spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු නගරයේ අපරාධ සහ පොලීසියේ මැදිහත්වීම…

Must read

police 4මීගමුව නගරයේ සිදුවන විවිධාකාරයේ සොරකම් හා සුළු අපරාධ සම්බන්ධයෙන් මීගමුව  පොලීසියේ   අපරාධ අංශයේ  ස්ථානාධිපති වන  ආනන්ද  හේරත් මහතා  සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි.

2018 පෙබරවාරි 18 වන  දින  මහ දවල්   ඒත්තුකාලේදී   සොරකමක්  සිදුවී  ඇති අතර  මේ සඳහා  අත්  ආවරණ  භාවිතා කළ  සොරුන්  ඉදිරිපස  දොරෙහි   කොන්ඩිපට්ටම   ගලවා   දොරකඩා   නිවසට  ඇතුල්වීඇත. නිවසේ  තිබුණු  රන්භාණ්ඩ,  මුදල්,  ලැප්ටොප් 1ක්,  ටැබ්1ක්,   ඇපල්  අයිපෝන් 1ක්,ආදී  වශයෙන්   රු. දශලක්ෂ  තුනදහස් පන්සියයක  වටිනාකමක්  සහිත   දේවල්  සොරාගෙන ගොස් ඇත. මෙම සිදුවීම  ගැන  අපට තොරතුරු   අනාවරණය  කළේ   මීගමුව  පොලීසියේ   අපරාධ අංශයේ  ස්ථානාධිපති වන  ආනන්ද  හේරත් මහතා  විසිනි.  මේ සඳහා  තිදෙනෙකු  සම්බන්ධවී  ඇත CCTV දර්ශන ,දුරකථන කුළුනු  වාර්තා  උපයෝගී  කරගනිමින්. ඉන්  දෙදෙනෙකු   ඔවුන්  පැමිණි  යතුරුපැදියද  සමග  අත්අඩංගුවට ගැනීමට  පොලීසිය   සමත්වී ඇත.එක්  අයෙකු සෝමදාසන්  දිනේෂ්  කුමාරන් ( 27)  වනඅතර  අනෙක්  පුද්ගලයා  අජිත්  ඉන්දික (37)  නම්වූ  විවාහකයින්  දෙදෙනෙකි.  මොවුන්  වැලිමඩ  ප්‍රදේශයෙන්  රැකියාවක්  සොයා   කොළඹට   පැමිණ ඇති  අතර  එක්  අයෙකු  මත්ද්‍රව්‍ය  භාවිතයට  හරුවී ඇත.
මීට  සම්බන්ධවූ  තුන්වැන්නා   ගැන  සෙවිල්ලෙන්  සිටින  බව පැවසූ   හේරත්   මහතා   ප්‍රකාශ කළේ  මෙහි  මූලික  හේතුව  වන්නේ  මත්ද්‍රව්‍ය   බවයි.  මෙවැනි   සොරකම් වළක්වා  ගැනීම  සදහා  බුද්ධිමත්ව  කටයුතු  කිරීමේ  වැදගත්  කම  ඔහු  අවධාරණය  කරන්නේ  සොරකම  කරන  පුද්ගලයින්   නිතරම  උපක්‍රමශීලීව  කටයුතුකරන  බැවිනි.  මෙහිදී   මතුකළ  කරුණු  කිහිපයක්   පහත  දැක්වේ..

නිවෙස් වලට පනින සොරුන්ගේ නිරීක්ෂණ

*සමහර පුද්ගලයින්  නිවැසියන්   නිවසේ  සිටීද  නැතිදැයි   සැකහැර  දැනගැනීමට  ගලකින්  ගසා   බලයි.

*ඉබ්බන්   එලියට  දමා  වසා  ගිය  විට  නිවසේ   කිසිවෙකු  නැතිබව  ඔවුන්  දැනගනියි.

*දවල්  දවසේ   ලයිට්  දමා  යෑමෙන්   කිසිවෙකු  නැතිබව  දැනගනියි.

*නිවස  ඉදිරිපිට  විවිධ  උපකරණ   දමා  යෑමෙන්  එය  සොරුන්ට  උපයෝගී  කරගැනීමේ  හැකියාවක්  ඇත.3

*CCTV කැමරා  තිබුනද  අංක  තහඩු  දුර්වර්ණ   කර ගනිමින්  නැතිනම්  කඩා ගනිමින්   අනෙකා  මුලා  කිරීමට   ඔවුන්  සමත්  වේ.  එසේම   වෙනත්  පළාතක   පුද්ගලයෙකු නම්  ඔහු  ගැන   සොයාගැනීම  ඉතා   අපහසු  කරුනකි.

