spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව බන්ධනාගාරය තුල රැදවියෙකු ඝාතනය විම ගැන ඇමතිණියගේ ප්‍රතිචාරය කුමක්ද ?(විඩියෝ)

Must read

sudarshani 1Screenshot_20200818_153739මීගමුව බන්ධනාගාරය රටේ පුවත් මවන ප්‍රධානතම බන්ධනාගාරය බවට පත්වෙමින් තිබේ. ඒ තුල පසුගිය කාලය තුල තිබුන අනිතික ක්‍රියා රැසක් මෙන්ම ඒවාට වගකිව යුතු අදාල බලධාරින් ගැනද මේ වන විට රටේම අවධානය යොමුව තිබේ.
හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ විසින් කර ඇතැයි කියන දැවැන්ත වංචා දුෂණ මෙන්ම නීතියේ නැවිමේ ක්‍රියා දරන් එකින් එක අධිකරණය හමුවේ දිගහැරෙමින් තිබේ.
පසුගිය කාලය තුල එය මිගමුවේ මෙන්ම ඉන් පිටතදිද මත්කුඩු ජාවාරම සුපිරියටම සිදුකරගෙන යමින් තිබුන මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන් විය.
ඉන් කියැවෙන්නේ නිතිය හා ක්‍රමවත් භාවය එහෙම පිටින්ම මිගමුව බන්ධනාගාරය පතුල නැතිව ගොස් තිබුන අයුරු ගැනය.
මේ පසුබිම නිසාම දැන් බන්ධනාගාර ගත කරනු ලැබු අයෙකුගේ ජිවිතය පවා දැන් ස්ථිර නැති අනාරක්ෂිත තැනක් බවට මිගමුව බන්ධනාගාරය පත්ව තිබේ.
පසුගිය දා දිවුලපිටිය පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කරන ලද කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ අයෙකු බන්ධනාගාරය තුල සිදුව තිබුන පහරදිමක් හේතුවෙන් මිය ගොස් තිබුණි.ගාමිණි
බන්ධනාගාරය තුල මෙවන් ආනාරක්ෂිත තත්වයක් නිර්මාණය වි තිබිම ගැන ඝාතනයට ලක්වු රැදවියාගේ පියා මෙම තත්වය ගැන වහා අවධාණය යොමුකරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිණි සුදර්ශණි වෙත ප්‍රසිද්ධ ඉල්ලිමක්ද මාධ්‍ය හමුවේදි කර තිබුණි.
ඒ දවල් මිගමුව පොලිස් පරිශ්‍රය තුලදිය.
එපමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් ඇමතිවරුන්ගේද අවධානය  මේ තත්වය ගැන යොමුකරන ලෙස ඝාතනයට ලක්වු රැදයාගේ පියා වන ගාමිණි මුණසිංහ විසින් ඉල්ලා තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article