spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ සෑබෑ මාධ්‍යවේදින් ! හැදුනුම් පත් මාධ්‍යවේදින් සහ පොලිස් ගොන්පාට් !

Must read

NGB courtමිපුර වෙබ් අඩවිය සහ මිපුර ප්‍රාදේශිය පුවත්පත යනු මිගමුව තුල වසර 15 කටත් වඩා කාලයක සිට මාධ්‍ය මෙහෙවරේ යෙදුන  මාධ්‍ය ආයතනයකි.
දකුණේ සමාජය තුල ක්‍රියාත්මක වු ජනප්‍රියම ප්‍රාදේශිය මාධ්‍ය ආයතනයද වෙයි.වසර ගණනාවක් පුරාම පළවු දකුණේ එකම ප්‍රාදේශිය පුවත් පත වන්නේද මිපුර පුවත් පතයි .
.මෙරට තුල ඉතා පුළුල් ලෙසින් කථාබහට ලක්වු ප්‍රධාන සිදුවිම් කිපයක්ම රටටත් ලෝකයටත් ගෙන යන්නට  තිරාණාත්මක මැදිහත්විමක් සිදුකරන ලද මාධ්‍යයක් ලෙසද මාධ්‍ය සමාජය තුල මෙන්ම ඉන් පිටතදිද මිපුර ප්‍රකටය.
වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මිගමුවේ රෝහලේ රෝගි කාන්තාවකගේ පාදයේ කොටසක් කපා දැමිමේ සිදුවිම ජාතික හා ජාත්‍යන්තර කථාබහකට මගපාදන එකක් බවට පත්කිරිම සදහා තිරාණාත්මක මැදිහත්විම කර තිබුනේද මිපුර පුවත් පත විසිනි.
එපමණක් නොව මිගමුව රෝහලේ සිමාවාසික වෛද්‍යවරයෙකු වු සුදර්ශන් බාලගේ විසින් නිදහස් වෙළද කලාපයේ සේවිකාවක දුෂණය කොට රෝහලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට දමා ඝාතනය කිරිමේ සිදුවිම පිටුපස නිරන්තරයෙන්ම හඹා යමින් අදාල චුදිතයාට නිතියේ උපරිම දඩුවම ලබාදිම සදහා මිපුර තිරාණාත්මක මැදිහත්විමක් සිදුකර තිබුණි.
මේ සියළු කටයුතු සදහා නිරන්තරයෙන්ම උසාවි වාර්තාකරණය සදහා වරින් වර එහි ගිය මිපුර පුවත් පතේ කිසිදු මාධ්‍යවේදියෙකුට පසුගිය කාලය තුල පොලිසියෙන් කිසිදු බාධාවක් නොතිබුණා පමණක් නොව මිගමුව නගරය තුල ජනයාට ප්‍රයෝනවත් ව්‍යාපෘති රැසක් දියත් කිරිම සදහාද මිගමුව පොලිසිය හා එක්ව ප්‍රධාන වැඩකොටසක් සිදුකර තිබුණි. මිගමුව තුල අතිසාර්ථකව ක්‍රියාත්මක වු රථවාහන සැලැස්ම සාර්ථක ගැනිමට තිරාණාත්මකව දායකත්වය ලබා දිම තිබුනේ ද මිපුර වෙබ් අඩවිය විසිනි
.(එවකට මුලස්ථාන පොලිස් පරික්ෂක ලෙසින් කටයුතු සමන්තිලක මහතා මෙන්ම රථවාහන අංශයේ ප්‍රධානි ගජනායක යනු මිගමුවේ ජනයාගේ ඇගයුම් ලැබිය යුතුම නිළධාරින් දෙදෙනෙකි.)
.තතු මෙසේව තිබියදි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශට එරෙහිව ඊයේ පැවැති නඩුවක් වාර්ථා කිරිමට එහි ගොස් සිටි මිපුර පුවත් පතේ මාධ්‍යවේදියෙකු සිය මාධ්‍ය කටයුත්ත නවතා යළිත් පිවිසුම් දොරටුව වෙත කැදවාගෙන ඒමට මිගමුව පොලිසිය නිළධාරියෙකු කටයුතු කර තිබෙන බව අපට වාර්ථා වි ඇත.
පොලිසිය එකි මාධ්‍යවේදියාට කියා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පතක් ඔහු සතුනොවිම නිසා උසාවියේ අදාල නඩුව ගැන වාර්ථා කිරිමට ඔහුට ඉඩදිය නොහැකි බවය.
වසර 15 කට පසු මිගමුව පොලිසිය මෙසේ කටයුතු කරන්නට පටන් ගෙන ඇත්තෙ මිගමුවේ කුප්‍රකට දේශපාලන පවුලකට  ආවඩන  මාධ්‍යවේදින් යැයි කියා ගන්නා අයෙකුගේ  උසිගැන්විම් නිසා බව අපගේ පිළිගැනිමයි .
එවන් ඇම්බැට්ටයන්ගේ කිම් අසා අදාල පොලිස් නිළධාරියා තමන් හරි හැටි නොදන්නා විෂයක් ගැන කටයුතු කරන්නට ගොස් හොද හැටි නාගත් හැටිද අප මෙහිදි  සටහන් කළ යුතුව තිබේ.
වෙබ් අඩවි ලියා පදිංචිය සදහා රටේ තවමත් කිසිදු නිතියක් පවා නොමැති පසුබිමක වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය දැනටමත් වෙබ් මාධ්‍ය කර්මාන්තය ආචාරධාර්මික එකක් බවට පත් කිරිම සදහා පුළුල් වැඩපිළිවෙලක වෙනුවෙන් දැනටත් කටයුතු කරගෙන යමින් සිටි.
වෙබ් මාධ්‍ය සදහා හැදුනුම් පත නිකුත් කිරිම පිළිබදවද මෙහිදි ප්‍රධාන අවධානයක් යොමුකර තිබේ.
එමෙන්ම මාධ්‍ය වාර්ථාකරණය සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පතක් අනිවාර්ය නැති බවද මෙහිදි අවධාරණය කිරිම කැමැත්තෙමු
තවත් එක් කරුණක් මෙහිදි අවධාරණය කළ යුතුව තිබේ. එනම් මිගමුව තුල සිදුවන දහසකුත් දුෂණ වංචා රටට හෙළිකිරිම සදහා මේ ඇතැම් හැදුනුම්පත්ධාරි මාධ්‍යවේදින් විසින් කර ඇත්තේ කුමක්ද කියාය.මේ ඇතමුන් ප්‍රවෘත්ති ලිවිමට මෙන්ම නොලිසා සිටිමටද මුදල් ගන්නා බව මිගමුවේ අය පමණක් නොව ඔවුන් සේවය කරනු ලබන මාධ්‍ය ආයතනයන් පවා දනි.
එපමණක් නොව සිය මාධ්‍ය ආවරණයන් අදාල මාධ්‍යයන්හි පළකරනු වෙනුවට ඒවා ඇතැමුන්ට ලබාදිම මුදල් ගැනිමට කටයුතු කරනා බවද අද මිගමුව තුල කුප්‍රකට රහසකි.මේ ඇතමුන් අද කටයුතු කරමින් සිටින්නේ ඇතැම් අවස්ථාවලදි මාධ්‍ය හැදුනුම්පත බෙල්ලේ එල්ලා ගත් ඔත්තුකරුවන් ලෙසය.
මන්ද වාර්තාකරණයෙන් ලැබනෙ මුදලට වඩා ඔත්තු සේවාවයන් වෙනුවෙන් කරන මෙහෙවරට ලැබෙන ගතමනාව ඉහල එකක් බැවිනි.
එබැවින් ඉදිරියේදි  වෙබ් මාධ්‍ය සදහා හැදුනුම් පත් සැපයිය යුත්තේ කවර නිර්ණායකයන් මතද යන්න ගැනද යෝජනාවලියක් තවත් නොබෝ දිනකින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරිමට වෘත්ති වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය කටයුතු කරගෙන යමින් සිටි.
ඒ අනුව ඉඩම් බ්‍රොකර්ලාට මාධ්‍ය හැදුනුම්පත් ගැනිමට ඇති ඉඩකඩ අනිවාර්යෙන්ම ඇහිරි යනු ඇත.එවන් අයගේ මාධ්‍ය භාවිතය ගැන අනිවාර්ය ඇගයුමක් එහිදි සිදුකිරිමට නියමිතය.

