spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේක රාජපක්ෂ පාලනය නෙමෙයි ! රොයිස් විජිත මිගමුව පොලිසියට කියයි !

Must read

dav
dav
පෙරියමුල්ලේ දි සිදුවිමක් ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදියෙකුගේ කැමරා බලෙන් ගත් මිගමුව මහනගර සභාවේ නගරාධිපති කාර්ය මණ්ඩල සේවකයන් පිරිසක් එහි සියලු ඡායාරූප මකා දමා තිබුණි.
මේ පිළිබදව මිගමුවට පොලිසියට පැමිණිලි 2 ක් පසුගිය 19 වනදා සිදුකර තිබුණි.
එහි පැමිණිලි විභාගය සදහා අදාල මාධ්‍යවේදින් පොලිසියට නියමිත වේලාවට ගියද නගරසභාවේ අදාල මැර සේවකයන් පැමිණ සිටියේ නැත.
පැමිණිලි විභාගයට පැමිණ සිටි මාධ්‍යවේදින් පැය එකාමාරක් බලා සිටියද අඩුම තරමින් අනික් පාර්ශය නොඑන බව හෝ ඒ පාර්ශවය පැමිණෙන්නේදැයි කියා විමසා සිටි බවක් හෝ දැනුම් දිමට කිසිදු උසස් පොලිස් නිළධාරියෙකු මැදිහත්වි තිබුනේ නැත.
ඒ මුළු කාලය පුරාම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා නිල කාමරය තුල නගරාධිපති දයාන් ලංසා සමගින් දිර්ඝ කථා බහක නියැලි සිට ඇත.
කෙසේ වෙතත් මෙහි පැමිණ සිටි රොයිස් විජිත මහතා මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කියා සිටියේ මේක රාජපක්ෂ පාලන සමය නොවන බවයි.
එබැවින් යහපාලන පොලිසිය නිසි නිතිය අකුරටම ඉටුකළ යුතුව ඇතැයිද ඔහු ආවධාරණය කර සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article