spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු නගර සභා සේවයකයෝ පඩි පිට නිමල් ලංසාගේ මැතිවරණ වැඩවල ! විපක්ෂය මර නින්දේ ?

Must read

නිමල් ඊයේ උදෑසන ( 02 ) 6.00 ට මීගමුව මහ නගරසභාවට ⁣සුපුරුදු සේවය සඳහා පැමිණි නගර සභා සේවකයින් කැඳවා රැස්වීමක් පවත්වා තිබින . එය පවත්වා තිබුනේ නගරාධිපතිවරයාගේ අයියා විසින්ය. සාමාන්‍යයෙන් උදෑසන එවැනි රැස්වීමක් පවත්වා සේවකයින් දැනුවත් කිරීම යහපත් නගරසභාවක යහපත් ලක්ෂණයකි.
නමුත් මෙම රැස්වීම පවත්වා ඇත්තේ නගරාධිපතිවරයා නොව ඔහුගේ අයියාය. එයට හේතුව වී ඇත්තේ කරන වැඩ සම්බන්ධ දැනුවත් කිරීමකට නොව ලඟදී පැවැත්වෙන මහ මැතිවරණයයි.
මහමැතිවරණයේදී තමන්ට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලීම මෙම රැස්වීමේ අරමුණ වී ඇත . මෙම සේවකයින් භාරව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මේ කිසිවක් පිළිබඳව කිසිවක් කළ නොහැකි තරමට එම නිල තනතුරු හෑල්ලුවට ලක්වී ඇත .
නාගරික කොමසාරිස් ගේ සිට ඉංජිනේරු තැන, මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ආදී සියළුම දෙනාටම නිසිලෙස තම රාජකාරි කටයුතු ඉටුකළ නොහැක . සමහර සේවකයින් පූර්ණ කාලීනව නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු මෙහෙයවන බැවින් නගරසභාව විසින් පවරා ඇති නිල සේවය ගැන තැකීමක් නොකර , කිසිදු වගකීමක් නැතිව කටයුතු කරන බව ආරංචි වේ .
එයට හොඳම උදාහරණය වන්නේ මඤ්ඤොක්කා හේන සුසාන භූමි පාලකයා වන ගයාන් නමැත්තාය.
ඔහු රාජකාරිය පසෙකලා ඉහතකී පරිදි නිමල් ලංසා වෙනුවෙන් මැතිවරණ වැඩ සඳහා ක්‍රියාත්මක වැඩ කොටසක් ඉටුකරන බව තොරතුරු ලැබී ඇත . මැතිවරණ කොමසාරිස් තුමා ඉතා සූක්ෂ්ම ක්‍රියාවන් පවා මැතිවරණ දූෂණ ලෙස නම් කරද්දී , ඒ පිළිබඳව රූපවාහිනී නාලිකා තුළ පැහැදිළි කරද්දී , දේශපාලකයින්ගේ මෙවැනි මැතිවරණ දූෂණය පිළිබඳ පැහැදිළි සාක්ෂි සහිත කටයුතු ගැන කලයුත්තේ කුමක්ද ? යන ප්‍රශ්ණය ඉදිරියේ කලයුත්තේ කුමක්දැයි අපි වගකිවයුත්තන්ගෙන් විමසා සිටිමු .⁣
මිගමුවේ ඇති වඩාත්ම කාලකණ්නි තත්වය නම් පණ ඇති විපක්ෂයක් නොතිබිමය.විපක්ෂනායකම දරන රවිජිවානන්ද යනු ලංසාගෙන් අගේ යැපෙන රූකඩයකි.
ආසන සංවිධායකයා වන කාවින්ද ජයවර්ධන නගරාධිපති දයාන් ලංසාගේ රාත්‍රි මිතුරාය.ජවිපෙ මන්ත්‍රීලාද මේ සිදුවන දහසකුත් එකක් අක්‍රමිකතා ගැන අඩුම තරමින් කරුණු සොයා බලා කියවා ඒවාට එ⁣රෙහි වන්නට තරම් කොන්දක් නැති තොත්ත බබාලා පිරිසකි.ඉතින් මේ සියල්ලේ වාසිය උපරිමයෙන් ගන්නා ලංසා පවුල මහජන බදු මුදල් කිසිදු හිරිකිතයකින් තොරව සිය මැතිවරණ සටනට යොදවති.මීගමුවේ සිටිනවා යැයි කියන සිවිල් සංවිධානයද සිවල් සංවිධානය ගානට වැටිඅත.ඒඅයද මිගමුවේ අක්‍රමිකතා ගැනඉන්නේ මර නින්දකය.මේ ඇතැමුන්ට මෙවන් අක්‍රමිකතා වලට එරෙහිව හඩනග්නනට විදේශ ආධාරද ලැබෙනවා විය යුතුය.එහෙත් නිහඬය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article