.මිගමුවේ ඇතැම් පොලිස් නිලධාරින්ද මීගමුවේ සෑබෑ මාධ්‍යවේදින් කව්දැයි මෙන්ම හැදුනුම් පත් මාධ්‍යවේදින් කව්දැයි දැනගත යුතුව තිබේ.එසේ නොදැන අතැමුන්ගේ දේශපාලන ගැට වලට අසුවන්නේ නම් එවන් පොලිස් නිළධාරින්ට අපට කියන්නට ඇත්තේ වෘත්තිමය නොවන කාගේ වුවද හැසිරිම් ගැන  අප කිසිදු පැහැදිමක් නැති බවය.
මීගමුවේ සිටින ඇතැම් පොලිස් නිළධාරින්ගේ මෙවැනි ගොන්පාට් නිසා දැන් මිගමුව තුල සමස්ථ පොලිසියට අපහසයට පත්විමට කටයුතු සිදුවෙමින් ඇති බව මෑත කාලය තුල අපට නිරික්ෂණය වෙමින් තිබේ. යහපාලන රජය පැමිණි පසු සමස්ථ වශයෙන් රටේ පොලිසි තුල ඇතිවෙමින් ඇති ඉදිරිගාමි වෙනසට අකුල් හෙලන පොලිසියේ සුළු පිරිසක් සිටි.
ඊයේ දිනයේ මිගමුවෙ උසාවිය භුමියේදි දයාන් ලංසාගේ ඔඩොක්කු කුක්කන්ගේ කිම අසා මාධ්‍යවේදින්ගේ හැදුනුම්පත් පරික්ෂා කිරිමට ගොස් මිගමුවේ පොලිසියට අවමානයක් එක් කර ඇත්තේද  රටට විහිළු සපයන එක් අයෙකු විසිනි.
මිගමුව තුල සාර්ථක රථවහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article