spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ගොඩනැගිමට දස අවුරුදු සැලැස්මක් !

Must read

මහා තෙප්පම් - මීගමුව කලපුව

(6.00am)මීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුව කරා යන වානිජ නගරයයි.
සියළු ආගම් හා ජාතින්ගෙන්ද සැදුම්ලත් සාමකාමි දේදුණු නගරයද වෙයි.

එහෙත් අවසනාවකට පසුගිය දශකයකටත් වඩා වැඩිකාලයක් මේ නගරයේ පාලනය හිමිව තිබුනේ කළු සල්ලි ජාවාරම්කාර පවුලක් වෙතය.

ඔවුන්ට රිසි අන්දමින් මීගමුවේ පොදු සම්පත් විනාශ කරමින් මීගමුව අනාචාරය දුරාචාරය රජකරවන චිකාගෝවක් බවට පත්කර තිබේ.
2015
වසරේදි මේ රටතුල යහපාලනය ස්ථාපිත කිරිමේදි වැඩිඡන්ද 31000 ක් ලබාගනිමින් මීගමුව ආසනය ජය ගන්නට එජාපයට හැකිවුවද යහපාලනය මීගමුව කරා පැමිණියේ නැත.

එයට හේතුව වි තිබුනේ ලංසා පවුල විසින් තවදුරටත් නගරයේ පාලනය 2016 ඔක්තෝබර් දක්වාම පවත්වාගෙන ගිය බැවිනි.
ඉන්පසුව ස්ථාපිත කෙරුණු නාගරික කොමසාරිස් පාලනය පවා ක්‍රියාත්මක වුයේ ලංසා පවුලේ අණසක යටතේය.

අපි දැන් මීගමුව අළුතින් ගොඩනැගිය යුතුව ඇත.

2018 පෙබරවාරි 10 වෙනිදා යනු මීගමුවට සැබෑවටම ආදරය කරන ජනයාට ඉතා වැදගත් දිනයකි.
එය මීගමුවේ ජනයාගේ අනාගත ඉරණම තින්දු කරනු ලබන තින්දුවක් ගණු ලබන දිනය විමයි.

මීගමුවේ ඡන්ද දායකයා හට පැවරි ඇති තින්දු ගැනිමේ අභියෝගය අතිසරලය.
මිගමුව චිකාගෝවක් කළ,කොමිස් කාක්කන්ගේ රජදහනක් කළ.මාධ්යවේදින්ට පවා මහදවල් මරණිය ප්‍රහාර එල්ල කළ ,කාන්තාවන්ට අැසිට් ගසා මුළු ජිවිතයම අනාථ කළ ,පොදු දේපල පවුලේ දේපල සේ සලකා එහි සියළු ප්‍රතිලාභ භුක්තිවින්ද ( රාජපක්ෂ උද්යානය ,වෙරළ උද්යානය,කොටුව පිට්ටනිය අසල මාළු වෙලද සංකිර්ණය,) මීගමුව කුඩුකාරයන්ගේ දේශයකැයි නම් පටබැදු පවුලකට එරෙහිව පොදු තින්දුවක් ගැනිමටය.

සුළු ජාතිකයන්ට කෙනහිලි කම් කළ ,ජාතිවාදය වපුරමින් මහජාතියේ ආගමට පමණක් ආවඩමින්  සුළු ජාතින්ට හා මෙන්ම සුළු තර ආගමිකයන්( කිතුණුවන්ද ඇතුළු ) තැලු පෙලු මැදමුලන රාජපක්ෂ රජපවුලෙන් එදා රට ගලවා ගත්තා සේම දැන් අපගේ වගකිම වි ඇත්තේ වැල්විදියේ ලංසා පවුලෙන් මීගමුව බේරා ගැනිමය

රාජපක්ෂ පාලනයත් ලංසා පවුල් පාලනයත් එකවිට පරාජය කළ හැකි ශක්තිමත්ම බලවේගය මේ වන විට පෙළ ගැසි ඇත්තේ එජාපය වටාය.

ලංසා පවුලේ නරුමවාදයට එරෙහිව අභිතව නැගි සිටිමින් මහනගර සභාව තුලත් පළාත් සභාව තුලත් ශක්තිමත් ලෙසින් පෙනි සිටි නායකත්වය වන්නේ මීගමුව එජාප ආසන සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රි රොයිස් විජිත ප්‍රනාන්දුය.

ඔහුගේ නායකත්වය යටතේ පෙළගැසෙන එජාප බලවේගය විසින් මීගමුව අළුතින් ගොඩනගනු ඇත.!
යහපාලන රජයේ ප්‍රධාන ඇමතිධුර සියල්ල සතු එජාපයේ නිරන්තර සහය මීගමුවට ස්ථිරව ලබාගතහැකි මීගමුවට තරග කරන එකම බලවේගය වන්නේද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමයි
.
එබැවින් මීගමුව හෙට ගැලපෙන නගරයක් ලෙසින් ගොඩනැගිමේ සියළු හැකියාවන් සියල්ල ගොනු කොට සංවර්ධන දශකයක් නිර්මාණය කිරිමට යෝජනා කෙරේ
.

මීගමුව විනාශය කරා ඇද දැමු දශකයද එක්මවු  රාජපක්ෂ ලංසා පාලන සමයට සදාකාලික තිත තබා නව සංවර්ධන දශකයක් ප්රකාශයට පත්කිරිමට බලාපොරොත්තු වෙමු.

වෙනුවෙන් දස අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කෙරෙන අතර මහනගර සභා පාලනයට පත්ව තෙමසක කාලයක් තුල මේ දස අවුරුදු සංවර්ධන සැලැස්ම පුළුල් මහජන කථිකාවකට භාජනය කිරිමට බලාපොරොත්තු වෙමු.

සදහා මීගමුවට සැබැවින්ම ආදරය කරන සැමගේ අදහස් හා යෝජනා අප ගොනු කර 2018 ජුනි මාසයේදි    ප්‍රකාශයට පත්කරන්නෙමු.
(මීගමුව එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇසුරිනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article