spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු විශ්‍රාමිකයෝ 50 වන සංවත්සරය මහ ඉහලින් සමරති !

Must read

DSC_0070

(4.00 pm )මීගමුව  රජයේ  විශ්‍රාමිකයන්ගේ  සංගමයේ   ස්වර්ණ  ජයන්ති  සැමරුම  හා   50  වැනි  සංවත්සරය  ගරු  සභාපති  සරත්  මීපුර  මහතාගේ   මෙහෙයවීමෙන්  අද (  22දා) මීගමුව  රුකමණිදේවි රංග  ශිල්ප  කේන්ද්‍රයේදී   පැවැත්වින. මෙම  උත්සවයේ  පළමු  කොටස  ස්වර්ණ  ජයන්ති  සැමරුම  වෙනුවෙන්ද  දෙවන  කොටස  සාංවත්සරික  මහා  සභා රැස්වීම  වෙනුවෙන්ද  වෙන් කර  තිබින. මේ අනුව   සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කරන ලදී.  දෙවැන්න වූ  සාංවත්සරික  මහ  සභාව  තුළ  විශ්ෂයෙන්  නවනිළධාරි  මඩුල්ලක්  පත් කරන  ලදී.  ඊට  අමතරව  අවුරුදු  25ක්  සම්පූර්ණ වූ   සාමාජිකයින්ට   උපහාර  පිදීම,  රැස්වීම්  වාර්ථා ,  අයවැය  වාර්ථා  ඉදිරිපත්  කීරීම්  අතරතුර    ජනාධිපතිට  අගමැතිට  සහ  රාජ්‍යපරිපාලන  ඇමතිට  ඉදිරිපත්  කිරීම  සඳහා  යෝජනාවක්  සකසා  තිබින. ඒ  මෙසේය.

_  2016ජනවාරි  මාසයේ  සිට  රජයේ  සේවකයින්ගේ  වැටුප  රු.දස  දහසින්  වැඩිකිරීම  පිළිබදව  අපි අපේ  සතුට  හා  ප්‍රසාදය  ඔබ තුමන්වෙත  පළකර සිටිමු.  රාජ්‍ය විශ්‍රාමිකයාගේ  විශ්‍රාම  වැටුප  2020  දක්වා  වැඩි  නොකිරීමට  ගත් තීරණය  ඉවත් කරගැනීම  පිළිබඳව ද  ස්තුතිය  පුදකර  සිටිමු. එහෙත්  2016  රාජ්‍යසේවක  වැටුප්  වැඩිකිරීම  නිසා  2016 ට  පෙර  විශ්‍රාම  ගත්  රාජ්‍ය  සේවකයින්ගේ  විශ්‍රාම වැටුප්  ඇතිවී  ඇති  බරපතල  විෂමතාවය  කෙරෙහි  අවධානය  යොමුකර  එම විෂමතාවය  ඉවත්කරන  ලෙසත්,  රාට්‍ය සේවකයින්ට  ලබාදෙන  ජීවනාධාර  දීමනාව  විශ්‍රාමිකයාටද    අඩු නැතිව  ලබාදෙන  ලෙසත්  මීගමුව  රජයේ  විශ්‍රාමිකයින්ගේ  සංගමය  ඔබතුමන්වෙත   යෝජනා කර සිටියි.  මේ  අතර සියළු දෙනාටම  දිවා  ආහාරයක්ද මෙහි  සාමාජිකයෙකුවූ  පී.පී.  රංජිත්  මහතාගේ  පරිත්‍යාගයෙන්    ලබාදෙන  ලදී.  ඉන් පසු නව  සභාපති  තුමාගේ  කතාවෙන්  සහ ලේකම්  තුමාගේ  ස්තුති  කථාවෙන්  පසු   මෙම උත්සවයේ කටයුතු  අවසන්  කරන ලදී.

????????????????????????????????????

????????????????????????????????????DSC_0092

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

 

DSC_0132

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article