*ඒත්තුකාල වැනි   ප්‍රදේශ  වල   ත්‍රිවිල්  වල  කැබිවල   මුදල්  ආදිය  දමායන බවත්,  මෙහිදී  ඒවා  සොරා ගන්නා   හෙයින්  නිතර  අවධානයෙන්   සිටීමෙන්  මේවා  වළක්වා   ගතහැකි  බවත්,  යතුරුපැදි   ලොක්  කර  තැබීමේ  අවශ්‍යතාවයත්,   අංක  තහඩු   නැති  වාහන   ගැවසේ  නම්  ඒගැන  අවධානයෙන්  සිට  පොලීසියට  දැනුම්  දිය යුතු බවත්  පොලීසිය  අවධාරණය  කරයි.

මාල  කඩාගෙන  යාම

මීගමු  නගරයේ  තවත්   ප්‍රධාන   අපරාධයක්  ලෙස   හේරත්  මහතා   සඳහන්  කරන්නේ මාල  කඩාගෙන  යාමයි. මෙහිදී   මිනිසුන්   ගැවසීම  අඩු   ස්ථාන  වලින්   යන  කාන්තාවන්   ගොදුරු  කර ගැනීමට  මෙම පුද්ගලයින්  නිතරම   උත්සාහ  කරයි.  වෑබඩ  පාර  වැනි  ස්ථාන  මීට  උදාහරණ  ලෙස දැක්වේ. එසේම    අවේලාවන්හි  අනවශ්‍ය තැන්වල අනවශ්‍ය   ලෙස  රන්මාල  ආදිය  දමාගෙන  ගමන් කිරීමේ  හේතුවෙන්  මෙම  තත්වය  ලගාකර ගන්නාබව  පැහැදිළි   කරුනකි.

මීගමුවේ තවත්  ප්‍රධාන   ප්‍රවනතාවයක්  ලෙස  සඳහන් වන්නේ   බාල වයස්  කාරයින්   අතර වන ලිංගික  සම්බන්ධතා  මත  වන  අපරාධයි.   මේවා  ඔවුන්ගේ   කැමැත්ත  මත සිදුවුනද  නීතිවිරෝධීය. එමෙන්ම  නගර සෝභිනියන්  පිළිබඳවද   ආරංචිවූ  වහාම  ඔවුන්   අත්අඩංගුවට  ගන්නා   නමුත්   එවැනි  අයාලේ   යන  පිරිස ගැවසෙන  බවත්   හේරත්   මහතා  පැවසීය.

ඉහත සඳහන්  ප්‍රකාර   අපරාධ අංශයේ  ස්ථානාධිපතිවන  හේරත්  මහතා  ඇතුළු  කාර්්‍ය  මණ්ඩලය  ඉදිරිපත්  කරන  කරුනු   මෙහිදී   වැදගත්  වන්නේ  මීගමුව   යනු  විශේෂ   නගරයක්  වන  නිසාවෙනි.  එයට    එක් හේතුවක්  වන්නේ    විවිධ  තරාතිරමේ  පිරිස්  මෙහි   ගැවසීමයි.    අපරාධකරුවන්ට  ව්‍යාපාරිකයින්ගේ   වේශයෙන්  ,   සමාජ සේවකයින්ගේ  වේශයෙන්,  කුලීවැඩ  කරන  කම්කරුවෙකුගේ  වේශයෙන්, ආදී  ඕනෑම   ආකාරයකින්  පෙනී  සිටිය හැක.  අප  ඉහතින්  ස|හන්   කරනලද  සොරකම   සිදුවූයේ  පිටින්  පැමිණි   පුද්ගලයින්  මැදිහත්  වීම  නිසාය.   එමෙන්ම  ජනතාවද  බුද්ධිමත්විය යුතුය. මුදලිª  මෙන්ඩිස්  මාවත  තහනම් තැනක්ව  තිබියදීත්   යතුරුපැදි ආදිය   නතර  කර  ඒවා  සොරුන්ට  අයිතිකර   ගැනීමට  ඉඩ  සකසා  දෙන්නේ එබැවිනි.  මේ  තත්වයන්  අනුව  ජනතාවත්,  පොලීසියත්  අවධියෙන්  සහ  අවබෝධයෙන්  සිටියහොත්   සිදුවන  අපරාධ  අවම කරගතහැක.

police


සැම්සන් ඥානසිරි

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article