spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ ලමා වාට්ටුව විවෘත කිරීමේ උත්සවය තුළ මතුවූ ජාතිවාදී රංගනය !

Must read

 

IMG-20190613-WA0084මීගමුව රෝහලට අංග සම්පූර්ණ ලමා වාට්ටුවක් ලැබින . එම ලමා වාට්ටුව විවෘත කිරීම සිදුවූයේ ඊයේ( 13දා) සවස් වරුවේය. මේ අවස්ථාව සඳහා වැඩි ප්‍රචාරයක් සිදුනොවීය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති ඇතුළු රජයේ වගකිවයුතු නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුද මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබින. එසේම කලින් සූදානම් කරගන්නා ලද තවත් වැඩක් එලියේ සිදුවනු පෙනින. ඒ උද්ගෝෂණයකි. මේ සඳහා තිස් ගනනක පමණ පිරිසක් පිකට් බෝඩ් අල්ලාගෙන සිටිනු පෙනින. මෙය අමුතු දෙයක් නොව. එය මේ දිනවල ඉඩක් ලද සෑම තැනකින්ම ජාතිවාදී පනුවන් මතුවීමට දඟලන ආකාරය පෙන්වන එක් අවස්ථාවක් විය. කටුවපිටිය දේවස්ථානයේ බෙදාහරින ලද අත්පත්‍රිකාවේ සිට විවිධ ක්‍රියාකාරකම් හරහා මෙම තත්වය මතුවී පෙනින. මේ එහි තවත් එක් අවස්ථාවක් පමණි.

මෙම උත්සවය සඳහා මාධ්‍යෙව්දීන් සෑහෙන පිරිසක් පැමිණ සිටි නමුත් සමහර මාධ්‍ය කරුවෝ ප්‍රධාන කටයුත්තට වඩා වැඩි අවධානයක් දුන්නේ හදිසියේ කඩාපාත්වූ ඉහතකී ජාතිවාදී රංගනය මතුකර පෙන්වීමටය. ඒ නිසාම ප්‍රධාන කටයුත්ත අවතක්සේරු කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබුනු බව පෙනින. නමුත් උත්සවයේ කටයුතු නිසි පරිදි සිදුවිය. මේ අය දත කට මැදගෙන සිටියේ අවුල්සහගත තත්වයක් නිර්මාණය කිරීමටය. නමුත් උත්සවය සංවිධානය කළ අය අදාල පරිදි උත්සවයේ කටයුතු ආරම්භ කළ අතර ගැටළුවකින් තොරව අවසන් කරන ලදී. සියළුම ආගම්වල පූජක තුමන්ලා සහ බෞද්ධ ස්වාමීන් වහන්සේලා විසින් ආගමික කටයුතු සිදුකරන ලදී. ප්‍රථමයෙන් ආගමික කටයුතු සිදුකළ අඟුරුකාර මල්ල බෝධිරතනාරාමයේ පූජ්‍ය යටවත්තේ ඥාණාරාම නායක ස්වාමීන් වහන්සේ ආගමික කටයුතු අවසන් කොට පංසලේ හදිසි කටයුත්තක් සඳහා පිටත්විය. රාජිත ඇමති තුමා පැමිණියේ හින්දු පූජක තුමා තම ආගමික කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවේදීය. සමහර මාධ්‍ය මෙම උත්සවයේ ඇද සොයමින් සිටි අතර එවැනි ඇදයක් මතුකර ගැනීමට නොහැකි විය. උත්සවයේ සියළු දෑ සාර්ථක කර ගැනීමට එහි සංවිධායක වරු සමත් විය. අවසන භෝජන සංග්‍රහයක්ද සමඟින් මෙහි කටයුතු අවසන් කරන ලදී. නමුත් දේශපාලනික වුවමනාව මත ඒ සඳහා ජාතිවාදය දඩමීමා කර ගැනීමේ වුවමනාවක් තිබුනු බවනම් පැහැදිළිව පෙනෙන්ට තිබින.

අන්තවාදයට සාමාන්‍ය මිනිසුන් අතර කිසිවෙකුගේ කැමැත්තක් නැත. මන්ද අන්තවාදය සහ ත්‍රස්තවාදය සිංහල දෙමල මුස්ලිම් යන සියළු දෙනාට පීඩාවක්ම ගෙනදෙන බැවිනි. නමුත් මෙම තත්වය පදනම් කර ගනිමින් සමහර පිරිස් උත්සාහ දරන්නේ සාමාන්‍ය ජනතා සිත් සතන් තුළ ජාතිවාදී බීජ වපුරන්නටය. ඒ සඳහා සමහර දේශපාලකයින්ගේ සහායද ලැබෙන බව පැහැදිළිය. අගරදගුරු තුමා නිතර පැහැදිළි කරන ජාතීන් අතරවන සාමය පිළිබඳ පනිවිඩය ඉහත සඳහන් කරන ලද පිරිස් සඳහා බීරි අලින්ට වීනා ගායනා කරන්නාසේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article