්ව තිබේ.
මේ නිසාම මෙවර ඔහුගේ ඇමතිධුරය කොතරම් නම් බරයිදැයි කිවහොත් එය විෂයයන් 11 කින් සමන්විතවිය
කෙසේ වෙතත් මුළු රටම දන්නා පරිදි ඇමැති නිමල් ලංසා විශාල ධනස්කන්ධයක් එවර පළාත් පාලන මැතිවරණය සදහා වැය කළේය.න
ස්මාර්ට් ෆෝන්වල සිට බෝට්ටු දක්වා පරාසය මේ තෑගි ප්‍රදානයන් ඇතුළත්ව තිබුණි.
මේ සියල්ල වැයකරමින් හෝ ඔහුට මීගමුවෙන් ලබාගතහැකි වුයේ මනාප 23000 ක් පමණි.මින් කළකිරිමට පත්වු ඇමති නිමල් ලංසාගේ පියා ඇතුළු පිරිස ඇමති නිමල් ලංසාගෙන් විවිධ වරදාන ලබා ඡන්දය නොදුන් පිරිස වෙත දොස් පැවරිම ගැන රස කථා ගොන්නක් එදා මීගමුවේ පැතිර යමින් ගොස් තිබුණි.එපමණක් නොව පලාත් සභා මැතිවරණයට පෙර ආරම්භ කරන ලද අතැම් පාරවල් මැතිවරණ ප්‍රතිඵල වලින් පසු සම්පුර්ණ කර නොදි පලිගැනිමට පවා නිමල්  ලංසා කටයුතු කර තිබුණි.
මෙයට කදිම නිදසුන වන්නේ කඩොල් කැලේ නිවාස වලට යන පාරය.
2014 මුළු මැතිවරණය ව්‍යපාරය තුලම රැදවුම් භාරයේ සිටි රොයිස් විජිත මහතා කිසිදු මුදලක් වැය නොකර මනාප 18000 කටත් වඩා ලබාගෙන තිබුණි.
මෙහිදි අමතක නොකළ යුුතු තචත් කරුණක් තිබේ.එනම් නිමල් ලංසා  කියා තිබුනේ ඔහු විසින් මිගමුවෙන් පමණක් මනාප 40000 කට වඩා ගන්නා බවය.
කොටින්ම කියන්නේ නම් ඇමති නිමල් ලංසාගෙන් තෑගි ලැබු බොහොමයකගේ මනාපය පවා හිමිව තිබුනේ රොයිස් විජිතට යන්න අද මීගමුවේ රහසක් නොවේ..
මෙහිදි සටහන් තැබිමය යුතු තවත් වැදගත්ම කරුණක් වෙයි .
එනම් 2015 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රථිපලයයි.

මීගමුව දිනවිමට විශාල ධනස්කන්දයක් වැය කළ නිමල් ලංසාට නම් මෙය දැවැන්තම පරාජයකි.ගමේ බාසාවෙන් කියන්නෙ නම් කටඋත්තරත් නැති පරාජයකි.
එජාපය දිනන්නේ වැඩි ඡන්ද 29589 කිනි .
මෙය දැනට පැවැති අවසන් මැතිවරණයයි.
.මේ සියල්ල දෙස අපක්ෂපාතිව බලන්නේ නම් මිගමුව තුල ඇත්තටම ජනප්‍රිය කව්රුන්දැයි මැන දැනගැනිම් ඉතාමත් පහසු වන ඇත.

United National Party 48517 67.60%
United People’s Freedom Alliance 18928 26.37%
People’s Liberation Front 3902 5.44%
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article