spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකට එරෙහිව මෙවරත් අධිකරණය හමුවේ බරපතල චෝදනාවක් ?

Must read

Screenshot from 2020-08-19 06-33-06Screenshot from 2020-08-19 06-33-33Screenshot from 2020-08-19 06-33-47මිගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ වරෙන්තු පිට දින ගණනාවක්  පොලිසිය මගහරිමින් සිටියදි මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක කුරුණෑගලදි සම්පායෝව අත්අඩංගුවට ගත්තේ යැයි කියා සිටියද එය සැබැවින්ම අත්අඩංගුවට ගැනිමන් නොව සාදර පිළිගැනිමක් යැයි ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා තිබුනේ සම්පායෝ පැමිණ තිබුණ රතුපාට  වාහනයෙන් බැස මුලස්ථාන පොලිස් පරික්ෂක සිටි තැනට පැමිණෙන විටත් සම්පායෝගේ සහෝදරාය සහ මුණසිංහ නැමැත්තෙකු මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සමගින් සිටි බවය.
මේ අනුව සැබැවින්ම සම්පායෝගේ පාසැල් මිතුරෙකු වන මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වරයා විසින් සම්පායෝ සම්බන්ධයෙන් ලැබුන බුද්ධි තොරතුරක් මත කුරුණෑගල  ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්තා යැයි මීගමුව පොලිස් පරික්ෂකවරයා විසින්  ප්‍රකාශ කර තිබිම දැන් කරුණු සහිතවම අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබේ.
මේ අනුව මිට පෙරද අප විසින් අවස්ථා කිපයකදි මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරායගේ ක්‍රියාකලාපයේ ඇති පක්ෂග්‍රාහි බව ගැන කරන්නට යෙදුන හෙදිකිරිම් දැන් අධිකරණය තුලදිම දිනෙන් දින ඔප්පු වෙමින් තිබේ.
නීතියට වැඩකරන ස්මාට් පොලිස් නිළධාරියෙකු ලෙසින් මීගමුවට පැමිණි මුල්කාලයේ කටයුතු කරමින් සිටි මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා මේ වන විට සිය කිර්තිනාමය බරපතල ලෙසින් විනාශ කරගෙන සිටි.
මැක්ස් නම් සුනඛ සුරතලාට වෙඩි තබා ඝාතනය කරන ලද විශ්‍රාමික පොලිස් ලොක්කා සම්බන්ධයෙන් කටයුතු කරන ලද ආකාරය ගැන පසුගිය කාලය තුල බරපතල විවේචනයකට ලක්ව සිටි මිගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ  පක්ෂග්‍රාහිත්වය දැන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකු විසින් අධිකරණය හමුවේම කියන තත්වයට පත්ව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article