spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෛත්‍රීට ගහන කොන්ත්‍රාත්තුව කළ රොෂානුත් ‘අප්‍රසාද ලයිස්තුවේ’!

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
තමන්ට ලැබී ඇති අමාත්‍යාංශය ගැන කිසිසේත්ම සතුටු නොවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ඔහු එබව සඳහන් කළේ, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවේ දීය.

තමන් මෙම ඇමතිකම භාර ගත්තේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් ගෞරවයක් ලෙස පමණක් යැයිද ඔහු එහිදී කියා සිටියේ, එම අවස්ථාවට එක්ව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපිටදීය.

අගමැති මහින්ද රාජපක්ෂගේ හා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන පොළොන්නරුවේ රොෂාන් රණසිංහ, පසුගිය මැතිවරණය ව්‍යාපාරය තුල සිදුකළ ප්‍රමුඛතම කාර්ය වුයේ එම දිස්ත්‍රීක්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පහර දීමේ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමයි.

මේවනවිට මැති ඇමති තනතුරු ලැබූ අති බහුතරයක් එම පත්වීම් සම්බන්ධයෙන් සැහීමකට පත්ව නැති අතර ජනාධිපතිවරයාගේ ‘වියත්මග’ සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන සරත් වීරසේකර රාජ්‍ය අමාත්‍යවරයා ද ඒ අතර සිටින බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

 

”බැසිල් ගෙන් අහන්න…” !!!

එම තත්වය තුල රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය කරමින් ඊයේ (17) පස්වරුවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයාට සිදුවිය.

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

මෙවර විද්‍යානුකුලව රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුව ඇති අතර එම රාමුවට පුද්ගලයින් නිර්දේශ කිරීම බැසිල් රාජපක්ෂ විසින් සිදුකර ඇතැයි වාර්තාවේ.

ලැබුන තනතුරු සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් දුක්ගැනවිලි ඉදිරිපත් කරන සියලුම මැති ඇමතිවරුන්ට අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ, ”බැසිල් එක්ක කතා කරගන්න” කියා ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article