spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව සංචාරක කලාපය අවදානමේ ! මහ දවාලේ හොරකම් වැඩිවෙයි ! පොලිසියත් නිහඩද ?

Must read

ඡායාරුපය සිද්ධිය අදාල එකක් නොවේ.
ඡායාරුපය සිද්ධිය අදාල එකක් නොවේ.

 


(12.30 pm ) මේ දිනවල ලංකාව පුරාම සංචාරක කලාපයන්හි ආරක්ෂාව ගැන ඇති ප්‍රශ්ණය ගැන පුළුල් කථාබහක් මතුව තිබේ.අදාල බලධාරින් කියා සිටින්නේ අදාල කලාපයන්ගේ සංචාරක පොලිසි ස්ථාපිත කළ යුතු බවත් අදාල කටයුතු කාර්යක්ෂම කළ යුතු බවත්ය.
තතු එසේ වුවද මිගමුව සංචාරක කලාපය තුලත් දැන් මහදවාලේ හොරකම් සිදුවන්නට පටන් ගෙන තිබේ.මෙහි අළුත්ම ගොදුර වි තිබුනේ බ්‍රිතාන්‍ය ජාතික යුවතියකි.
අප්‍රේල් 01 වෙනිදා ඇය නැවති සිටින පළගතුර ප්‍රදේශයේ නවාතැනකින් පාපැදියක් ගෙන නගරයට යන අතරේදි කුඩාපාඩුව පල්ලිය අසලදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඇගේ අත්බෑගය බලහත්කාරයෙන් උදුරාගෙන ගොස්  තිබුණි.
ඇයගේ බැංකු කාඩ් පත් ,ශ්‍රිලංකාවේ වලංගු මුදල් ,වටිනා ජංගම දුරකථන 2 ක් ද එහි විය.
මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබුණ අතර ඇයගේ මිතුරන් විසින් සිය තානාපති කාර්යාල මගින් සංවාරක ඇමතිවරයාවද දැනුවත් කිරිම හරහා ඉහල පොලිස් නිළධාරියෙකුගේ මැදහත්විමද මේ පැමිණිල්ල පිළිබදව සිදුවිය .
අදාල සොරාගැනිම සිදුව සුළු වේලාවකින් ඇගේ ජංගම දුරකථන අංක 11 වෑබඩ පාර මිගමුවේ ප්‍රදේශයේ තිබුණ බවද ගුගල් දත්ත සටහන් විසින් අනාවරණය වි තිබුණි.
කෙසේ වෙතත් මේ හොරකමට අදාලව පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන සතුටුවිය නොහැකි තත්වයක් මතුව තිබුනේ මේ සම්බන්ධයෙන් ඇතැම් නිළධාරින් ගේ වෘත්තිමය නොවන හැසිරිම් හේතුවෙනි.
විශේෂයෙන්ම සංචාරක කලාපයන් හි මෙවැනි සිදුවිම් වලදි අදාල පොලිස් නිළධාරින් සිය වෘත්තියභාවය උපරිම ලෙසින් ක්‍රියාත්මක කරමින් මැදිහත්විය යුතුව තිබේ.
එහෙත් මෙම සිදුවිම අරභයා එය එසේ නොවු බවට දැනටමත් කරුණු වාර්ථා වි තිබුණී.
කෙසේ වෙතත් මිගමුව තුල කඩුකාරයන් බහුල වෙමින් මහ දවල් හොරකම් සිදුවන්නේ නම් එය සංචාරක ව්‍යාපාරයට  එල්ල කරනු ලබන අනිවාර්ය මරු පහරකි.
එය වහා පාලනය කිරිමට පොලිසිය නිසි පියවරන් ගතයුතුව තිබේ.
මේවන් හොරන් කුඩුකාරයන් ආරක්ෂා කරන තත්වයක් මිගමුවේ දේශපාලන අධිකාරිය විසින්ද සිදුකරමින් තිබෙන පසුබිමක පොලිසියේ වගකිම ඉතා ඉහල මට්ටමක තිබිය යුතුමය.
නැතිනම් සංචාරක පුවරයද කුඩ්ඩන්ටම ගිය කලායපයක් වනු නොඅනුමානය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article